Dila ???? 5 years ago 297 4 4
නිහඬ නිසසල හුදෙකලාවක
සිතත් ගැඹුරුම කල්පනාවක
මතක ඇවිළී යන වෙලාවක
නුඹ දිටිමි වැහි බර වළාවක..
සඳ නොදී සඟවන් අමාවක
වසන්තය පැටළී පමාවක
කඳුළු අබියස පෙම නිමාවක
නුඹ දකින්නට වන්දනාවක..
හදෙහි පිළිරැව් දෙන සිනාවක
රැඳී එන මායම් ඉනාවක
හිත නිවන ගායනාවක
නුඹ විඳිමි හිඳ භාවනාවක..
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි ??
Dila ???? 5 years ago ස්තූතියි දීශා අක්කා ?
නදී ..✍???? 5 years ago ලස්සනයි ඩිලා
චතුරංගි හර්ශිකා 5 years ago Lassanai ❤❤