1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 313 4 6

Nisadas Image

වෙන්න තිබුණා නම් මටත් පුංචි අරලියා මලක්

___________________________________⛅____

?වතුපාළු පැළ පිරුණු
වැල් ගාල ඉස්මත්තෙ
පරසතු මලක් උදේ
බලා උන්නා ලන්දෙ...??

?කහපාට පෙති සිනිදු
කවියක් වගේ පෙනුණු
කැලෑ මල ලස්සනයි
සුවඳ සැලුනා පින්නෙ...?☔

?පිණි පොකුරු එලාලූ
තණ පලස පුරාවට
හිරු එළිය මුතු රටා
හොරෙන් මැව්වා පොළොවෙ...⛅?

?ගග දියට හොරෙන් මෙන්
පුර පෝය හඳ අහසෙ
පෙනී නොපෙනී ගියා
නිල් වලාකුළු අතරෙ...☁️?

?දෙවැට දිග පින්න මල්
කතා ලිව්වා සුළගෙ
වැව් ඉමේ මවන කවි
අපිට ලිව්වා වාගෙ...☔?

☀️රුවන්වැලි සෑ රදුන්
අහස් ගඟ දෙස බලා
සොඳුරු අහසට අරුම
කතා කියනා යාමෙ...??

?මලානික සුදු පාට
පින්න මල් සුවඳ හා
මගේ හිත හාද වී
දුර ඈත යන මොහොතෙ...??

?වෙන්න තිබුණා නම් මටත්
පුංචි අරලියා මලක්
ආදරණීය ඉරමල
උදෑසන අරන් වඩින යාමෙ...??

මම,
චතූ✍

___________________________________⛅____

චතුරංගි හර්ශිකා 5 years ago 269 4 5

Nisadas Image

පාසල් මෑණියනි

පාඩම් පොත් අතරේ
ජීවිතේ හෙවුව කාලයක
සුදු ගවුම ටයි පටිය
සුවඳ මතකයක් තවම හිත යට...

සොඳුරු විදු බිමට
සමු දුන්න හීනවල
තිබුණේම අනාගත
සුබ ලකුණු පමණක් ය...

ඒ තරම් ආදරේ
ළෙංගතුයි හිත් වලට
යහළු යෙහෙළියො එක්ක
බෙදා ගත්තා ලොවම...

ලෝකයක් තනන්නට
විදුබිමෙන් එපිට ඉම
සරසවිය බලා හුනි
සෙනෙහසින් පිළිගන්න...

ආ මගෙහි සුන්දරම
මතකය නුඹයි පාසල
අකුරු කළ සොදුරු අඩවිය
නුඹයි දුන්නේ ජීවිතේ හැමදේම...

නුඹ සෙවන අපට අහිමි මුත්
අපි ලොවක් තනන දා
තවත් පුංචි පැටවුන් රැසක්
තුරුළු කර නුඹ හිනැහේවි එදා...

උනුත් සොඳුරු මිනිසුන් වී
නුඹ සෙවනින් නික්මෙන දා
රදවා නෙතග මදහසක්
නුඹ බලා හිඳීවි අලුත් උන් එනතුරා...

ආදරණීය පාසල් මෑණිය
ඔබෙ සෙනෙහේ මතු හැමදා
හදවතේ බැතිමත් ම ඉමේ
නිදන්ව තිබේවි මියෙන තුරා...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 281 5 7

Nisadas Image

ප්‍රේමයයි නුඹ ජීවිතේ...

සිතුවිලි මන්දාරම
පුරුදු හිත බිඳගෙන
විටෙකදි
හන්තාන පරදයි...?

මහවැලියට
එකතු කළ මතක
හැමදාම ගග
ඉහත්තාවෙ ම තිබෙයි...?

සේපාලිකා මල්
ඇතිරූ පොළොව හා
ආදරණීය නිල් අහස
පෙර වගේ සිනාසෙයි...?

ජීවිතේ ප්‍රශ්න
කන්දක් ආවත්
සිසිරයට වසන්තයට
කවි හිත ආදරෙයි...?

නොවෙනස්
හන්තාන මුදුනට
මීදුම තවමත්
කෝල කම් කරයි...?

දවසක හවසක
කැන්වසය මත
නුඹ ඇන්ද
මගේ සිතුවම අපූරුයි...?

තවමත් මගේ
දෑස අද්දර
ඒ ආදරේ
කවිකම් කරයි...?

තනිකම මැදින් වුණත්
ඉදහිට
අපේ පුරාවත
මම යළි යළිදු මවයි...?

හීන අහසක් උසට
දෝත් මත සිඳුනත්
අපි ගෙවූ සොඳුරු දින
අද වගේ මතකයි...☀️

වසන්තය මිය ගියත්
සඳ තාම තරුණයි
හිත් කොණක ආදරේ
අද පවා කැලඹෙයි...?

නුඹෙ නීල නෙතු දැහැන්
බිඳී දුර ඉගිලෙයි
සරසවිය මතක හිත
යළි යළිත් අවුලයි...?

මේ බිමේ මල් සුවඳ
මැදින් හෙට එළි වෙයි
ලා රෝස සාරියට
කවි මතක පාරයි...?

මේ බිමට මම වඩින
සුබ මොහොත ළං වෙයි
දන්නවද මම දැන්
සිප් සතර බෙදන ගුරුවරියයි...?

උඹ දුන්නු සාරියේ
මතක සුව එහෙමමයි
ඒ රෝස ලා පාට
ආදරේ තවම සුවඳයි...?

මා මියෙන තුරාවට
ප්‍රේමයත් නුඹමයි
කවිකාර හිත ගාව
කවිය නුඹ විතරයි...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 265 4 7

Nisadas Image

මම ගුරු ගීතයේ දුයිෂෙන් වුණා නම්,

මටත් ආසයි දුයිෂෙන් වගේ
ගොඩක් ලස්සන
හදවතක් තියෙන
අපූරු ගුරුවරයෙක් වෙන්න...?

මටත් ඕනි
දුප්පත් ලස්සන ගමක
ඒ වගේම ආදරණීය
පාසලක් ගොඩ නගන්න...?

මටත් ඕනි
ආදරණීය ළමයින්ගෙ
නෙත් පාදන්න
මගෙ ජීවිතේ වෙන් කරන්න...?

නමුත් මට ඕනි නෑ
අල්තීනායි අමතක කරලා
තනිව ඉන්න
හිත හදාගන්න...?

මට ඕනි
ජීවිතේ අසරණ වුණු
ඈට පිහිට වෙලා
සිප් සතර දෙන්න...?

නමුත් මට ඕනි නෑ
දුයිෂෙන් වගේ
සදහටම ඈව
අමතක කරලා දාන්න...?

මට ඕනි
ආදරේ ගැන
හිතේ ලියපු කවිය
ලෝකෙටම ඇහෙන්න කියවන්න...?

හැබෑවටම මට බෑ
දුයිෂෙන් වගේ
ආදරෙන් ඈත් වෙලා
හැමදාම අසරණ වෙන්න...?

මම,
චතූ✍
2020 නොවැම්බර් මස 02 වැනි දා
ප.ව.03.50

චතුරංගි හර්ශිකා 5 years ago 256 3 5

Nisadas Image

?මේ තරම් දේවල් වෙනකොට සක් දෙවිඳු විශ්‍රාම ගිහින් වෙන්න ඇති?

__________________________________________

කුරුල්ලෙක් මරබියේ කෑ ගහනකොට?
අහස ගුගුරවමින් මහ වැස්ස වැටුණ හැටි...?

වතුර නැතුව මිනිස්සු තැවෙනකොට☀️
දෙරණ පුරාවට ඉර කැටයම් මවපු හැටි...

තිස් අවුරුදු යුද්ධය අන්තිමේදි
මිනිස්සු විසින්ම ඉවර කරපු හැටි...⏳?

එකා පිට එකා මැරෙනකොට
මොන දෙවියෙක් වත් මේ පැත්තෙ නෑවිත් උන්නු හැටි...?

රොතු පිටින් මරාගෙන තලාගෙන?
මහා සුළි කුණාටු ලෝකෙ කළඹන හැටි...

සානුකම්පිත හාස්කම් ඉස්සර තිබුණාට
මතකද මෑතක අලියෙක් පොඩි දරුවෙක්ව පාගලා මරපු හැටි...?

බුදුන් කල හෝ සක්විති රජුන් කල
තිබුණු කිසිදු ශක්තියක් දැන් ලෝකයේ නැති හැටි...?

හැම දෙයකටම අපිම පිළියම් හොයනවා මිස
හාස්කම් ගැන සිතීමෙන් දැන් පලක් නැති...?

සක් දෙවිඳු පවා තම දීර්ඝ සේවා කාලයෙන් පසු
නිදහසේ විශ්‍රාම යන්නැති...??

මේ බුදුන් වැඩි දිවයිනේ හාස්කම් නම්
තවත් නැතුවැති...⏳?

රොතු පිටින් බෝධිවලට වැන්දට
කොරෝනා නසන්න බෙහෙතක්ම හොයා ගත යුතුව ඇති...?

අන්ධ පුද පූජාවෙන් එපිට ?
ලෝකය දිහා බලන්නට දැන් අපිටත් කාලෙ හරි ඇති...?

මම,
චතූ
2020 නොවැම්බර් මස 02

Geethanjalee ? 5 years ago 220 4 5

Nisadas Image

අහෝ චීවරය දැන්නම් ඕනෑම නැත....?

දන් හැන්දක් නොදෙන එවුන්
සිවුරේ ශීලය සොයති
ඔය චීවරය ඇදැයි කියති...

ලයිට් බිල ගෙවන්න
ආවාසේ උළු වහන්න
තඹ දොයිතුවක් නොදුන් එවුන්
පන්සලේ ආර්ථිකය සොයති....

අපේ හාමුදුරුවනෙයි වැද වැටී
පා ලෙවන උන්
චීවරධාරියා යැයි
ලියති කියති....

හැබැයි උන් දන්නේම නැත
සෙත් පතා පිරිත් කියන්නේ
අනුකම්පාවෙන්, කරුණාවෙන් බව
බණ කියන්නේ බෝධි පූජා තියන්නේ
උගුරේ ලේ රහ එනකං
දම් දෙසන්නේ.....

රස බොජුන් නොවුනත්
ගෙනත් දෙන පාන් සම්බෝල
දිය රස වූ දානය වළඳන කළ
කිසිම දිනක සිතේ
වෛරයක් නැතිබව....

අනේපිඬුසිටුතුමා නැති
බන්ධුල මල්ලිකාවුන් නැති සමාජයක
සොයයි නීතිය පන්සලේ
පොඩි සාදුගේ රහත් බව....
එදා ගතට බරක් නොවූ චීවරය
උන්වහන්සේට අද
බරක් වී දැනෙන හැටි...
??????







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps