චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 317 3 1
හීන් වැහි බිඳු අරං නිළි වැස්ස ඇවිත් යයි මල් වදුළු තෙමාහැර අදුර අහසට බෙදයි... නිසංසල හිත් විලම අහස් අදුරට හඩයි වැස්ස නුඹ අරං එන පාළුවට මං බයයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 347 3 2
පෙර රැයේ ඇද වැටුණි මහ අනෝරා වැස්ස... අපේ ගම හරි මැදින් අහස් ගඟ ගැලුවා ද... මහ දෙණියෙ කොණක අද මම අසා ඉමි සද්ද... මාළුවෝ වැහි කළුව ගැන කතා කිව්වා ද... ඇළ හරි පෙමින් ඉද්ද ගස අරන් ගියා වත්ද... මහ කොස් ගහේ අත්ත බිම දැම්මෙ ඇයි හුළග... අවාරෙට ගෙඩි හැදෙන අඹ ගස මමත් දන්න දෙණියෙ හුළගත් එක්ක ඉදුරුවේ ඇයි වැස්ස... ඉත්තෑවො නිතර එන ගුරුපාර ළග ලන්ද පොළව සිප ගන්නටම සමතලා කළ වැස්ස... ඊයෙ රෑ පුරාවට ඇද වැටී වෙහෙසයි ද ගගන මායිමේ අද නැවතියන් නුඹ වැස්ස... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 273 3 1
නිකිණි ගගනත පුරා හිනාවෙන පෝය සද නිකිණ්ණියෙ අහස හැඩ කරනවා... හිම මිදෙන සීතලත් එක්ක එන සද කිරණ හිත අතීතෙට අරං දුවනවා... සද එක්ක එකතු වී මටත් රහසේම ගොස් මගේ හිත දළදාව වදිනවා... නේක පාටින් දිලෙන රොබරෝසියා අතර මගේ හිත ඉද්ද මල් සොයනවා... තරු නොමැති අහස් ගැබ සඳ ට දැනෙනා තනිය මටත් දැනෙනවා දැයි සද මගෙන් අහනවා... මුවග මදහස තියා මුසා තෙපලනු බැරිව මුනිවතින් මගේ හිත ගොළු වත ම රකිනවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 316 4 5
මා නොදත් දේ කවක් නොවුණේ මමත් මම සොයමින් නිසා... වෙනත් කවියක හිඩැස් පුරවනු නොහැක මට මම නැති නිසා... වරක් දෙවරක් සොයා යන්නට මලක් වුව මිය යනු බලා... ලොවක් අද්දර බලා ඉන්නෙමි මම කව්ද මම හොය හොයා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 344 9 23
මතකයේ සිව් කොණ ම දග කෙරුව නුඹ නිසා මතක පොත පුළුස්සා හලෙමි මම මුතු කතා නොතිත් ගනදුර සැපකි සදත් මට විලිස්සා තෙරක් නොපෙනෙන රළක හැගුම් තනි කළ නිසා - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps