චතුරංගි හර්ශිකා 5 years ago 265 2 2
හිත දවන කවටකම්
නෙත් තෙමන නෝක්කාඩු
අතරේ වුවත් පෙර
අපි අපිට පෙම් කළා...
මගේ කුළුඳුල් පැතුම
ඒ නුඹ වුණා සබඳ
ගෙවුණු හැම මොහොතකම
මම තනිව ළතැවුණා...
කදුළු කවියක් වුවත්
ලියන මොහොතේ පටන්
ආදරේ විතරක්ම
හිත ඇතුලෙ හිර වුණා...
මතකයිද අපි හිනා වුණු
හැම විටම කදුළු
මටත් නොදැනිම මගේ
නෙත් කෙවෙනි තෙත් කළා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ✍️???
චතුරංගි හර්ශිකා 5 years ago ??✌