නදී ..✍???? 5 years ago 328 3 5
අද 2021.04.22, නොනිමි ප්‍රාර්ථනා සියසින් දරා නෙත් අගිස්සේ.....❤️ බැදුනා පෙමින් හමනා මාපිය සෙනෙහස් සුළගක්සේ ......❤️ සොයමින් සතුට නිවසම පුරා උතුරායන හැමතිස්සේ......❤️ ගෙවුනා විසි එක් වසක් නුඹ දෙදෙනගෙ අස්සේ......❤️ නිම් නැති සහෝදර බැම්මත් මහ සමුදුරසේ......❤ නොසිදෙනා දියකි සංසාර නිල්වන් ආකාසේ.....❤️ හසරැල් සිනා මුව තවරා අප දෙදෙනම මෙලෙසේ......❤️ ආසයි රැදෙන්නට හැමකල් නුඹ දෙදෙනගෙ අස්සේ......❤️ නදී..✍️
නදී ..✍???? 5 years ago 354 5 8
යන්නට බුදු පුදට සුවද විහිදුවා දසත්..... පිපුනාට සුදු මල් පොකුරෙ මල් බොහෝ ගනන්........ අහුවෙලා කතුරකට රැවටිලා සෙයින්........ කලියෙන්ම ගිලිහිලා පරනොවුනු එක මලක්...... මලේ අසරණ වූ බවක් වට පිටේ මල් නොදත්..... කරයි ඔච්චම් නිමක් නැතිවම ඒ මෝඩ මලක්... ගිලිහුනත් තවම ඇත කලු අතරින් පිරිසිදු සුදක්.... කවුද ඇය පිලිගන්නෙ ඇයත් තනිවුනු එකම එක මලක්.... නදී..✍️
කෞශික නිමාදිත් 5 years ago 260 5 4
මට මාව... හිමි නැත මේ ලෝකයේ මට දැනුනේ එහෙමයි විකාරයක්... ඇස ගැටෙන ගැටෙන තැන් මට පෙනුනේ එහෙමයි ඝෝෂාවක්... සවනට වැකෙන හැම ශබ්දයක්ම මට ඇසුනේ එහෙමයි මට ඕනී ඝණ අදුරක් සැගවෙන්න හුස්ම ගන්න හඩ විතරක් ඇහෙන නිහැඩියාවක් මැද ඉදගෙන මට මාවම හොයන්න.... පොළවට ඉහලින් ඈත පේන ඒ මණ්දාකිනියට මටත් නොදැනි මට ඕනි ඇදීලා යන්න... ඉතිම් මට ඉගිලෙන්න, මට මාවම දකින්න, ඝෝෂාව මැද්දෙ උනත් කිසිවක් නොඇසුනාසේ හැසිරෙන්න... කහ මල් පිපෙන ඒ හීන් කොළ ඉත්ත තමයි කැබලි කරලා හීනියට ඔතාගෙන ගහන්න ඒකට හොදම බෙහෙත... කෞශික____
*$@n¢hi* 5 years ago 224 6 5
❤ ප්‍රේමය වූ කලී, එක් වූවන්ගේ රජ දහන නොව... වෙන් වූ වන්ගේ මතක සටහන්ය.... ~sahini~
නදී ..✍???? 5 years ago 370 4 4
අළු පාට සැදෑවේ සුදු පාට පිහාටු තුඩින් දම් පාට සායමින් සිත් විමනෙ මැවුනු විශ්මිත සිතුවිමකි නුඹ .....❤️ නදී ..✍️
Prisila Kumari 5 years ago 224 6 6
ඈතකට වෙලා මම බලා හිදින්නම් පියවර නැගෙනා කලා වැවේ වැව් තවුල්ලේ නියර දිගේ නුබ තවමත් සක්මන් කරනු ඇසේ දිනකර බැස යන සැන්දෑ යාමේ අදුර ඉරා සද නැග ඒවී සදක් වෙලා ඔබ වඩිනා පෙරමග සරසන්න අවසරයි පියාණනේ ඔබ රජ දහනේ දූ කුමරිය වී ඔය හද අරණට යලිත් වඩින්නට ඔබ දියනිය හට අවසර දෙනු මැන පියාණනේ ......
Kavinda Sahan 5 years ago 312 2 2
මිහිරි මකරන්දයෙන් අනූන දස දහසක් පැතුම් මල් පිපෙන සදා සොදුරු ජීවිතයකට උරුම ලද නිසදැස් අරනේ ලබැදි ඔබට සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා ..!
Dila ???? 5 years ago 296 4 4
නිහඬ නිසසල හුදෙකලාවක සිතත් ගැඹුරුම කල්පනාවක මතක ඇවිළී යන වෙලාවක නුඹ දිටිමි වැහි බර වළාවක.. සඳ නොදී සඟවන් අමාවක වසන්තය පැටළී පමාවක කඳුළු අබියස පෙම නිමාවක නුඹ දකින්නට වන්දනාවක.. හදෙහි පිළිරැව් දෙන සිනාවක රැඳී එන මායම් ඉනාවක හිත නිවන ගායනාවක නුඹ විඳිමි හිඳ භාවනාවක..
Kavinda Sahan 5 years ago 285 5 4
රෑ මැදියමේ නොසිතා එන එක් නව ඇමතුමක්, හදිස්සියේ කට් උනි එබිලා බොත්තමක්, ආයිත් ගනී කියලා බලා සිටි පොඩි කාලයක්, අංකය බලද්දී දැක්කා කම්පැනියෙන් මැසේජ් එකක්.
Kavinda Sahan 5 years ago 280 3 3
පරණ මතකයන් මතක් කර දී ඔයාම, දුක සතුට බෙදන් කියා කියූ ඔයාම, ඉඩ තිබුනහැම වෙලේම කතා කරමු කී ඔයාම, සතුට නොදී දුකක් දී ගිය ඔයාම, විශ්වාසයත් අවිශ්වාසයක් කල නුපුරුදුයි වාගී අද මට ඔයාම,
*$@n¢hi* 5 years ago 296 3 5
හදවතින් ලං වෙලා ජීවිතෙන් හැර ගියා මතකයන් බිද දමා ඉතින් මන්ද යලි මෙදා... මං මූලා වූ සමනලියක පාර අසා නොඅසන්න ඒ කතා පලක් නැත විමසා... මැවූ ඒ රස කතා මතකයේ කොනක රදවා හිදිමි මා මග බලා නොඉඳුල් ප්‍රේමය සිරසින් දරා...❤❤❤ ~sahini~
*$@n¢hi* 5 years ago 258 5 5
ගෙවෙන මොහොතේ හිත හුගක් දුර ගියා මතකයන් පමණක් ඉතිරි වූ අතීතේ දුක හුගක් වැඩි වුණා... නුඹම පමණක් වූ කතාවේ මතකයන් සිහි වුණා සිහිනයන් අතරේ කිමිදුණා අතීතයේ මතකයන් තුරුළුකර හඩා වැටුණා... ගෙවෙන මොහොතේ අතීතය දුර නිසා ඉන් මිදී යළි පැමිණියා...❤ ~sahini~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps