Ranatunge Jayawardene 2 years ago 402 0 0
දර දමා රොඩු දමා තැබූ ගිනි නිවුන දා ගියේ කොහි ගිනි දැල්ල ? *** නැති වුනා තොර වුනා කෙලෙස් දර කෙලෙස් රොඩු ඇවිල වූ සසර ගිනි. ~~~~~~~~~~~~~~~~~ රනේ/17ඔක්23/ සසර ගිනි
Ranatunge Jayawardene 2 years ago 369 0 0
දුර ඉඳන් බැලුවට, මං කොහොමෙයි ඉල්ලන්නෙ කාටවත් ගරුසරු නැති උඹෙන්, සිහිලක්? ________________________ රනේ/12ඔක්23/ ගිණිකන්ද
Ranatunge Jayawardene 2 years ago 370 0 0
ජීවිතය බැර කරන් දිනා ගත් වත්කම ම මා දෑස ඉදිරියෙම ක්ෂය කළද ඔබ සබඳ +++ නික්ම යාමට ප්‍රථම ඔබව හිමිකමක් වී තිබු කාලය ගැන ම සිතමි මම නිරතුරුව. +++ වග කීම පැහැර හැර දිග කාල රාමුවක ගෙවූ වියදම් දිවිය අසමතුලිතව දමා මට ද යා යුතුව ඇත. +++ අය පසද වැය පසද සමව හිමි නොවන බව ඔබ මෙන්ම ප්‍රිය සබඳ දනිමි මා ස්ථිර ව. +++ අලාභය මා සතුය ලාභ ගෙන යා හැකිය දිවිය තුල ඔබ දකින ශේෂ මේ ව්ය යුතුය. _____________________ රනේ/28මාර්තු20/ගිණුම
Ranatunge Jayawardene 2 years ago 298 0 1
මා පැරදුවා මම ඒ මා නිසා නොව ඒ ඔබ නිසා ~~~~~~~~~~~~ රනේ/11ඔක්23/කැපවීම
Ranatunge Jayawardene 2 years ago 268 1 0
සය දොරින් පිවිසිලා වේදනා නාමයෙන් සන්නමක් ගොතාලා සංඛාර හැදී ලා විඤාන පෙළහරින මිරිඟු වේ දැවි දැවී වෙලී ලා එරී ලා අවිද්‍යා මම ම වෙද? දෘෂ්ඨියෙන් වෙලි වෙලී සදාතන නිරුදකේ මාර සෙනගත් සමග දුකම සතුටක් බවට පිළිගෙනම සිටින්නේ අන්ධ වී, බිහිරි වී. ~~ ~~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ කතර/03ඔක්2021/රනේ
Ranatunge Jayawardene 2 years ago 259 0 0
ගත රැලි තරමට ලෙඩ නැති සිත මේ මොහොතෙත් මා අත නොහැරම රහසෙන් පවසයි නිතරම මට අවසන් කරමු ද යා හැකි දුර ? ---------------------------------- රනේ/09ඔක්2021/වියපත් නැති සිත
Vinod 2 years ago 262 1 0
Every one ask me, Why are you still single????? I always say them....... Yes I'm single..... Because, God is busy in writing a beautiful love story between Me and my Love..... Written by VINOD
නදී ..✍???? 2 years ago 301 0 1
නිශ්ක්‍රිය වෙලා තිබුනත් සක්‍රිය වෙන්න දතකන බැදීමක් කියන්නෙම තනිකර ගිනි කන්දක්❕ නදී රුබසිංහ ????️
Pasan Gimhana 2 years ago 361 2 1
දිනෙක ලංවුනු දිනෙක වෙන්වුනු අකුරු අතරින් අහඹුවක් ලෙස හදේ ගැඹුරුම තැනක ලියවුනු ගුරු දෙවිවරු ලෙසින් නම් දැරු.. වසරකින් වෙන් වෙලා යන විට හැගුම් මිහිදන් කරන් හිත තුළ අලුත් දෙවිවරු වෙතට යන විට දුකක් දැනුනේ නොසිතු විලසට.. පුංචි කෝටුව රැගෙන එන විට නුබව පෙනුනේ මෑණි විලසට යහමගට ගන්න අප සැම වින්ඳ දුක් අප දැක්කා සැම විට.. වසන් කරගෙන ප්‍රේමේ අප හට දිනන්නට ලොව පෙන්වූ මග ඔබ දින්න දින ලොව සැවොම එකතුව ප්‍රේමේ පෙන්නුවේ ලොවක් තරමට...
Dila ???? 2 years ago 386 1 3
සඟවා දමන්න සඳවත දුක් සුසුම් මැද මේ දැනෙන පාළුව අර පෙනෙන දුර කඳු මිටියාවතෙහි හිස තියාන ඔහු ළය මත තරු ගණින දවසක් එනවා ළගදීම ඒ කඳු මුදුන් ඉමේ වසන්තය අහිමි හිත් මත මල් පිපෙන්න පටන් ගෙන ඵල දරන්නට නියමිත බැවින් අවාරයේ එතැන් සිට... කඳුල නුඹ මා, අතැර යා යුතුය ඉඩදී... හිනැහෙන්න හිත් පුරා මට නිදහසේ !
pasii.. 2 years ago 329 1 0
හුගක් අය හිතනවා love එකක් තියෙන්නම ඕන කියලා. ඇත්තටම බොරු වැඩක් ඒක. ඔයා ඔයාගේ ජීවිතයේ ඔයාට තියෙන හීන හැබෑ කරගෙන ඉස්සරහට යද්දී හොදම කෙනා ජීවිතයට ඒවි හරිම වෙලාවට. ඒ නිසා කලබල වෙන්න එපා love කරන්න. "හීන හැබෑ කරගන්න උපරිම try කරන්න...❤️" ▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁ Pasii...
ෂෙහාන් කෞශල්‍යය. 2 years ago 321 2 0
සද එළිය කියාදුන් මියුරු නැළවිලි ගී අතර ගොළු වී අසරණව බලා සිටියෙමි කොනක අදුරු සෙවණැලි අතර නුහුරු නුපුරුදු ලොවක නුබත් සැතපෙන යුවතියකි සද එළිය පෙන්වූ.... ✍ෂෙහාන් කෞශල්‍යය....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps