*$@n¢hi* Nisadas Count (31)
*$@n¢hi* 5 years ago 288 5 5
ගෙවෙන මොහොතේ හිත හුගක් දුර ගියා මතකයන් පමණක් ඉතිරි වූ අතීතේ දුක හුගක් වැඩි වුණා... නුඹම පමණක් වූ කතාවේ මතකයන් සිහි වුණා සිහිනයන් අතරේ කිමිදුණා අතීතයේ මතකයන් තුරුළුකර හඩා වැටුණා... ගෙවෙන මොහොතේ අතීතය දුර නිසා ඉන් මිදී යළි පැමිණියා...❤ ~sahini~
*$@n¢hi* 5 years ago 308 3 3
නොලැබෙන දේ පිටු පස දුවලා - දුවලා හති වැටුණු මිනිසුන්ට... අන්තිමට ලැබුනේ වෙනම දෙයක්...? ~sahini~
*$@n¢hi* 5 years ago 288 5 6
නිසල සද, අමාවකට අත වනයි රැය දිගු වී නිදි මරයි... නිල් අඹර තරැ පිරි වරා නොමැති මේ රැය දිගුය මට ඉතා... අද හෙටත් අදුරු අතීතයත් එකයි දැන් මට... හඩා වැලපි ගත වූයේ නිමේෂයක් පමණක් වූ අද, දිගු රාත්‍රීයකි... ~sahini~
*$@n¢hi* 5 years ago 386 7 10
උඩු ගුවනින් නගන හෙන හඩ මහ පොළවට පතිතවන මහ ගිගුම් නද මැදි උවත් මහ වරුසා... සබද, හෙට දින මල් පිපෙයි නැවුම් එලියක් ලබා... ~sahini~
*$@n¢hi* 5 years ago 259 5 5
මග හැරුණු කවි කමට කවිකාර සිතුවමට පාට ගෑ සායමට නෙක් වර්ණ මුසු කරන... නිර්මල ගමනක ගමනාන්තයේ මග නොපෙනෙන පෙනෙන තැන නවතින නොනවතින ගමනාන්තයක... අතරමං වූ තොටුපලකි... ~sahini~
*$@n¢hi* 5 years ago 333 6 7
එක්වන සියල්ලෝම පෙම්වතුන් නොව... වෙන්වන සියල්ලෝම ප්‍රේමය හැරදාද නොයයි... විටෙක ආදරයේ වැඩි කමටද වෙන්වන්නෝ වෙති... නුඹ මා අහසට පොළව මෙනි අහස - පොළව කිසිදා එක් වන්නේ නැත... නමුදු විටෙක එක් වෙති ඇතමුන් ඊට ක්සිතිජය යැයි නම් තබති... ඉදින් මුලාවකි... අද ආලය අප මුලාකරන්නාක් මෙන්...❤ ~sahini~
*$@n¢hi* 5 years ago 274 6 8
අද, ඇය සිටියානම් නුඹ ලග... හුදු, මා මතකයක්ම පමණි නුඹට... නමුදු, වෙනසක් නොවේ... මන්ද, මා ඔබගේ මතක පොතේ පෙර වදන ලියා දැනිදු අවසන් බැවිනි... ~sahini~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps