ෂෙහාන් කෞශල්‍යය. 2 years ago 259 1 0
ඉඩොරයේ
අමනාපයෙන් හැරදා ගිය
නුබේ සිත යළි
නොහමුවීය....
නුඹට තැනු මල්
වසන්තයේ අද පිපී ඇත
මල් පැණි උරන්නට
නැතුවද බඹරැන්....
නුඹ සිත්තම් කල
දේදුන්න මෙහි නැත
මල් පර වු දා
මොනවද
උරන්නේ බඹරැන්....
නුබේ රූපය දෙස
බලා ඉන්නා මට
මළවුන් පිරි
කනත්තක් දෝ මේය
නමක් දාන්නට
නොසිතුනි මට මේ කතාවට
කුමන බැදීමක් දෝ මේය
නොවැටහේ මට....
✍කෞශල්‍යය....