නදී ..✍???? Nisadas Count (51)
නදී ..✍???? 5 years ago 284 4 7
පොතින් පතින් ලත් පාඩම් විභාගෙට....... ජීවත් වෙන්න හොද පාඩම් සමාජෙට..... උගෙන ගත්ත මුත් ඇතමෙක් දිවි පුරාවට.... කෙසේ නම් කිව හැකිද මිනිසගෙ උගත්කම....❓❓ දහසකින් අයෙක් ගුණ දම් සමගින් පතුරන මනුසත් බව වටට.... දහසක් දෙනා හංගා ගෙන අමනාපකම් යටි හිත පුරාවට...... තත්පරෙන් වෙනස් වන මේ අද වාගේ ලොවට...... ඇදුමින් පැලදුමින් කිව හැකිද යමෙකුගෙ උගත් කම......❓❓ * * * * (පසුගිය දිනක මා නෙත ගැටි එක් සිදුවීමක් ඇසුරින් මගේ සිතේ ඇතුවුනු පැනයක් මෙලෙස මම ලියා තබමි.) නදී ..✍️
නදී ..✍???? 5 years ago 469 3 8
හිතේ තියෙන දුක හංග ගෙන අනුන්ගෙ සතුට ගැන හිතන...... අනුන්ගෙ දුකත් තමන්ගෙම කරගෙන ඊට විසදුම් හොයන ..... තමන්ගෙම දෙයක් හරි කැපකරල අනුන්ගේ සිත් සනසන...... සමහර ජීවිත වල දුකේදිත් සැපේදිත් හුදෙකලාව රජයන..... නදී..✍️
නදී ..✍???? 5 years ago 315 5 10
මුල් බැසගත් දුකක් මගෙ හදවතේ ඇති ~~~~~ සිත් වේදනා කිසිත් නිමක් නැති~~~~~ සතුටක් කියා නාමයක් අහලකවත් නැති~~~~~ දෛවය මගේ මෙලෙසින් ලියවිලා ඇති~~~~~ නදී..✍️
නදී ..✍???? 5 years ago 308 6 10
අම්ම තාත්තගෙ සෙනෙහස හොරා ගත්ත නුබ කවුරුද මුලු ගෙදරම පාලු මකන නුබත් සොයුරෙකු ලෙස නාවෙ මන්ද එක ලය පලා නොඉපදුනට නුබ මනුසත් කුලයේ නුබයි පුංචි පුතු අද නැලවෙන අපෙ නිවසේ එක් දෑසක් නොපෙනෙන මුත් නුබේ පියකරු ගීත නාද අසමින් මම තැවෙමි නුබට නිදහස අප දෙනු කෙලෙසක කටකාර නුබෙ වචන අසමින් දවස ගෙවන මම ආදරෙයි අපෙ චූටි මැනික මගේ පණටත් වඩා නුබට පතමි මම මතු උපදිනා සැම බවයෙකම යලීදු එක මව් කුසේ ඉපිදෙමු අපි සොයුරන් විලස පතා.. නදී ..✍️
නදී ..✍???? 5 years ago 298 4 6
මග හැරුනු නුබේ නෙත මගේ නෙත් මානයෙන්...... තවමත් පීරා සොයමි මම නුබේ නෙතු කොතැනක කියා..... මතක බිදු හද කොනක සිරකරන් සිහිනයක් සේ...... හිත් හදාගමු ඉතින් ප්‍රේමයත් අමරනීයවූ පරිත්‍යාගයක් සේ..... මුනගැසුනු මුත් කෙදින නෙතු පියන් එකිනෙකට ගැටිලා.... ඉමු දුරින් නාදුනන ලෙස අපිත් සිතින් පමනක් ලංවෙලා..... නදී ..✍️
නදී ..✍???? 5 years ago 349 3 5
සිතක් හඩනවානම් හොර රහසේම හංගා කදුලු කැට... හිරකරලන්න නොහැකි මුත් පෑරුනු සිත් වේදනා සැම..... පැතුමක් පැතුවානම් ආසිරි ජය පතලා කහටක් නොමැතිවම.... සිතක් තුටු වේවි යන මාවත දැක හද පත්ලෙන්ම..... නදී ..✍️
නදී ..✍???? 5 years ago 326 5 7
සංගීත පංතියේ කෙලවරේ තත් සුසරකල මගේ වයලීනයෙන් උච්ච ස්වරයෙන් වැයූ ගීයක තනුව අද නෑ මතකෙට මගේ..?? තනිකම රජයන මන්දගාමී සැදෑවේ සුසර බව ගිලිහිච්ච මගේ වයලීනයෙන්ම වයමි අද මා මන්ද ස්වරයෙන් පැරණි ගීයම නවමු තනුවට මෙසේ.......?? නදී..✍️
නදී ..✍???? 5 years ago 347 7 10
හද ගිනි ඇවිලී මසිත දවාලූ කදුලැලි දෙනෙතට උරුම වෙලා.... හද විල කැලබූ සුපුරුදු හැගුමක පැතුමක් පමනක් ඉතිරි වෙලා..... හද මගෙ සුපිපුනු පෙම්බර හැගුමට උපන් ලෙසම මියදෙන්න වෙලා..... නදී..✍️
නදී ..✍???? 5 years ago 329 4 4
තැවෙමි මා හද විලම දුක් සුසුම් නෙක මුසුව දෙපා මුල වැටී නුබෙ ඉකිගසා හඩමි මා අයදිමින් සමා......... නුපුරුදු නුබේ බැනුම් සුපුරුදු අම්මගෙ බැනුම් අහස පොළවසේ මට දැනේ වෙනසක් ගලපගනු බැරි ලෙසම.... කමාකරනු මැන නොකරමි යලිත් කිසිවිටෙක සිත් රිදුම්.... ඇහුවත් නුබෙන් බැනුම් තරහ නෑ මං, නුබේ දෝනි ඉතිං..... නදී..✍️
නදී ..✍???? 5 years ago 334 5 8
සසරෙ සුපුරුදු සෙනෙහෙ සුළගකි හමන්නේ මා සිත වෙලා ගෙන නුබෙම දියණිය වාගෙ මා වෙත හෙලන්නේ කෙලෙසකද නුබේ ඔය නෙත පුංචි සංදියෙ මා වඩා ගෙන නැලවුවා මතකයි අද වාගෙම පාට පාටින් ඇදුම් ගෙනවිත් හැඩකලා මතකයි අද වාගෙම පාතැබුව මා යොවුන් විය වෙත තුටු සිතින් මා සමීපෙට ගෙන නොවන්නට අතරමං දිවි මාවතේ නිවැරදි මගක් පෙන්නුවා නුඹ මවට පමනකි දෙවෙනි නුඹ මට ලගම හිතවතියයි මසිත සනසන කොනකවත් නැත සිතේ කහටක් දිරිය දුනි මගෙ දිනුම ලැබුමට නුබෙන් මා වෙත පිදුනු සෙනෙහෙට ණය ගැතියි මා නුඹට සැමදින පතමි ආසිරි නුඹට අද මම වේවා නිදුකින් වැජබෙන සුබම සුබ උපන් දිනක් ...... නදී..✍️
නදී ..✍???? 5 years ago 333 5 15
වෙල් යායේ එගොඩ ගොඩේ සපු ගස මුදුනේ කෝටු කෑලි පරඩැල් යහමින් ගොතමින්නේ පැතුමන් ගොන්නක් පොදිබැද සෙනෙහෙ කැදැල්ලේ රැක්කා නිල් මැනිකක් සේ පුංචි බිත්තරේ ලැබුනු මගේ උනුහුම යට වහන් වෙලා දුටුවා මම මගේ පැටිය මෙලොව බිහිවෙලා උතුරා යන මහගු සෙනේ දෝරෙ ගලාලා පියතුමා සමගින් මගේ තුටුකැන් ලියලලා මගේ පුතුනි නුඹ ඉපදුණු ඒ උදෑසනේ මමත් පියත් ගියා එදා කෑම සොයමිනේ රැක සිටි මහ නපුරු පූස දුටුව අප අනේ පැන්න ගමන් අල්ලගත්ත පියා පුතෙ නුබේ නෙතට ආපු කදුලු බිංදු හිතෙහි හිරකරන් රැක්කා මහමෙරක් උසට නුඹව පණ ලෙසින් මසක් පුරා කවා පොවා උස් මහත් කරන් පියඹවන්න සිතුවා නුඹ හෙට උදෑසනින් ආව අදත් කෑම සොයා හැමදාම වගේ දුටුවා පොඩි පණු පැටියෙක් තාර පාරෙදී නුබ කැමතිම ආහාරය එයම පමනකී මතක් වෙලා මට එතකොට සිනහ ඉනුවනේ ඒත් පුතුනි එන්නට බැහැ මට සමා වෙයන් හිතක් නොමැති වාහනයක් මාව යට කරන් මතක් වුනේ නුඹ පමනකි මාගෙ රත්තරන් අදින් පසුව බාරකරමි දෙවියන්හට මගේ රන් පුතුන් නදී ..✍️
නදී ..✍???? 5 years ago 367 6 14
නොසිතූ දිනයක නොසිතූ මොහොතක නෙතු කදුලින් තෙමා ඇය නික්මුනා ආයෙත් නොඑන්නම ..... විදු මවම හඩවලා ශේත වර්ණෙන් සරසලා ..... අදින් වසරකට එහා.....පොත් ටිකත් පසෙකලා ..... ඇය නික්මුනා ආයෙත් නොඑන්නම ...... ගුරු මවකි හොදම යෙහෙළියකි ඇය සිත් සතන් සනසවාපූ..... දැනුම් කෙතකි මහා සිප්කිරෙන් අප තෙමාපූ .... ඇය තැබූ හිස්තැනට වසරක්ම ගතවෙලා... හීනෙකින් වත් ඇයට හැකිනම් යලිත් නොයන්නම එන්න..... ------------- දයාබර කුසුම් ගුරු මව්ගෙ ගුණ කන්ද ශිලා ලිපියක් ලෙසින් හද පත්ලේ තැන්පත් වෙලා..... පද පෙලක් මේ ලෙසින් කැටි වෙලා ලිය වුනා.... ???????? (2021.01.29ට යෙදුනු කුසුමලතා ගුරු මවගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ) ???????? නදී ..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps