Ranatunge Jayawardene 1 year ago 220 0 0
එළි මහනේ, ගිනි අව්වේ හිඳගෙන අන්ඩ දමා ඇති කලිසම් කඩ හැඳි කම්කරුවෙකි, මම ඔබ සිතනා ඒ නිවාඩු ගන්නැති. * මුතු කැට යැයි ඔබ කවියෙන් පවසන සියොළඟ ගලනා; අව්වේ දිලිසෙන ලුණු රස ඩා බිංදු උල්පත් අඩු නැති. * "හිසටත් ඉහලින් කුළු ගෙඩි ඔසවන ව්‍යායා'යාමයක්" නොවෙදෝ ඒනම් ඔබ සිතනා විට කළු ගල් වලට ද ඉවසනු බැරුවැති. * මගෙ දරුවන් ගැන සිහි කරමින් මම මහ මඟ හිටගෙන දහවල බත්පත බුදිනා බව දුටු ඔබට සිතුති නම් "විවේක සුවයෙන්" හිඳිනා බව මම හිසට එල්ල වූ කුළු පහරක් එය. * රාත්‍රියට මට ජීවත් වන්නට ඇඟේ රුදාවට බෙහෙතක් නැති මුත් රහමෙර, ඹෞෂද නොවෙදැයි සැලකුව මා, දුටුකල ඔබ "කාලකන්නි" ලෙද පිළිකුල් කොට ඇති. * හෙට ඉර පායා මහමග එන විට වැඩි සුව පහසුව ඔබට දැනෙනු ඇති රෑ මැද වන තෙක් අප වෙහෙසුන බව ඒ සිතුවිලි තුල හමුවනු නැතුවැති. * "අයිතිවාසිකම් දිනා" නැවත ඔබ ආපිට එන විට ඉල්ලීමක් නැති හිමි වීමක් නැති කුළු ගෙඩි අත ඇති උදලු දරා ඇති කලු ගල් සිත් ඇති වැදගම්මක් නැති අප හමුවනු ඇති.. ! ----------------------------------------- රනේ/02ජුලි2024/වගකීම්
Ranatunge Jayawardene 1 year ago 187 0 0
හිස් අහස නොම බලමි පොළව මත මා හිඳිමි දිව්යෙ අරුතම සිතමි දහම වෙත නැඹුරු වෙමි +++ කරපු කම් බොහොමයකි විඳින දුක් රාශියකි බව රසය, නීරසකි තව පමා වී නොහැකි ! +++ සසර දිග හැර නොගෙන දහම් මාවත උගෙන සතුන්වෙත කියාදෙන අයුරු විමසා බලන +++ සුතුර දම් කරණ කොට සමථයෙන් වැඩෙන විට ක්ලේශයන් මුලිනු'පුට විදසුනේ පිහිට මට +++ චේතනා බැහැර කර කර්මයට ඉඩ නොහැර ක්‍රියා සිත් පෙරටු කර යලි බවය ඇති නොකර +++ අරුත පැහැදිලි ව මා 'කෙලෙස්' දුරු කර දමා සතර දම් දෙසමි මා එහි දි හමු වෙමු හැමා. _______________________ රනේ/29මාර්තු2020/ බෝසත් සිරිත
Ranatunge Jayawardene 1 year ago 219 0 0
මා හිතවත් සුදු පුන්සඳ , සමාවෙන්න ඉස්සෙල්ලම හඳුන ගන්න බැරිවුනාට ඔයා අපිට මෙච්චර කල්. * ඔබ සතුටෙන් ඉන්නෙ කියල දිගටම අපි හිතා උන්නෙ. ඒක නිසා අපි ඔක්කොම ඔයාට හරි ආස වුනා. * සුරංගනා කථා වල යි බොළඳ ම පෙම් කථා තුලයි අවිහිංසක ලෝකවලයි ඔයා අපේ පැතුම වුණා * අනේ මංද කොහොමද දැං ලෝකෙට අපි මුහුණ දෙන්නෙ?... චීනෙ ඈයො කථා හදල? * ඔයා ඉන්නෙ දුකෙන් කියල චීනෙ පුරා හරි ජරමර කළුවර පැත්තක් තිබේලු එහෙට එළිය එන්නෙ නෑලු "දුර දිග නොබලා කියනා අහංකාර චීන කථා !" මං නං එහෙමයි හිතන්නෙ .. * ඒ වුනාට සඳේ ඔයා දුක සැප දෙක තුලිත කරන් හොඳ මූනම පෙන්නා ගෙන අපි ගැනමයි හිතල ඇත්තෙ * හැම දේමත් ඔහොම තමයි ටික කාලෙකට යි රැවටිලි ලෝකෙ ඈයො බෑ හදන්න එපා ඔයා දුකක් ගන්න * උගත් ඈයො මොනව කලත් අපේ කිසිම වෙනසක් නෑ අපිට ඔබේ අඩුවක් නෑ අදටත් ඔබමයි මගෙ සඳ හෙටත් ඔබයි මගෙ සුදු හඳ ! ---------------------------------------------------- රනේ/27ජුනි2024/ මගෙ සුදු හඳ
Ranatunge Jayawardene 1 year ago 236 0 0
විටෙක ඔබ මහ කළු වලාවක් පුන් සඳ මුවා කර මගේ ලෝකය අඳුරු කරන * විටෙක ඔබ දැඩි අකුණු සැරයක් මගේ හදවත කීරි ගස්සන * විටෙක ඔබ රළු කුණාටුවක් මයි මගේ දරුවන් මගෙන් උදුරන * විටෙක ඔබ ඉරි තැලුන පොළොවයි ඇස් රතු කරන් කඩා හැලෙන කඳුලු වැස්ස උරා බොන * විටෙක ඔබ සැඩ පහරක්.. මා පෙලන * ඒත්, දැන් මම මහ කළු ගලක් දැන දැනම මේ දුක උහුලන. ---------------------------- රනේ/25ජුනි2024/ කළු ගලක්
Ranatunge Jayawardene 1 year ago 208 1 0
පෙර දිගෙන් නිති ගෙනා දේ වනා දුක් වෙනා +++ හෙලයිනේ පෙර දිනේ අපි අපේ වැඩ කලේ +++ යපස් ලෝ යකඩ වී අවි කලා යුද කලා +++ කොහු තලා පං ගොතා වේ වැලෙන් හැඩ කලා +++ වී ද මෑ අල වවා බත දැයේ සරි කළා +++ හෙල බේත් කුල සිරිත් රැකිය යුත් මුතු මැණික් +++ වෙහෙර වැව් කඳුද හෙල් ඇලි ද ගං ව්ඳිමි මං +++ තුරු ලියන් වතු උයන් ගෙඩි මලින් බර කරන් +++ දූ පුතුන් මව් පියන් නෑ සියන් වට කරන් +++ රකිමි මං දනිමි දැන් පින් බිම යි ලක අපේ ! ____________________ රනේ/08අප්‍රේ2020/ පින් බිම
අහිංසකාවි මධු 1 year ago 158 0 0
ඔයාත් මාත් සෙව්වේ මේ සතුට ඇවිත් ගියානෙ ලගින් හිද සැනසෙව්වත් ඔයාත් නොපෙනී හැඩුවා හිස අතගා සිනාසී නළල සිප ගතමුත් ඔයාගෙ කදුලක් මගෙ කම්බුලේ නොදනිම වැටුනා... ළයෙන් මිදුණු ඒ වේදනාව කොහොම කියන්නද ඉතිං මමත් ඉවසුවා ඔයාත් හැඩුවොත් සත්තයි මං නොමැරී මැරෙනවා...✍️
අහිංසකාවි මධු 1 year ago 162 0 1
ජිවිතෙ මගෙ ඇස් ඉස්සරම නැති වෙද්දී සතුට මගෙන් ඉක්මනින් ඈතට අරන් යද්දී මොනදේ මොනවිදිහට හරි වුනදෙන් කියලා හිත හයිය කරගෙන ඉන්න කියලා කියද්දි මට ආදරෙයි කියලා මං දන්නවා .... මාව තුරුළු කරන් අඩන්න බැරි කමට ඔයා ඉද්දි ආදරෙයි කියලා ඔයා නොකිව්වත් මට ආදරෙයි කියලා මං දන්නවා ... මගේ හිස අතගලා පරිස්සමෙන් ඉන්න කියලා යද්දී නිතරම call,msg නොකරත් ඔයා මං ලගින් ඉන්නවා නෙද කියලා මට දැනෙද්දි මට ආදරෙයි කියලා මං දන්නවා .... එකයි අදටත් මං හිතන්නේ ඔයා මගේ දෙවැනි තාත්තා කියලා... ✍️
අහිංසකාවි මධු 1 year ago 162 0 0
Ranatunge Jayawardene 1 year ago 225 0 1
මට දුකයි, කණගාටුයි .. ඔයා ගැන.. ඔයා තාමත් ඉන්නේ 'මම' එක්ක... * මට කියන්න විධියක් නෑ 'මම' ත් එක්ක ඉන්න එපා කියල ඔයාට. කියන්න කොච්චර ඕන වුනත් මට වචන නෑ .. තේරෙන්නෑ.. කියන්න. * කොහොම හරි ඔයා දැනගන්න ඒක.. 'මම' ඉන්නෙ තාමත් ඔයා ළඟ. ඔයාටත් තේරෙයි කවද හරි ඇත්තටම 'මම' නැති වුනාම සියළු කරදර 'මම' නිසා කියල * මට විශ්වාසයි හොඳටම ඔයාටත් දැනුනොත් , තවත් එක මොහොතක් හිතන් නෑ.. ඔයා ඇත්තමයි 'මම' ගැන .. ඔයා අතාරියි 'මම' .. අතෑරල, ඔයා නිදහස් වෙයි .. සැබෑ ජීවිතය තුල සතුටු වෙයි .. ඔයා ඒ 'මම' නැති මම එක්ක ! ------------------------------------- රනේ/23ජුනි2024/'මම'
Ranatunge Jayawardene 1 year ago 203 0 0
කුලී වැඩ කරල හරි අපා දුක් විඳ විඳ උසස් පෙල කරේ, සරසවි ගියේ මගේ සා ගින්න නිවා ගන්නම නෙමේ කියල දන්නවද උඹ.. උඹ හිතුවද එහෙම ..? ** බැටන් පොලු පාර දීපන් තව .. ඔව්, තව දීපන්.. අපි කරේ ලොකු වැරැද්දක් අපි හිතුවෙ, උඹල අපි ඔක්කොම ගැන දුක් විඳින ඔක්කොම ගැන.. ඒක තමයි උඹ නොදන්න, අපි කරන, අපි හැමදාමත් කරන ලොකුම ලොකු වැරැද්ද .. ** කඳුලු ගෑස් ගැහුවට අළුත් කඳුලු ආවෙ නෑ බොල .. ඒ, අපේ පුරුදු කඳුලු .. උඹල හිතලම අමතක කරපු, උඹල අපි කාගෙත් කඳුලු.. ** මට සල්ලි නෑ.. අපි දුප්පත්.. ගෙදරත් ප්‍රශ්න.. මේක මගේ කරුමෙ නෙමෙයි මේ කරුමෙ අපේ.. ඔව්, කමක් නෑ.. තව ගහපන් .. හයියෙන් ගහපන්.. නැති කරපන් අපි මෙතනම දිනපන් තරු, පටි ඔක්කොම උඹ.. ** අපි තරහ නෑ.. උඹල පව් .. උඹල දන්නෑ.. ඔව්, උඹල පලි නෑ .. ඇත්තමයි.. අපියි වැරදි,.. ඔව් අපි වැරදියි! අපි එකට ඉපදිච්ච එක වැරදියි අපි, උඹලගෙ ලෝකෙට ආපු එක වැරදියි ! සමාවෙයන් .. අපිට.. ඔව්.. උඹල පව් .. උඹල ඔක්කොම. ---------------------------------------- රනේ/22ජුනි2024/අරගල
Ranatunge Jayawardene 1 year ago 199 0 0
අලෙවි කරන්නෝ, රූප කැමැත්තන්ට රූප ද; ශබ්ද කැමැත්තන්ට ශබ්ද සුවය ද; සුවඳ කැමැත්තන්ට සුවඳ බහාලුම් ද; රස කැමැත්තන්ට රසය ද; ස්පර්ශය කැමැත්තන්ට පහස ද; භාන්ඩ හෝ සේවා ලෙස අගය කර විකුණා උපයනු ලබන ධනය වක්‍රව හෝ සෘජුව තමාගේ ද පස්කම් සැප සඳහා ම යොදවති. --------------------------------------------------- රනේ/21ජුනි2024/පරිභෝජනය
Ranatunge Jayawardene 1 year ago 215 0 0
සියළු හොඳ තොග අවසන් වී ඇත. ** කලින් පන්නයේ හොඳ නැවත ඇනවුම් කළ ද ඒවා නිශ්පාදනය සීමා කොට ඇති බව හොඳ නිපදවන්නන් විසින් අප වෙත දන්වා එවා ඇති හෙයින් සැපයුම් ඉතා සීමිත වනු ඇත. ** ඒ කෙසේ වුවද ඔබට නැවත හොඳ ඕනෑම නම් පමණක් අවශ්‍ය හොඳ ප්‍රමාණය අප වෙත ඇනවුම් කර, ඒ සඳහා කලින් ප්‍රමාණයට වඩා දෙගුණයක ගෙවීම්ද කර ඉවසීමෙන් කාලයක් බලා සිටිනා මෙන් දන්වමු. ** එසේම, දැන් හොඳ නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය හොඳටම හිඟ බවද එනිසා පහසු ගෙවීම් ක්‍රම වලට නැවත හොඳ සැපයුම් නොකරන බවද දන්වා සිටිමු. ** කලින් පරිදි නරක සඳහා හොඳ හුවමාරුවද සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවද සිහි තබා ගන්නා මෙන් ඉල්ලමු. ** මෙයට, සීමා සහිත හොඳ සපයන්නන් ගේ සංගමය. ---------------------------------------------- රනේ/20ජුනි2024/දැන්වීමයි!
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps