චතුරංගි හර්ශිකා 5 years ago 236 4 5
?හුදෙකලා කවි වලට ප්රස්තුත බොහෝමයි ඒ හැම ප්‍රස්තුතයක්ම අත්දැකීමක් නොවේමැයි...☔ ?හඳට ප්‍රේම කළ බව කියන්නම් නමුත් හැබෑවටම මම පුර හඳට පෙම් නොකළා විය හැකියි...?? ?විරහ ගීත ලියන්නම් නමුත් මම හැබෑවටම විරහවක් අත් නොවින්දා විය හැකියි...?? ❤මම ප්‍රේමයට කවි බදින්නම් නමුත් මම අත්දුටු ප්‍රේමයක් නොතිබුණා විය හැකියි...❤? ?කවි සහ වචන එකතු වූ අරුමැසිය සැබෑව හා කල්පිතය අතර දෝලනය වන අපූරු කතාවකි...✍? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 264 3 3
ජීවිතේ නැවතීමක් සොයමින් බලා සිටියෙමි... කාලය මට දුන් බලාපොරොත්තු මහ ගොඩකි...?? දෙපා ඔසවා තව යන්න තිබෙන දුර ගව් ගණනකි... මේ මහා විශ්වය ගැන තවම මම දන්නේ අබැටකි...?☀ මටත් කියන්නට කතාවක් තිබේ... මේ ගහ කොළ මල් යට ලෝකය සැබැවින්ම අරුමයකි...? ලොවට රහසින් බොහෝ තැන්වල විඳවනා උන් ද මහ ගොඩකි... මේ මහා ලෝකය වනාහි විසදා ගත නොහුණු ප්රහේලිකාවකි...❄️? මමත් ඊළග මොහොත පිළිබඳ නිශ්චිත බවක් නැති... ඒ ප්‍රහේලිකාවේ තවත් එක කොටුවකි...? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 339 3 4
__________________________________________? අහස නිල් වලාකුළු දරාගෙන ඉන්නකොට... පොළොව මහ ගස් කොලන් වඩාගෙන ඉන්නකොට... කුරුළු අම්මෙක් පුතුට තුඩු අගින් කවනකොට... මලක් පරවූ දුකට හැඩුවාලු මල් නටුව...? ගගන කෙලවරින් සුදු පුරා හද මැකෙනකොට... ගගන මහ හඩ නගා හඩා වැටුණා දුකට... පාර අයිනේ තැනක පොඩි ලේන් පැටියෙකුට... කෑම කවනා මවක් දුටුවාලු උදා ඉර...?☀ පාසලට මවගෙ අත ගෙන යනෙන අවදියක... මල් දැරූ වතුසුද්ද ගස් ගොන්න දකිනකොට... හැමදාම මම දැකපු හැමදේම හිතනකොට... ඇත්තටම හැම තැනම අම්මලා දුටිමි මම...?? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 255 3 4
ගගනතට ඉගිලෙන්න තටු දෙකක් මට දෙන්න තව මග බලා ඉන්න මට හිතක් නෑ ඔන්න සරසවියෙ ගල් පවුර උඩින් ඉගිලී එන්න කැන්වසය ඊසලය මත තබා හිනැහෙන්න...? ජීවිතේ දුර ගමනෙ නොහැක නැවතී ඉන්න සොඳුරු සරසවි පියසෙ මල් වදුළු නරඹන්න හැන්දෑවේ අහස ඉම සිතුවමක් වී ඉන්න හැකි තරම් ඉක්මනට මට තටු දෙකක් දෙන්න...?? එදා අද ඇවිද ගිය පුරුදු පාරේ යන්න ඇහැළ ගස් යට සොඳුරු මල් මතින් ඇවිදින්න නොතැලෙන්න නොරිදෙන්න ඇහැළ මල් ඇහිදින්න පුරුදු ජීවන කවිය ලියන්නට ඉඩ දෙන්න...?❤ මම, චතූ??
චතුරංගි හර්ශිකා 5 years ago 267 6 7
ඇත්තමයි මං කවියක් මගේ හිත මද පවනක් ඇවිත් මෙහිම රැදෙන්න වසන්තේ ගැන කියන්න... ආදරේ මට දෙන්න...// ප්‍රේමයේ මම නොදුටු කවිපද හෙමින් මට කියා දී යන්න සොඳුරු ජීවිතේ ළග ඉන්න හැමදාම මේ මාවතේ නවතින්න... ගිරි දුර්ග මැද යනෙන ගමනට හැකිද අත්වැල වෙන්න හැකිද මිහිරිම ගීතයක් තුළ තනුව වී නවතින්න... ආදරේ මට දෙන්න...// මං ගායනාවක් හිත ලියූ කොලයම මට හැකියි ඔය සුරතේම රදවන්න... නේන ගමනට හීන ඇහිඳින ඊට පෙර මල් නිතර පුබුදින ජීවිතේ නුඹ ගන්න... ආදරේ මට දෙන්න...// මම, චතූ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 195 4 6
☀සරත් සෘතුවට නිහඩ නිසංසල තණ පිටි පුරාවට ඇහැළ මල් හැලුනාලු...? ❤වසන්තෙට පෙරම ඔය රතු රෝස මල් වලත් ගස්වලට රහසේම සුවද තැවරී ඇතිලු...? ?කහපාට ඉරමලට ගායනා කරනකොට තාරුකා නොහිතාම හිරු රැසට පෙම් කළාලු...☀️ ?මටත් ආසයි ගිහින් සොබාදම සිප ගන්න මේ කෘතිම ගොඩනැගිලි පිරි බිමෙන් එපිට ගොස්...? ?රෑට දෙණියේ නටන සුරගනන් නරඹන්න මමත් එන්නද හවහාට වැව් ඉස්මත්තට...? ?හරි ආසයි මැරෙන්න පෙර ජීවිතේ එක දවසක සොබාදහමට ළං වෙන්න...? ?කිරිල්ලක් වෙලා ගගනතේ දුර ඈත මට ආසයි හොරෙන් අනන්තෙට පියඹන්න...? ?දේදුන්නක් මත තනපු මැදුරක ජීවත් වෙන්නම් ගගන මායිමේ මම...? මම, චතූ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 246 5 7
රෝස පෙත්තකට පිණි බින්දුවක් බර වැඩියි ද මලකින් ම අහන්න... ආදරේට උඹ දුන්නු කදුළු කැටයම් බර නැහැ හැකියි දරාගන්න... සදාකාලික නොවන හීනවල සොඳුරු සිතුවම් නොහැකිද අදින්න... ජීවිතේ හැම මිනිත්තුවකම නතර නොවුණු ආදරයක් නුඹ හිත ළගින් ම... හදවතින් පමණක් ම මම නුඹ වෙත පිදු ආලය මා මියෙන තුරාවට තිබේවි හදෙහි ගැඹුරින් ම... ප්‍රේමය නමැති ආගාරයේ නුඹ මගේ මතකය මත මට හොරෙන් හැමදාම පා තබා ඇවිදින්න... මේ රෝස පෙති වලට උඹ දුන්නු කදුළු කැට බර නැහැ හැකියි මට හැමදේම උහුලන්න... හබල අහිමි ජීවිතේ නැවට එක කුණාටු දිනයක සරණක් වෙලා දියඹ තරණයට රුකුල් දෙන්න... මට හැකියි හැමදාම මගේ මෙන් ම උඹේ කදුළුත් දරාගෙන හිනැහෙන්න... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 247 5 7
කම්මැලි කමට මොනාහරි කුරුටු ගාන්න හිතුනම ඇවිත් යන සොඳුරු නවාතැන... එන යන බොහෝ උන් වැඩිය නොඑන නිසංසල හුදෙකලා කවි ඉසව්ව... ආදරණීය ජීවිතේ සරලවම කවි කරපු හිත නිවන කැටපත් පවුර... නිසදැස් පිටුව ඔය නුඹට හරි ආදරෙයි හැමදාම මම... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 235 4 5
වසත් අහසට ආදරෙයි මම පරවියෙක් රහසින්ම කිව්වා... අකාලික කුළුදුල්ම සෙනෙහස පරෙවි තටු මත කවි ඇහින්දා... ප්‍රේමයට කවිකාර පූජා දෙවගනුන් ළග නිතර තිව්වා... සදත් රහසින් මද පවන හා වසත් කාලය අරන් ආවා... වසන්තේ එක දිනෙක විකසිත පරෙවි හදවත පෙම විමසුවා... ලොවම කම්පා කරවමින් පෙම දෙපා අභියස කඩා වැටුණා... පෙර වගේ හැමදාම ලන්දේ රතු රෝස මල් නිතර පිපුණා... ලොවට රහසින් ඔහේ ගොල්ලක පරවියෙක් ඉකි බිදිනු ඇසණා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 219 5 8
හැමදාම මතක අවුලා මම මටත් හොරෙන් හැඩුවා ඒ මතක හිතම සගවා මද පවන ඔහේ හැමුවා... ගිය මගක පවා පෙරදා දුටු නොදුටු කුසුම් පිපුණා හැම ගහක් මලක් ගානේ අපෙ මතක සිනහ තිබුණා... මග නොහැර අවරගිර සදුට හොරෙන් එක වලාකුළක් හැඩුවා නුඹ හොයන අකීකරු හිත් මල වාගෙම බිනර වැස්ස වැටුණා... මට අහිමි හීනයක කදුළු හොයනකොට සිතුවිලි පවුරු අරා ඔය මටත් හොරෙන් ඒ දුක ගැන දැනහුන් මහවැලියත් හැඩුවා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 243 4 6
පෙර දිනෙක හැන්දෑවේ නොසිතූ මොහොතක අහම්බෙන් මෙන් මට හරි අපූරු මිනිසෙක් මුණගැසුණි... හෙතෙම තම ඇකයේ සුරතල් කුඩා දරුවෙකු හොවාගෙන ළදරු උයනේ තනිව ඇවිදිමින් සිටියේය... මා හා පිළිසදරට වැටී හරි අපූරු කතාවක් ඔහු මගේ සවන් මත මෙලෙස තැබීය... ඈ පරසතු කුසුමකි සරසවියේ සිහින උයනේ පිපී දෙනෙත් මත් කරමින් සුන්දර හීනවල හිනැහුණු... ඔහු ප්‍රේමණීය හදවතක පිරුණු සෙනෙහසක් දෝත දැරූ කවිකාර පෙම්වතෙකි... මේ අතර වාරයේ ඔහුට ප්‍රථම වෙනත් බඹරෙකු රූබර පරසතු මල තමා සතු කරගති... අප්රකාශිත යොවුන් ප්‍රේමය හදවත තුළම කවියක් වී සෞන්දර්යවාදී පෙම්වතා නිරුත්තරව බලා උනි... කාලය ගෙවී සරසවියෙන් එපිට ලොවේදී ඔහුගේ සිහින කුමරිය ආගන්තුක බඹරාගේ අත ගති... නෙතේ කදුලක් තියා තම පෙම්වතිය ඔහු හා යනමග සෞන්දර්යවාදී කතානායකයා බලා උනි... කාලය ඊයක වේගයෙන් ගෙවී ගොස් නොසිතූ මොහොතක ප්‍රේමණීය යුවල අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියහ... සෞන්දර්යවාදී පෙම්වතා මවක් පියෙක් අහිමි පුතුට ලේ බැම්මක් පවා නොමැතිව ප්රජාපතියක් විය... අවසාන වශයෙන් ඔහු මට මෙසේ කීවේ ය... "මහ උන්ගෙ කදුළු පොඩි උන්ට දැනෙන්න දෙන්න හොඳ නෑ" මම, චතූ 2020 ඔක්තොම්බර් මස 31
චතුරංගි හර්ශිකා 5 years ago 311 4 4
රළු කටුක දිවි ගමන කටුක මුත් රළු වුවත් හිනාවෙන් බලා හිඳ සැනසෙන්න මා සබඳ... නමුදු ඔබ නසන උන් පෙරමගට බට තුමුල වනසන්න පෙර නුඹව අවි ගන්න සැරසෙන්න... මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps