1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 257 4 6

Nisadas Image

ආදරණීයය

උවනත පුරා මදහස නංවාලන්න
හදවත කොණක ඇවිදින් ඉඩ අරගන්න
සදවත පුරාවට එක කවියක් වෙන්න
ප්‍රේමය නුඹ හොරෙන් මල් විමනට එන්න...

අවසග නොවන හිත ළග සැගවී ඉන්න
සීතල ගොම්මනක මගෙ නෙතු සිපගන්න
රෑ කොවුලන්ට මද නළ කී රහසින්ම
මගෙ දෙසවන් සනහා නෙතු පියවන්න...

නිලුපුල් පෙති මානෙල් මල් සරසන්න
වලාකුළු විමන් මැද ඇවිදන් යන්න
හීන් සීරුවේ ප්‍රේමය පහදන්න
සුන්දර කවියක් ව දෑතේ පැටලෙන්න...

මන්දාරමට කුඩයක් නැති ගොම්මනක
හීන් පොද වැටෙන හිරිකඩ සීතලක
හදවත පුරා ගීයක් වී උණුසුමට
ආසයි නුඹ එක්ක තව දුර ඇදෙන්නට...

ලා හිරු එන තුරා පෙරඹර අහස යට
මැදියම් හීනයක දොඩමළු වී ඉන්න
දෙසවන් පුරා ඔය සිනහව තවරන්න
ආදරණීය නුඹ මා ළඟ නවතින්න...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 271 4 5

Nisadas Image

මතක පුරාවත

හැන්දෑවේ පිණි කැට
වලාකුළු අතරෙ හාදු තියනකොට...

ගගනතට ළං වෙන්න
තරු කුමාරියො හීන දකිනකොට...

රෑ පුරාවට මා වවුල්ලු
මට නොතේරෙන ගීත ගයනකොට...

අහංකාර පුරා හද
අද ඇවිත් නෑ අහසට අමාවක...

දන්නවද තාම තණ බිමට
හිරු එළිය ලස්සනට වැටෙනකොට...

සූරියකාන්ත මල් වලට
ජීවය පොවනවලු මද සුළඟ...

අහස් ගවුවෙන් එහා ඉමක
මට හොරෙන් ඉගිල්ලුනු මතක හිත...

මේග දූතයක් වෙලා
හීන දෙපාමුලටම ගෙනැල්ලද කොහෙද...

මැරුණු වැලලූ කතාවක
පිටුවෙන් පිටුව ආයෙත් කියවනකොට...

නොතේරෙන තැන් පහදන්න
ශබ්ද කෝෂයක් අවැසි නැහැ මට...

ජීවිතේ තක්සලාවෙන්
මම උගත් හැමදේම...

මේ තක්සලාවේ හැම ප්‍රශ්න පත්‍රයකටම
උත්තර ලියන්න සෑහේවි මට...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps