තූර්යා ඉඳුවරී Nisadas Count (39)
තූර්යා ඉඳුවරී 7 years ago 296 3 0
මහවැසි නොලැබුණත් මසිත සොම්නස් මැවිණ වැටෙන එක දිය බිඳෙහි සිසිල නැහැවී තිබිණ ගණඳුරින් සිත පිරුණු අමාවක දා රැයක සඳක් වී එළිය දුන් තාරකාවිය නුඹය... ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 7 years ago 377 3 0
සඳ තනියම උන්නු රෑක තරුවැල් ඇවිදින් තනියට සඳවතියව සනසවන්න හදනවා... මල තනියම පිපුණුදාට මලට ඇදෙන සමනළුන්ට මලේ විරහා වේදනාව දැනෙනවා... ගල්කුළු කඳු බාධක මැද ගලන ගඟට සුවය දෙන්න සයුරක් කොතැනකද කියා සිතෙනවා... මම තනියම සිටිනා විට කඳුළැලි නෙත පිරෙනා විට මගේ නොවූ ඔබ කාගෙද සිතෙනවා.... ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 7 years ago 330 6 0
සඳරටා පැතූ අහසට තරුවකද නොලැබ යන සඳ දුක නොහිතුනොත් නොවෙද පුදුමය... ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 333 4 3
අම්මා.... ?තරූ සමනළීි?
තූර්යා ඉඳුවරී 7 years ago 497 6 3
දිවියෙහි අඳුර දුරු කර සඳ මඩල වගේ හදිසියෙ දිවංගත විය මව්තුමිය මගේ ගුණ සමුදාය අඩු නැත මහ සයුර වගේ දින දින වැඩිවේය අම්මේ ඔබගෙ අගේ ඔබ මා නිසා අපමණ සතුටක් වින්ද සැමදා කෙළින්, ඇද නැහැ ඔබෙ පිට කොන්ද තෙපළූ වදන් හරි පුදුමයි මන නන්ද ඔබ නැති වුණත් මම සමරමි ගුණ කන්ද පුහු නම්බුවට ආටෝපෙට කැමැති නැත මසුරු සිතක හැටි කොහොමද දන්නේ නැත කිසිදින පවට ඔබ සිත යොමු කළේ නැත අම්මේ ඔබය මා දුට එකම පින් කෙත පෙරටම යන්න ආපස්සට නොම යන්න මසුරන් වටිනවා දුන් ඔවදන් ගොන්න අම්මා නොමැති දුක බැරිමුත් ඉවසන්න අම්මේ අමාමහ නිවනින් සැනසෙන්න ( ආදරණීය මෑනියණි, නුඹට නිවන්සුව ලැබේවා!!!!!) ?තරූ සමනළි?
තූර්යා ඉඳුවරී 7 years ago 324 6 6
ගිම්හානය රජ වුණාට යෞවනය දිය වුණාට කඳුළු වැල් ගැළුවාට හැඟුම් පර වුණාට හීනයක් විතරක්ම වුණාට හඬන්න එපා නුඹ හන්තානී.... ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 330 4 4
ගෙලෙහි පළඳා හැඩ බලන්නටත් පෙර ලෙහී විසිරුණු ලාභ මුතු පොටක් වැනිය නුඹේ ආදරය.... ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 355 2 2
ලෝකයක් එළිය කර අවරගිරින් සැඟ වෙන්න අර අදින හිරුන් දැක නිදා උන් කුමුදුමල් හිනහෙනවා ලස්සනට මගෙ පුංචි නංගියේ... නගාපන් දැඩි විරිය ඔය හිතට පසෙකලා දුක් සුසුම් ඈතටම.. තබාගෙන ඔය දෙපය මේ පොළෝ තලය මත ගයාපන් නිදහසේ ගීතය ඇසෙන්නට මේ මහත් ලෝකයට.... ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 411 5 3
සුන්දරයි ජීවිතය අසුන්දර නොවූ විට.. සුන්දරයි අසුන්දර වූ දෙය සුන්දර යැයි සිතූ විට.. ජීවිතය අසුන්දර විය හැක සුන්දර නොවූ විට.. එහෙත් ජීවිතය සුන්දර කර ගත හැකිය සියලු දෙය විඳදරා ගත් විට.. ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 348 7 2
මල් පිපිච්ච පෙති පිරිච්ච මිදුල පුරා මල් වැටිච්ච පාගගන්න දුක හිතිච්ච අතීතයක් ඇත ගෙවිච්ච.. ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 400 6 2
ළෙංගතුකම හද තුළ පුරවාගෙන ඔබත් දිනෙක ආදරයෙන් හමුවී පෙමින් බැඳෙන්නට ඇති සුහදේ... සහසක් තුරුයට අතිනත පටලා ගව්වක් දුර ඇවිදින්න ඇතී... අහසක් තරමට පෙම්කවි ලියලා දවසක රහසින් දෙන්න ඇතී... නිල් දිය කලතා නෙළුමක් නෙළලා මගෙ හිස ඔබ සරසන්න ඇතී.. සුවඳක් හදතුළ මිහිදන් කරලා ඔබ මට අහිමිව යන්න ඇතී.. ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 388 5 5
කවදාවත් හමු නොවන්න වෙන් වුණේ ඇයි කියා සිත නිතර විමසමින් විඩාබර වී ගිහින්.. දුක් කඳුළු වගුරනා වාර නම් අපමණය ඒත් කරනට කිසිත් නොමැති වී අසරණය.. දෙපා සිඹ අයදිමින් ඔබෙ සෙනේ පැතූ මුත් පිටුපෑම මිස වෙනත් නොලැබුණිය කිසි සෙනෙහසක්.. ජීවිතය එපා මට ඔබෙන් තොර වූ ලොවක අයාලේ පා නොවී මියදියන් හනිකටම.. ?තරූ සමනළී?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps