Dila ????
5 years ago
283
7
13
44.
කලක් මගෙ වුණු ඔහුගෙ පපුතුර බදා නුඹ නිදනවා ඇතී
මගේ හිස පිරි මැදපු අතැඟිළි නුඹේ කෙහෙරැළි මැද ඇතී
මා නිවාලූ සොඳුරු සිනහව නුඹෙ නමින් පූදිනු ඇතී
ඉතින් නුඹ ළඟ ඔහු තුටින් නම් නාඬා ඉන්නම් ඒ ඇතී ...
දිවි කතර මැද පිපාසෙට දිය වී නිවාලනු මැන පෙමින්
විඩාවෙයි ඔහු අත් හරින්නට නොදී ඉඳපන් සවි දෙමින්
අඳුරු වන මැද රුදුය කටුකය ළඟම රැඳියන් නොසැලෙමින්
දිවිය පවතින තුරාවට නුඹෙ දැවී නිවියන් ඒ නමින් ...
සෙනෙහෙ දියරෙන් තෙමා හදමල පෙමින් නිති දෝවන්න
නිබඳ සිනහව දරා මුව මත සිතට සැනසුම දෙන්න
වෙළී සියොළඟ සීත හිමතර උණුහුමට ළඟ ඉන්න
මට අහිමි මගෙ සරාසඳ ඔහු පණ සදිසි රැකගන්න ...