චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 329 3 2
අවුරුද්දක්ම මෙහෙම තටු ලත් සේ ඉගිල ගියා... මම ලිව්ව සොඳුරු ජීවන පිටුත් පිරී ගියා... මදහස පවා අරගෙන නුඹ මගෙන් ඈත් වුණා... මතක එක්කම මේ වසර මමත් ලියලා ඉවර කරා... එදා මම එහි නේන්නට අපි හමු නොවෙන්නට තිබුණා... දෙතැනක උන් අපිට අපි නොහිතාම ගොඩක් ළං වුණා... නොගැළපෙන පද ඉතින් අවසානෙදී මැකුවා... ඉතුරු වුණේ හිත පමණයි මතක හුස්ම බර කළා... තරහක් නැහැ නුඹට මම මතක ලස්සනයි එකතු කළ ආයෙත් නොලියන ඒ කවියට ලෝබකමක් නැහැ හිත යට... ජීවිතේ එක අවුරුද්දක යහළුකම ආලයකට පෙරලුව... දෛවය වෙන්නැති වැරදිකරු නුඹ නෙවෙයි වැරදි මේ කදුලට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 316 2 2
නුපුරුදු හුදෙකලාවත් කලාවක් කළ කාලයක අවසන්ම දිනය අද හරි පුදුම කාලයක... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 318 2 0
සිතුවිලි කවි කරන්නට පද බඳින්නට නිරන්තර... ඇබ්බැහියක් තිබුණේම ලියන්නට තැනින් තැන...? ලියන දේවල් සේරම එකතු කරපු තැන... නිසදැස් පිටුව නුඹ වුණා හදවතේ නවාතැන...? මෙතැන තබා ගියපු වචන පද ඔක්කොම... හිතක පහලවුණු කවි කතා හින්දම...❤ හදට ළං කරන් හිටපු හැම දෙයක්ම... මෙතැන තියා ගියේ දිනපොතක් සේ මම...? හදට දැනෙන දේ වචන තුළ තැවරුන... ලියන වදන් පුරා ජීවිතේ ලියවුණ...? මගේ කවි පොතේ මේ සොඳුරු පිටුව මත... මම මේ ලියන්නේ අවුරුද්දේ අන්තිම ම කවිය...? දැනෙන රිදෙන දේ කවි කරපු අහස... අලුත් අවුරුද්දෙ මුණ ගැහෙමු නැවත...☀ මම, චතූ✍
චතුරංගි හර්ශිකා 5 years ago 321 3 0
දෙනෙත් තෙමෙනකොට කොලයක් පුරාවට කදුළු හැලුවේම හිත නිවාගන්න...? වරක් දුර යන්න සිතක් ආවත් නොගොස් හිටියේම කවිය නුඹ වෙනුවෙන්ම...? නෙතක් පිසලන්න වතක් සනසන්න හැකි සොඳුරු දෙය කවිය ඔය නුඹ...? හිතක් නැහැ ඔන්න කවිය හැර යන්න සදා ආදරෙයි කවිය මම නුඹට...❤✍ මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 410 2 0
වෙස් මුහුණු යටින් පට සේල යටින් කලු පාට හිටියෙ සුදු සේල දරන් මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 298 2 0
මම ආසම උඹේ ඔය හිනාවට... මුළු චන්දෙම මම ආසා කොටස උඹේ වත... දේශපාලනයේ කුහක මුහුණු මැද... චන්දෙ ඉල්ලලා බොරුවට අඩන උන්ගෙ නාඩගං මැද... ටෙලිවිෂන් පත්තර හැම තැනකම තිබුණේ උඹෙ මුවේ හිනාව... උඹ චන්දෙ ඉල්ලුවනං ඇත්තමයි මම මගෙ කුළුඳුල් චන්දෙ දෙන්නෙ උඹට... එච්චරටම මනාපයි මං ඔය හිනාවට... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 295 2 1
(වනගතව බවුන් වඩනා හිමිවරු) සසර මග හරි රළුයි කටුකයි හිත් තැවුල් නියතයි දුකයි එතෙර වන්නට නොහැක අපි අපි බැදුණු තැන්වල සැප හොයයි... නිතර දකිනා හැම තැනම දුක රුදුරු ගින්නෙන් යළි දැවෙයි සසර හැර දා සැනසෙන්න තව අපිට නිවනත් දුර වගෙයි... සිවුර ඇගලා බුදු පුතෙක් වී සසර කෙටි කරනා නියා සිවුර යටිනුත් කාසි හංගන නපුරු උන් දැන් බෝ වෙලා... නමුත් නොදකින අදුරු තැන්වල ගන වනන්තර තුළ පවා බවුන් වඩනා බුදු පුතුන් වෙති පුදුම සීලයකින් මෙදා... ගැටෙන තැන්වල කොහොම සැනසුම හොයන්නද හිත් චංචලයි සිවුර පෙරවූ පමණටම නම් සසර මග කෙටි වී නොයයි... ඈත හිමයක තනිව වනයක සොඳුරු බුදු පුතෙකුගෙ ළගයි සැබෑ ධර්මය ජීවමානව තිබුණෙ ඒ නොපෙනෙන ඉමයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 328 1 2
මිහිකත සොඳුරියට අබරණ පැලැන්දවූ... සුන්දර සොබාදම හැඩකර කවි පබැඳූ... මේ ගහකොල සොඳුරු මල් ගොමු අතර තැබූ... රළු හදවත් පවා උණුවෙයි මිහිර ලැබූ... හිමිදිරියක අරුණ රැස් කිරණක් මැද්දේ... මිහිලිය සිනාසෙන සුන්දර ගම්මැද්දේ... මම දුටු සුන්දරම දසුනයි මගෙ දිවියේ... කැකුලක් පිපී ඇත ලස්සන හිමිදිරියේ... හැන්දෑ අහස පරයන සුන්දර පාට... ඒ මල මුවග තිබුණා ඒ ලා රෝස... සුන්දර යුවතියක හිස ලූ බොර පාට... සුන්දර හිස් වැස්මක් රිසි ඒ කවුද... නිල් ගගනතට හිරු ඇවිදින් හිනැහෙද්දී... මම දුටු සුන්දරම ඒ මල හිනැහෙද්දී... කුසුමේ තනිය මකනට රහසින් එද්දී... නැවතුණු ලස්සනම බඹරෙක් දැක ගතිමි... මේ නම් සොබාදම් දෙවගන ලොවට මැවූ... තව සුන්දරම දසුනකි නෙත් සිත් පිනවූ... අඩු වැඩි වර්ණ නිසි ලෙස යහමින් ගැළපූ... මල මත බඹරින්දු සිතුවමකට සුදුසූ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 404 2 0
නෝට්ටු කොල අතර සිනාසෙන හෝරාවක... හිතට අවසග නැති නූපන් හීන කුමටද... ජීවිතේ හඹා ගොස් අපි හොයන අපි පතන.. සතුට සැනසීම ඇත්තටම සල්ලිද... උඹ ළගදි මට දැනුන මගෙම කියන ලස්සන හැගීම... නුඹ ළග තිබුණු සල්ලිවල තිබුණා කියා උඹ හිතනවද... උඹ හරි මිල අධික හීන මැද ජීවතේ මැව්වට... උඹ නොදත් එකම දේ ආදරේ විතරමද... දුප්පත් හීන පාට පාට නොවුණට... නුඹ නොදත් එක දෙයක් තියෙනවා දන්නවද... ධනවත් හීනවල පාට දවසක හේදුනත්... දුප්පත් හීන ජීවත් වේවි හැමදාම... හේදෙන්න පවා පාටක් නොතිබූ නිසා ම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 295 2 2
කෙලිබරම ළමා හිත නුඹ තරම් හදුනාපු කිසි කෙනෙක් නැතුව ඇති ජීවිතේ රසවිදපු... සුන්දරම ළමා විය සිතුවමට පණ පොවපු තේරෙන්නේ නැහැ ඉතින් කොහෙන් ආවද අකුරු... පුදුම සිතුවම් අතර නෙත් පවා මත් කරපු මහළු හිතකට පවා ළමා හිතුවිලි දීපු... වේදනාවට දුකට තරහවට ඉඩ නොමැති නුඹෙ කතා අතර මම දුටුවෙ රන් දෙව්ලොවකි... මට අහිමි වුණත් මම ආදරෙන් සිත් බැඳපු ලස්සනම ළමා ලොව නුඹයි සිතුවම් කරපු... සිබිල් නැන්දේ ගියත් මතක හැරදා දුරක නුඹ සදා පණ ගැහෙනු ඇත පුංචි හිත් තුලම... නුඹ දිනෙක පැතූ සේ නුඹෙ ආත්මය ඈත අහසෙ පියඹා යාවි සුරගනන් මැද රෑක... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 297 2 0
හදවත රිදෙන මුත් නවතිමු මෙතැන් පසූ සිතුවිලි සිර කරන් දෙඅතක යන්න යමූ මහමෙර තරම් ගින්නක් ඉහිලුවට පසූ කණාමැදිරි එළියට හිත බය නැතිලූ මෙතෙක් දුරක් ආ මග නොබලාම ඉමූ හිතෙන් පවා අපි ගැන අපි නොහිතා ඉමූ හමුවුණු හැම විටම අපි මුණිවත රකිමූ රහසින්වත් යළි නෙතගින් නොම බලමූ දවසක හමුවුණත් නොදන්න ලෙසින් ඉමූ අහසක් පුරාවට අපි ලියු ගී මකමූ යටගිය මතක ඔක්කොම දොරගුළු දමමූ අහිමි බැඳීමට නැවතුම් තිත තබමූ හදවත් යළිත් කියනා කවි නොම අසමූ වදනක් පවා අපි අපි ගැන නොලියා ඉමූ අපිටත් උරුම නැති හීනෙන් අවදි වෙමූ අදින් පසුව අපි ආයෙත් හමු නොවෙමූ මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 306 3 2
-අවසානයේ යුවතිය වැන්දඹුවක් ලෙසත් හෙතෙම තනිකඩ මහල්ලෙක් ලෙසත් මහළු මඩමක් තුළ යළිත් මුණ ගැසේ- හදවත කොණක හසරැල්ලක් රැදුනාට අවතැන් හීන සිතුවිල්ලකි නුඹ මෙමට අසරණ වුණත් ජීවිතයේ එක තැනක ලියන්නට හිතයි කවියක් අපි ගැනම මල් පිබිදෙන යෞවනයේ ඉම කොණක වෙනකෙකු අත රැගෙන මා දුර ගිය කලට අපි ලියු කතාවේ පිටුවක් පුරාවට දනිමි කදුළු හැලු බව නුඹ මම සේම අවතැන් කෙරූ ආදරයේ සුපෙම් හද වෙනතක බැඳෙන වග හීනෙන් දුටිමි මම ජීවිත සැන්දෑවෙ ඉම කොණ තවම හිද අපි අපි ගැනම නොහිතන බව කියනු කිම හැම හවසකම මේ පියසේ මුණ ගැහෙන හැම දවසකම මගෙ නෙතු ළග හිත තියන මහළු මඩමෙ කඳුලැලි මැද සිනාසෙන අවතැන් පෙම්වතුන් යුවළයි අපි දෙදෙන ජීවිත කතාවේ පෙම් කවි ලියනකොට වැඩිහිටියන් නොමැරුවා නම් සුපෙම් හද වැන්දඹුවක් ලෙසින් මේ මඩමේ තනිව නොසිටිනු ඇති මමත් මෙලෙසින් අවතැන්ව යොවුන් වියේ බැඳි ආලය ජය ගන්න හැකි වූවා නම් අපි අපගේ වෙන්න තනිකඩ මහල්ලෙක් සේ මෙහි නවතින්න නුඹටත් සිදු නොවනු ඇති අවතැන් වෙන්න යුග ගමනේ එක් වෙන්නට වරම් නැතත් මහළු වියේ නුඹ නෙත දැක ගැනුම සැපක් දෛවය උරුම කළ ඒ දුක් කන්ද මැදත් නුඹෙ ළෙංගතු සිනහව මහමෙරක් අදත් මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps