චතුරංගි හර්ශිකා
5 years ago
438
9
10
ආදරණීය bestie,
මුණ ගැහෙන්න space නැති ජීවිතේ
busy දවස් මැදින්
සයිබර් අවකාශයේ
පුරුදු යාළුවෝ meet වුණා...
පණට පණ වගේ
ඉස්සර උන්නු ගොඩක් දෙනෙක්
last seen පවා හංගගෙන
රහසින්ම ගොළු වෙලා...
නයෙක් වගේ දිගට
contact list එකේ
උන්නු ගොඩක් අය
online හිටියත්
අපිට offline වෙලා...
අහම්බෙන් A/L Class එකේ
මුණගැහුණු යාළුවගේ
යාළුකම තවමත්
available වෙලා...
පුංචිම කාලෙම
එකට උන් බව කීවත්
අපිට අපිව තිබුණේ
අමතකම වෙලා...
අහම්බෙන් හමුවෙලා
පුංචි අවුරුදු දෙකකට
අපටත් රහසෙම
forever friendship එක
permanent වෙලා...
සයිබර් කොණක chat එකක
දවසකට දෙතුන් වරක්ම
හේතු හදාගෙන හරි
නුඹෙන් massage එකක් ආවා...
ආදරණීය bestie
නුඹ දුන්නු යාළුකම වෙනුවෙන්
ඕනිම මොහොතක
chathu ඉන්නවා
is typing... වෙලා...
-chathu