චතුරංගි හර්ශිකා 5 years ago 280 2 2
කෙලිබරම ළමා හිත
නුඹ තරම් හදුනාපු
කිසි කෙනෙක් නැතුව ඇති
ජීවිතේ රසවිදපු...
සුන්දරම ළමා විය
සිතුවමට පණ පොවපු
තේරෙන්නේ නැහැ ඉතින්
කොහෙන් ආවද අකුරු...
පුදුම සිතුවම් අතර
නෙත් පවා මත් කරපු
මහළු හිතකට පවා
ළමා හිතුවිලි දීපු...
වේදනාවට දුකට
තරහවට ඉඩ නොමැති
නුඹෙ කතා අතර මම
දුටුවෙ රන් දෙව්ලොවකි...
මට අහිමි වුණත් මම
ආදරෙන් සිත් බැඳපු
ලස්සනම ළමා ලොව
නුඹයි සිතුවම් කරපු...
සිබිල් නැන්දේ ගියත්
මතක හැරදා දුරක
නුඹ සදා පණ ගැහෙනු
ඇත පුංචි හිත් තුලම...
නුඹ දිනෙක පැතූ සේ
නුඹෙ ආත්මය ඈත
අහසෙ පියඹා යාවි
සුරගනන් මැද රෑක...
මම,
චතූ
❤️mila❤️ 5 years ago ඒකනම් ඇත්ත ?
චතුරංගි හර්ශිකා 5 years ago ම්...❤❤