Dila ???? 5 years ago 309 7 8

Nisadas Image

42.

ඉතින් හිමිහිට හිමිහිට
ගලා ගෙන යයි කාලය
බොඳ වෙලා තිබුණු ඇස් වල
දියවෙලා යයි මතකය

ආයෙමත් එක දවසක
හිනාවෙනකොට පෙර ලෙස
දැනෙන සැමරුම් ශේෂය
සඟවන්න හැකිය බැල්මක

අහම්බෙන් ලියූ කවියක
අතරමැද පද කෙළවර
බදෙන් ගිලිහුණු කඳුලක
ඡායාව විය තිත් පෙළ

අහම්බෙන් මළ ගසකට
පණ දෙන්න බෑ පින්නට
දුරක ගිය වැහි මේඝෙට
එන්න නොහැකිය කතරට

දරා හිනැහෙන ඇස්වල
ප්‍රේමයක් ඇති නොදකින  !!

Comments (8)

නදී ..✍???? 5 years ago ගොඩක්ම ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි නංගි ❤❤

Dila ???? 5 years ago ස්තූතියි නදී ?❤️

Dila ???? 5 years ago ස්තූතියි චතු අක්කා ??️

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි❤️

Dila ???? 5 years ago ස්තූතියි ශශී අක්කා ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ගොඩක්ම ?❤️

Dila ???? 5 years ago ස්තූතියි දීශා අක්කා ❣️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps