Ranatunge Jayawardene 1 year ago 219 0 1
කළුවරට ම පුරුදු වුනේ එළියට අකමැතිව නොවේ පිරිසිදු කළුවර තුලිනුයි මා 'සිත් පෙල' පහන් වුනේ * කලුවර හැමදා පැවතී එළියක් මතුපිට ට වැටී 'රූපය' හිත තුලට ගියා පැටලිලි අවුලට ම ගියා * ඉසි, කෝ, මඳ, මාන වැවී 'සිත් යායම' අඳුරු වුනා ඒ තුල වූ ක්ලේෂ දැලේ අසු වූ සිත නොමඟ ගියා * 'මිතුරන්' නැති මගේ ලොවේ මා සිත මා මිතුරා වී නිසසල මිහිර ට ඇලලී කළුවර ලොව පහන් කලා! * අඳුරට ලූ කරුණු පෙනී ප්‍රඥාවට හිත ඉඩ දී 'කළුවර කුටිය' කට වැදී නිසසල හිත අවධි කලා! * ධ්‍යානය නම් දැල්ල මැවී විද්‍යාවේ මඟ හෙලිවී සමතයටම සිත යොමු වී විදසුන් පෙර මගට පෙනේ! ------------------------------------------ රනේ/19ජුනි2024/දැහැන
Ranatunge Jayawardene 1 year ago 226 0 0
මම, උඹ දන්නෑ කියලා හිතුවත් අන්තිමේ, ඒ අමාරුම පැයේ හිත කැඩිච්ච පදමට ම පය ගැසූ තැන ඒ දන්ඩ දිරච්ච බව දැනුනේ ඇල පත්ත වැදුනු කලුගල ලිස්සා ඇලට වැටුන සද්දෙට *** උඹේ කෙදිරිය නොඅසා මම මගේ කර බදාන හිටි ලෙසටම ඔසවා වැරක් ගෙන අළුතෙන් පිළි පන්නේ ගුරු පාර මත්තේ වූ අපේ පැල වෙත ඒ උඹේ මාළිගාව *** උඹේ පණ හයියයි ! කෙඳිරි ගෑවත් ඇඬුවෙ නැති වග රැහැයි සද්දෙන් මෙපිටට නෑහුනු මලානික ඉකියට කට්ට කළුවර උදව්වක් දැයි නිකමට මට හිතුනා *** ලිග්ගල් තුන සතුටෙන් දරා හිටි රත් කරපු බතල ගෙඩි දෙක නුඹට රජ බොජුනක් වුනු බව කිරි සිනා තොල් සාක්කියි ! *** මා දෙස නොබලන් නැවත මා පුත එලෙසින් මැටි පොලව සිපගත් මා ඇස තෙත් කල දුලබ කඳුලක් හිරිකඩ හුළඟට නටනා ලාම්පු දැල්ලෙන් යන්තමට මෙන් පෙනුනා *** තෙල් බිංදුවෙන් පණ ගැහෙන තිරකඩට නව එළියක් දීපන් මගෙ පුතේ හෙට උඹ අම්මා කෙනෙක් වෙන්නම් එතකන් නුඹට මම කෙඳිරුනා ඉබේම මට. ------------------------------------------------ රනේ/16ජුනි2024/තාත්තා
Ranatunge Jayawardene 1 year ago 192 0 0
මුල දී බිංදුවේ සිටි ඔබට, මා අගයක් දී; එහි ගුණය වැඩි කර පසුව තව තවත් අගයන් එකතු කරමින් දිගින් දිගටම රැගෙන විත් දිනෙක, ප්රථිඵලය විමසා මා ලැබුයේ තවමත්, මුලින් සිටි අසරණ ඔබ ම නම්... *** මා ප්‍රියය, මා වරද්දා ගෙන නැති මුත්, මා වැරදි යැයි හඟිමින්, නොවෙනස්ව ඔබ මා හදන්නට පමණක් වෙහෙසී ලැබූ සහ ඉදිරියටත් ලබන නියත අගයක් මැයි, ඒ බිංදුව. ------------------------------------------ රනේ/15ජුනි2024/නියතය
Ranatunge Jayawardene 1 year ago 229 0 0
ඉක්බිති දින කිහිපයකින් රහසේ ඔබ ගොස් තිබුනා අප හැම දැනුවත් නොකෙලේ දුක දැඩි බව දැන ගෙන මෙන් *** අසරණ කාටත් සරණ ව සේවය කෙරුනා මොනවට යහළු යෙහෙලියන් අතරේ නුඹ අපෙ රජු මයි තවමත් *** එන විට යන බව දනිතත් හදිස්සියක් නැහැ තිබුනේ දෙව් ලොව සිට නුඹ ආවෙන් නෑ වැඩි කල් මෙහි රැඳුනේ *** කර්මය අවසන් වී දෝ අකමැත්තෙන් පිට වුනි දෝ අන්තිම වචනය කිම දෝ නැවත එන්න මැළි වේ දෝ *** ආපිට ආවොත් ළඟදී හමු වී මා දිවි මගෙ දී පොරොන්දුවක් දිය යුතු වේ නොකියා නොයනා බව ඒ. ---------------------------------------------------- රනේ/16ජුනි2024/ අකල් වියෝව
Ranatunge Jayawardene 1 year ago 263 1 2
ඇලොකේෂියා ගෙනත්, යුකැලිප්ටසුත් එක්ක කේතුධර ගැලපීම කඳුකරේ සැරසීම. *** කොලේ වත් පස් නොවෙන සුදු මහත්තුරු දීපු ගින්නෙනුත් හානි නැති රූල් පොලු ගස් වෙච්චි ලස්සනේ බෑ පෙනුම. *** ඔය අපේ ගෙඩ් හැදෙන කොස්, දෙල් ම, මහ වදේ.. වවුලන්නෙ රංඩුවයි රිලවුන්ගෙ කරදරෙයි හැමදාම ගිල දාල මටත් දැන් වාතයක්. *** නාය ඩිංගක් ගියත් කඳු ටිකක් හේදුනත් වතුර බොර වී ගොහින් වැව් ටිකක් ගොඩ වුනත් උල්පතක් නැතිවුනත් අව් රස්නෙ වැඩිවුනත් ගස් දෙකක් වඳ වෙලා තව ගෝරනාඩුවක්! මේක මහ රංඩුවක්. *** මක්ක වෙනවද බොලං අපි තාම මැරිල නෑ හිටහංකො කට පියං බලපංකො ඒ වගෙද ගහත් හරි ලස්සනයි නමත් හරි සුන්දරයි උඹේ ඊළඟ එකී "ඇලොක්ෂියා" වත්ද වැරදිලා ගියෝතින් "යුකැ'ලිප්ටස්" තමා ගාම්භීර ම, තමයි නැද්ද මං අහන්නේ. -------------------------------------------- රනේ/10ජුනි2024/විනාශය
Ranatunge Jayawardene 1 year ago 222 0 0
නෑ අනේ .. බොරු නෙමේ, ඇත්තමයි සත්තමයි... දන්නෙ නෑ ඒ වගක්, හිතුනෙ නෑ කොහොම ටත්... *** කවුරු වත් කිව්වෙ නෑ මේ ඔයා කියනකම්.. එදා ආවත් තමා ළඟින් උන්නත් එදා හොරෙන් බැලුවත් ඉතින් ගණන් ඉස්සුවෙ සැකෙන් *** මොකට මගෙ මෝඩ කම්, මට ම ලැජ්' ජයි ඉතින්.. දෙවියනේ, ඇත්තමයි, මම මහා මෝඩයෙක්... *** ඒ නිසා, වස්තුවේ .. සැප පතා, මතු බවේ ... ආයිමත් කියන වැයි.. "තාම මං තනිකඩයි..!" ----------------------------- රනේ/07ජුනි2024/ නොතේරීම
Ranatunge Jayawardene 1 year ago 242 0 0
ඔබ ව හමු වූ එදා අව් සැරය සැප වුනා දුහුවිල්ල පිනි වුනා ගෝෂාව ගී වුනා කුස ගින්න නැති වුනා *** ඔබේ අත ගත් දවස ඔබෙ වුවන සඳ වුනා අහසෙ තරු දිලිසුනා මල් සුවඳ තේරුනා හුළඟ පවනක් වුනා *** ටික කලක් පාවුනා නෙලු පලා මැල වුනා පිපුනු මල් පුහු වුනා උදා ගිර සැර වෙලා අපව හෙම්බත් වුනා *** අහස දැනගෙන වගේ හඳ තරුත් හැංගුවා වලාකුළු කලුවුනා කෝපයෙන් ගුගුරමින් කඳුළු කැට පිටකලා මම කඳුලෙ නෑවුනා නුඹ මගෙන් වෙන් වුනා --------------------------------------------- රනේ/15ජුනි2024/වෙන් වීම
Ranatunge Jayawardene 2 years ago 286 1 3
දත්තයන් ගොඩගසා අර්ථයට රස කවා තොරතුරක් කොට තනා පේලියට ගොණු කළා *** අංශුවට කියවලා බොත්තමට අත තියා විදුලියට හරවලා ඔබ අතට යොමු කලා *** ගතේ වෙහෙසත් වසා සිතේ හැඟුමන් නිසා ඔබේ රුව මතුවුනා සිහිනෙනුත් හිනැහුනා *** 'ටුලිං' හැඬුමක් නිසා නිදිමතේ අත දමා නෙත් දෙසට හරවලා දුරකථනෙ ඔන් කලා *** ඉබේ මම නැඟිටුනා හිරි වැටී ගොලු වුනා කැට පතට යොමු වෙලා මේ මටම හිනැහුනා *** "මමත් කැමතියි" කියා පිළිවදනෙ ලියවිලා ලොව දිනු අයෙකු සේ මම මඟට පිවිසුනා -------------------------------------- රනේ/03ජුනි2024/ජය
Ranatunge Jayawardene 2 years ago 180 0 0
නැවුම් ලොවක් නැවුම් ඉරක් අහස පුරා පිරුණු බවක් *** සුභ පැතුමන් ගරු බුහුමන් රොද බැඳගත් පිළි ගැනුමන් *** මල් පිපිලා පල පිරිලා සතුටු සිනා යයි උතුරා *** කලට වසිත් නිරෝගි වෙත් අටුකොටු හැම පිරී තිබෙත් *** සැනකෙලි ගත් කදිම දැයක් සියල් සපිරි සුපිරි රටක් *** එන්න, එන්න සැවොම එන්න සිහින දැයට පණ පොවන්න! ----------------------------------------------- රනේ/30මැයි2024/සිහින-දැය
Ranatunge Jayawardene 2 years ago 268 0 0
දින දසුනෙ පෙන්නුවේ දින දෙකක් ගත වෙලා අපේ පොඩි ආරවුල දැන් ටිකක් ලොකු වෙලා *** වැඩට ගොස් ආවාද? මොනව හරි කෑවාද? තනිව ඉන්නා නිසා පාලුවෙන් ඇති නේද? *** සුදු පුතා මා එක්ක කියවද්දී ඔබ ගැනම හඬනවා හිතු ඇතුලෙ නොපෙන්නුව ගුණ ධර්ම *** "තාත්තට වැඩ පුතේ ගෙදර නෑ මේ ටිකේ තව චුට්ටි දවසකින් ඇවිත් අපි එක්ක යයි " *** ටිකක් දොස් කීවාට වේගයක් නෑ හිතේ දුක හිතුනෙ මට එදා ඔයා කී බොරු නිසා *** ගොඩ ගහපු හීන කඳු අපි මතම නාය ගොස් ... අපි හදපු සිත් බැම්ම ඉරි තලා හෙලවිලා... *** ලබන ඉරිදා උදේ එනවනේ නොවැරදී මම ඉන්නෙ ඔබ නිසා දන්නවනෙ, 'මෝඩයෝ ..' -------------------------------------------------- රනේ/26මැයි2024/දෙවෙනි වීම
Ranatunge Jayawardene 2 years ago 240 0 1
පොතකට බර වූ දෑසයි වෙහෙසට පත්වූ පෑනයි දැන් හොඳටම දැක පුරුදුයි මෙහි වූ දුක සැප නොහැඟෙයි *** මඩ කඩිති මංපෙත් දිගේ ඈ නිතර දිව යනු පෙනේ පැටවු සමගම හැම පැයේ කථාවෙන් ඇති බව දැනේ *** උදෑසන හිරු එලියයි තඹරු මැද පිණි බිඳුවයි මටම හරියන හැටියැයි දන්නෙ තව, මං විතරයි *** විටෙක ඇස් කොන් වලිනුත් විටෙක මඳහස පාමින් මදෙස හෙලනා කැල්මන් යමක් පවසයි රහසින් *** සිනා මුහුනෙන් මා දෙස බලනු ඇති දැයි රිසියෙන් නිතර ඔබ මොබ සරනා මටත් වෙන වැඩ නෑ දැන් *** අහන්නට සිත කීවත් පිළිවදන් ගැන සැකයෙන් මුවින් නොබැනම සිටියේ එය ද මිහිරක් වීමෙන් *** උනන්දුව වැඩි වුව ත් 'වචනෙ' වියදම් නොකරයි දිනෙන් දින ගත වී ගොස් දකින්නට ඈ නෑ දැන් *** විපරිමින් මා බැලු වේ නිවාඩුව කට ගොස් වත්? අහෝ අසරණ වුනි මා ! සිප් හලේ ඈ නෑ මෙන් *** ගමේ වැල වව්ලන්ටයි පිටින් ආ වුන් කවුරුද ? මිදිත් ඇඹුල ම බව දැන බිසෝටම හිත දෙමි දන් ---------------------------------------------- රනේ/22මැයි2024/පසුබැස්ම
Ranatunge Jayawardene 2 years ago 183 0 0
හුලඟ හමනවා අඳුර ගලනවා හෝ හෝ ගාගෙන වැ ස් ස වහිනවා // වැස්සි තෙමෙනවා පැටිය හඬනවා කෝ කෝ ගාගෙන කිකිලි දුවනවා // ගස් ඇඹරෙනවා කූඩු කැඩෙනවා ටිං ටිං සද්දෙට ලේන හඬනවා // මිදුල පිරෙනවා වතුර ගලනවා හෝ හඬ දීගෙන ගලා හැලෙනවා // කුඹුරු පිරෙනවා පාර වැහෙනවා දෙගොඩ තලාගෙන ගඟ උතුරනවා // විදුලි කොටනවා හෙන පුපුරනවා නිං දෙන් ඇහැරී නං ගි හඬනවා // අමිම දූවනවා මුට්ටි හොයනවා වහලෙ හිල් වලින් ගෙපැල තෙමෙනවා // අකුරු කරනවා ඉගෙන ගන්නවා කවදක හරි මේ අඳුර මකනවා. _____________________ රනේ/14අප්‍රේ2020/ අඳුර මකනවා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps