Ranatunge Jayawardene 1 year ago 188 0 0

Nisadas Image

බෝසත් සිරිත

හිස් අහස නොම බලමි
පොළව මත මා හිඳිමි
දිව්යෙ අරුතම සිතමි
දහම වෙත නැඹුරු වෙමි
+++
කරපු කම් බොහොමයකි
විඳින දුක් රාශියකි
බව රසය, නීරසකි
තව පමා වී නොහැකි !
+++
සසර දිග හැර නොගෙන
දහම් මාවත උගෙන
සතුන්වෙත කියාදෙන
අයුරු විමසා බලන
+++
සුතුර දම් කරණ කොට
සමථයෙන් වැඩෙන විට
ක්ලේශයන් මුලිනු'පුට
විදසුනේ පිහිට මට
+++
චේතනා බැහැර කර
කර්මයට ඉඩ නොහැර
ක්‍රියා සිත් පෙරටු කර
යලි බවය ඇති නොකර
+++
අරුත පැහැදිලි ව මා
'කෙලෙස්' දුරු කර දමා
සතර දම් දෙසමි මා
එහි දි හමු වෙමු හැමා.
_______________________
රනේ/29මාර්තු2020/
බෝසත් සිරිත

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps