චතුරංගි හර්ශිකා 5 years ago 311 1 2
මිහිකත සොඳුරියට අබරණ
පැලැන්දවූ...
සුන්දර සොබාදම හැඩකර
කවි පබැඳූ...
මේ ගහකොල සොඳුරු මල් ගොමු
අතර තැබූ...
රළු හදවත් පවා උණුවෙයි
මිහිර ලැබූ...
හිමිදිරියක අරුණ රැස් කිරණක්
මැද්දේ...
මිහිලිය සිනාසෙන සුන්දර
ගම්මැද්දේ...
මම දුටු සුන්දරම දසුනයි
මගෙ දිවියේ...
කැකුලක් පිපී ඇත ලස්සන
හිමිදිරියේ...
හැන්දෑ අහස පරයන සුන්දර
පාට...
ඒ මල මුවග තිබුණා ඒ ලා
රෝස...
සුන්දර යුවතියක හිස ලූ බොර
පාට...
සුන්දර හිස් වැස්මක් රිසි
ඒ කවුද...
නිල් ගගනතට හිරු ඇවිදින්
හිනැහෙද්දී...
මම දුටු සුන්දරම ඒ මල
හිනැහෙද්දී...
කුසුමේ තනිය මකනට රහසින්
එද්දී...
නැවතුණු ලස්සනම බඹරෙක්
දැක ගතිමි...
මේ නම් සොබාදම් දෙවගන
ලොවට මැවූ...
තව සුන්දරම දසුනකි නෙත් සිත්
පිනවූ...
අඩු වැඩි වර්ණ නිසි ලෙස යහමින්
ගැළපූ...
මල මත බඹරින්දු සිතුවමකට
සුදුසූ...
- චතූ
Nethu 5 years ago මල මත බඹරින්දු සිතුවමකට සුදුසු. Superb❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?❤