චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 383 2 2
මං තනිව මගෙ හීන ගොඩ ගැහුව හිත ගාව හත්පෙති මලත් එක්ක ෂේන්යා මගෙ ගාව... රෑට හීනෙන් පවා පාට පෙති මම දුටුව ඒ මලේ පෙති හතම තිබුණ තව ඈ ගාව... මගේ කෙළිලොල් හිතේ හීනයක් වී උපන් පෙරදා රැයේ ඇවිත් මගෙ හීනවල ඉදන්... එ් පුදුම මිත්තණිය දුන්නු හත්පෙති මලත් ෂේන්යා ඇත්තටම මට අරගෙනත් ඇවිත්... ආන්යා වෙනුවෙන් පෙත්තක් කඩා ගන්න ඒක කළ යුතු නිසා මම ඉඩ දුන්නා ඔන්න... ඒත් ආයෙත් ඉතින් තවත් දේ ඉල්ලන්න එන්න නම් එපා මේ මල මගේ මට දෙන්න... සෙල්ලම් බඩු අරං පෙති නිකං අපරාදෙ මල් වාස් කඩ කඩා හදන්නට බැහැ ආයෙ... පෙර කරපු සිගිති වැඩ කරන්නට මේ වාරෙ ඉඩක් නෑ ෂේන්යා හත් පෙති මල මගේ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 264 2 2
හිත දවන කවටකම් නෙත් තෙමන නෝක්කාඩු අතරේ වුවත් පෙර අපි අපිට පෙම් කළා... මගේ කුළුඳුල් පැතුම ඒ නුඹ වුණා සබඳ ගෙවුණු හැම මොහොතකම මම තනිව ළතැවුණා... කදුළු කවියක් වුවත් ලියන මොහොතේ පටන් ආදරේ විතරක්ම හිත ඇතුලෙ හිර වුණා... මතකයිද අපි හිනා වුණු හැම විටම කදුළු මටත් නොදැනිම මගේ නෙත් කෙවෙනි තෙත් කළා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 299 2 2
මල් නැති ගහක කොළ වලටත් හිත් බදින... අමුතුම හිතක් තිබුණා මට නුඹ දන්න... නැත්නම් ඉතින් ඔය ඇස් ළග නවතින්න... මගෙ හිත හිතාවිද නොහිතූ දුර යන්න... උතුරට දකුණ යා කරනා පරවියෙකු... වෙන්නට හිතුව මට කූඩුවෙ ඉඩ නැහැලු... හරි ලස්සනට අපි මැව් ගී බොදවෙයිලු... නුඹ තනි මගක මංසල මා හැර යයිලු... මිණිපුර බොහොම ගංගාවල ඇති එමට... මිණිකැට නම් සොයා ගන්නට ඕනි ලෙස... එක හිත ඇතිව ළග ඉන්නට මියෙන දින... හැකි එක ළදක් හැකිනම් නුඹ අරගන්න... ළග රැදෙනා මනාපය හිත තුළයි ඇතී... ළග රදවා ගන්න නීතියකට නොහැකී... නුඹ මම බොහෝ දුර බව දැන දැනත් රිදී... ළංවුණු හිතට නුඹ ඔය දුක දීල මදී... මගෙ භාෂාව නුඹ නුහුරට කියනකොට... උඹෙ භාෂාව මම දන්නෙම නැතුවාට... නුඹ ළග පෙමින් රැදිලා තව දුර යන්න... මගෙ එක හිතට සවි තිබුණා ළග ඉන්න... හිතවත් හීන වැස්සක් වී නුඹ හිතට... ආ මුල් දාම මට තිබුණේ හැර යන්න... ළග රැදුනාම හිතුවෙත් නෑ කදුළු කැට... මට දී ඔහොම දුර යයි කියා ඔය දෑස... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 269 2 2
පුන් සඳ හීන අරගෙන නාව එක රෑක... මල් මිණි ඉහින ලස්සන පින්න ආවාම... නෙත් ළග ගීත සිතුවම් කරන තරු රෑන... නුඹ ළග නැතත් මම තනි හීන තුළ රැඳින... රෑ ගොම්මනට හැම මොහොතකම මට රිදෙන... මගෙ හිත් යාය ගොඩ ගලනා අයුරු ගැන... මම පමණක් ම දැනගත්තාවෙ මගෙ සුසුම... හෙට එළිවෙන්න පෙර ආයෙත් ඔබ යන්න... මල් පැණි බොන්න බඹරෙක් ආව අපෙ ලන්ද... මැද හැමදාම පරසතු පිපුණි ඌ නැතුව... මල හැර යන්න නැහැ වැටකඩුළු බඹරුන් ට... කොහොමත් බඹරු එකතැන රැදෙන් නෑ එහෙම... තරු වැල් වලින් මල් වැල් හදන රෑ ගගන... පිණි කැට වලින් මුතුවැල් ගොතනවා තවම... දුහුලැල් වළා රොදකින් මංගල ගවුම... මැසුවා සදලියට උන් දීගෙක යන්න... මගෙ තනි ගීත මම තනි රෑක දෙඩුවාම... කවදාවත් ම අවතැන් හීන නොදවන්න... නුඹ නම් ඉතින් ඈ අත රැගෙන සද රෑක... මංගල ගමන යන්නට යාවි සතුටින්ම... රොබරෝසියා මල් පාරේ ම එක දාක... මා හා ගියා මතකයි නම් එය තාම... කවදාවත් ම හැරයන්නෙපා නුඹ ඈව... ප්‍රේමය පූජනීයයි නුඹ දන්නෑ ඒක... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 276 2 2
මට මතක මගෙ මතක තිබුණේ ම ළමා විය තුළ නිදන් වී තිබුණු මගෙ ළමා හිත ගාව... පාසැල් සමය නැවත නොඑන හින්දා දිනෙක ගෙවුණු කාලය හිතේ නිදන් වී ඇත කොණක... හැමදාම හැමදේම හරි සතුටු හිතකින්ම ජීවිතේ විදින්නට කියා දුන්නා නිතර... යෙහෙළියන් පිරිවරා දුව පැනපු අතීතය අපහැදිලි සිතුවමකි හදවතේ තව රැදුන... ජීවිතේ වසත් කල මගේ කවි හිත ගාව මල් වදුළු පිබිදවූ මගේ පාසල් මතක... ඒ බිමේ හැමදාම නවතින්න හැකියි නම් ජීවිතේ මම ලබන එකම ප්‍රීතිය ඒක... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 236 2 2
හැම වතාවෙම වගේ මගෙ සිනහ කදුළු පොත තව කතාවක් නුඹට කියන්නට තිබේ මට... අද උදෙත් ඉර තදට පායලා ඇත මෙහෙට ගම තරම් නම් ඉතින් පුරුදු නෑ මට කොළඹ... ඉඩක් නැති පාරවල් තදබදය හරි ගැහැට විදින්නට හැමදාම සිදුවේවි මෙහෙ උන්ට... නිදන්නට පවා රෑ හීනයක් තුළ තදට මෙහේ බෑ හරි සද්ද රෑ කියා නෑ වෙනස... වීදි ගානේ යනෙන නේක වූ මිනිසුන්ට අනිත් උන් ගැන හොයා බලන්නට නැහැනෙ ඉඩ... තම තමන්ගේ ලෝකවල තනිව හැම පැයම මුදල් හොයලා නහින උන් තමයි හැම අතම... තවත් පැත්තක හොඳට ගස් අමුතුවෙන් වැවුව වීදිවල සමහරුන් ඇවිද යයි උදයේම... ලොම් පිරුණු බල්ලන්ට ඇවිදින්න වත් තනිව ඉඩක් නෑ ඇවිදින්න එක්ක යනවා උන්ව... හරි දුක් ගොඩක් පිරුණු මේ වීදිවල රෑට ඇග මසත් මුදලකට විකිණෙනවා හැමදාම... අපායත් දෙව් ලොවත් දෙකම මේ එකම බිම දැකගන්න හැකියි මෙය නොවෙයි මට උරුම තැන... මේ වීදි පුරාවට හිනාවට යටින් තව කදුළු පැල්ලම් බොහොම තිබේ නොපෙනෙනා ඉම... මට හිතයි මොහොතකින් නිසංසල මගෙ ගමට පියාඹා වැව් දියෙන් මේ කිළුටු සෝදන්න... මට එපා මේ කොළඹ හැම තැනම කදුළු කැට මට යන්න තිබේනම් හීන විසි කර ගමට... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 269 3 3
ප්‍රේමය? මමයි මගෙ හදවතයි පැතුම් මියගිය හිතයි වන්දනාවේ ගියා පෙම් පුරාවත් සොයා... භාරත බිමේ සොඳුරු කිරි ගරුඬ මැදුර ළග මගේ හිත නතර වී බලා සිටියා එදෙස... මේ තරම් සුන්දරව සිහිවටන තනන්නට සාජහන් මොන තරම් ආදරෙද දේවියට... ඒ තරම් ආදරේ පිරුණ නම් ඒ හිතට මාළිගේ හදපු උන් අමු අමුවේ මරාවිද... තවත් දුර ඉගිලිලා යමුණාවෙ ඉවුරකට මමයි මගෙ හදවතයි ගොඩවුනා මොහොතකට... රාධාව ක්‍රිෂ්ණාව ප්‍රේමයේ ලියැවෙන්න මොනතරම් ආදරේ සුන්දර ද උන් ගාව... යමුනා නදී තෙරේ රාධා වගේ තවත් සොඳුරු සුන්දර ළදුන් හිටියා ලු ක්‍රිෂ්ණා ට... තවත් දුර අපි ගියා නැවතිලා මොහොතකට මගේ හිත ආයෙමත් විමසුවා මගෙන් තව... රාමාට සීතාට පුරාවත් ලියැවෙන්න මොන තරම් ආදරේ තිබුණා ද ඔවුන් ළග... රාවණා පැහැරගෙන ගිය නිසා සීතාව සැක කලා නම් ඈව ප්‍රේමයක් තිබුණා ද... හැම තැනම සොයා ගොස් හති වැටී ආවමුත් නොහැකි විය සොයන්නට සැබෑ ප්‍රේමය තාම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 251 4 3
එකම එක පොඩි කදුළු බිදුවක් දෑස් තෙමනා විට... වැරදිලාවත් මට අඩන්නට ඉඩක් දුන් නෑ ඔබ... ඔබ ගියාමත් නාඩා ඉන්නට හුරු කළා නම් හෙම... දැන් ගොඩක් කල් හිත හදාගෙන ඉන්න තිබුණා මට... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 253 3 3
කුමටද මේ රංගනයේ තව දුර රැදී සිටින්නේ මම නම්... අවසග නැති හිතුවිලි පාරයි හිත වැරදිකාරයා නුඹ නම්... නුඹගේ රුව කිරිගරුඬින් නිම කළ කලාකාරියත් මම නම්... අවසර නැහැ තව නුඹට හිදින්නට කඩා දමමි ගල් කටුවෙන්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 264 3 2
ඇගේ උකුලේ සැනසෙන්න මට නොහැකි වූ ලොව කුමන කිරුළුද මවක් ළග නැති අඩුව තනිකම පුරවන්න හැකි වුණේ කාටද? මම නොදුටු මගෙ ළමා කාලේ මගේ අම්මා මෙහෙම වෙන්නැති හිතා ඉදහිට මමත් හැඩුවා මම නොදුටු සෙනෙහසක් වෙනුවෙන් අන්ධ හදවත මැද නතර වුණ එකම එක රළු පුංචි සුසුමක පවා ඉදහිට මමත් හෙව්වා ඇත්තටම අම්මලා කොහොමද? - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 248 3 2
නොවැලපෙමි නොලැබීම... හඬා කිම ගතු කීම... වැරදීම් ඇති එමට... එයයි පොදු ලෝ දහම... ගෙන ගියත් හිතක මල්... උයන වනසා දිනෙක... යළි වසන්තයක් එයි... නුඹ ඔහොම හිතුවාට... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 333 3 0
දවසක් ඒවි හැමදේම වෙනස්වන... ඒ හැම මොහොතකම, හැර නොයා ළග ඉන්න... මම හිතන මම දුටුව එකම එක හේතුව නම්... ඒ උතුම් ආදරයයි. - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps