තූර්යා ඉඳුවරී 7 years ago 378 3 0
සඳ තනියම උන්නු රෑක
තරුවැල් ඇවිදින් තනියට
සඳවතියව සනසවන්න හදනවා...
මල තනියම පිපුණුදාට
මලට ඇදෙන සමනළුන්ට
මලේ විරහා වේදනාව දැනෙනවා...
ගල්කුළු කඳු බාධක මැද
ගලන ගඟට සුවය දෙන්න
සයුරක් කොතැනකද කියා සිතෙනවා...
මම තනියම සිටිනා විට
කඳුළැලි නෙත පිරෙනා විට
මගේ නොවූ ඔබ කාගෙද සිතෙනවා....
??තරූ සමනළී??