චතුරංගි හර්ශිකා 4 years ago 341 1 4
මතක අතුරාපු
හිත් අහස් කොණක
හීන තවරාපු
තාරුකාවක්ද මගෙ ඇස් දෙක
කාන්තිය තවරගෙන
දිලෙන්නට නොහැකිවාට
හීන ඇහිඳින
බොරළු කැටයක් ද ඔය හිත
ඔය මුවින් වචන ඇහිඳලා
නුඹම ගෙතුව උපමා ඇතුලෙ
කොහොමද මේ තරම්
දුරස් කරලා හිතුවෙ අපි ගැන
වසාගෙන නිල් දෑසම
දකින හීන සක්වලම එළිවෙන
අමාවක මහ කලුවරක
ඇවිද යමු අපි දුර ඈත
වෙන්වෙන්න පෙරම
මතක හාදු කීපයක්
කොපුල් මත තියන්න
මට මතකෙට ගෙනියන්න
හමුවෙන දවසක් ගැන
එපා ඉඟියක්වත් කරන්න
අහම්බෙන් හමුවෙලා
අහම්බෙන් වෙන් වෙමු පුරුදු විදියටම
-චතූ✍️
*$@n¢hi* 4 years ago ❤️❤️❤️
නදී ..✍???? 4 years ago ❤️❤️
චතුරංගි හර්ශිකා 4 years ago ????
චතුරංගි හර්ශිකා 4 years ago ❤️