Dila ???? 5 years ago 263 6 6
බොඳවු ඇස් අගකින් ගලා එන
කඳුළු මුල් අතරට වැටී
කවුලුවෙන් දුර ඈත නොපෙනිම
විහඟ සත්සර නද ඇසී ...
රිදෙන හැඟුමන් විඳින පපුතුර
නිරුත්තර පැනයක ගැටී
හිතට කොඳුරන උත්තරේ නම්
ජීවිතේ නොදැනුන හැටී ...
කුරුලු බිඟු නද නෑසුනාදෙන්
ඒත් හිත දුර යන්නැතී
කවුරුවත් නැති උනත් තනියට
නුඹ ළඟින් හිටියම ඇතී ...
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි Dila ❤
Kavinda Sahan 5 years ago ?
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Dila ???? 5 years ago ස්තූතියි හැමෝටම ??
Naween Perera 5 years ago ලස්සනයි නංගි