චතුරංගි හර්ශිකා 5 years ago 287 2 2
මල් නැති ගහක
කොළ වලටත් හිත් බදින...
අමුතුම හිතක් තිබුණා මට
නුඹ දන්න...
නැත්නම් ඉතින් ඔය ඇස් ළග
නවතින්න...
මගෙ හිත හිතාවිද නොහිතූ
දුර යන්න...
උතුරට දකුණ යා කරනා
පරවියෙකු...
වෙන්නට හිතුව මට කූඩුවෙ
ඉඩ නැහැලු...
හරි ලස්සනට අපි මැව් ගී
බොදවෙයිලු...
නුඹ තනි මගක මංසල මා
හැර යයිලු...
මිණිපුර බොහොම ගංගාවල
ඇති එමට...
මිණිකැට නම් සොයා ගන්නට
ඕනි ලෙස...
එක හිත ඇතිව ළග ඉන්නට
මියෙන දින...
හැකි එක ළදක් හැකිනම් නුඹ
අරගන්න...
ළග රැදෙනා මනාපය හිත තුළයි
ඇතී...
ළග රදවා ගන්න නීතියකට
නොහැකී...
නුඹ මම බොහෝ දුර බව දැන
දැනත් රිදී...
ළංවුණු හිතට නුඹ ඔය දුක
දීල මදී...
මගෙ භාෂාව නුඹ නුහුරට
කියනකොට...
උඹෙ භාෂාව මම දන්නෙම
නැතුවාට...
නුඹ ළග පෙමින් රැදිලා තව
දුර යන්න...
මගෙ එක හිතට සවි තිබුණා
ළග ඉන්න...
හිතවත් හීන වැස්සක් වී
නුඹ හිතට...
ආ මුල් දාම මට තිබුණේ
හැර යන්න...
ළග රැදුනාම හිතුවෙත් නෑ
කදුළු කැට...
මට දී ඔහොම දුර යයි කියා
ඔය දෑස...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thank you