Chamila 2 years ago 275 0 0
සතුටෙදි සමරන්න එන යාලුකම් වලට වඩා..
දුකේදී සනසන්න එන යාලුකම හැමදාමත් වටිනවා.
යාළුකම කියන්නෙත් මේ ලෝකෙ තියෙන තවත් එක්තරා ලස්සන බැඳීමක්.
ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ කාටත් හොද යාලුවෙක් ඉන්නවා නං අන්න ඒක මාරයි...
ලෝකයා විසින් මවා ගත්තට විකාර සිතුවිලි ලෝකයේ කොහෙවත් ලියවිලා නෑ ගැහැණු ළමයෙකුට ගැහැණු
ඉන්න ඕනා පිරිමි ළමයකුට පිරිමි යාලුවෙක් ඉන්න ඕනමයි කියලා නේද...???
මං බය නැතුව කියනවා මට ඉන්නේ හොඳම පිරිමි යාලුවෙක් කියලා...
අඩේ බොක්ක කෑවද බිව්වද මොකද කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නම් කියපන් මං එකෙන්ම ඉන්නවා බං.අන්න ඒ වචන ටික මාරම පට්ටයි...
මගේ යාලුවා මට විටෙක සහෝදරයෙක් තවත් විටෙක තාත්තා කෙනෙක්
උඹට මොන ප්‍රශ්න තිබ්බත් ඒ එකක්වත් මට හඟවන්නේ නැතිව මගේ ප්‍රශ්න වලට උඹ මැදිහත් වුණා නේද අන්න ඒක මාරයි බං.