Dila ???? Nisadas Count (68)
Dila ???? 5 years ago 329 5 16
ඔබේ හීනය බර වැඩියි අත්තටු කුඩයි රැය සීතයි ඉතිං අපි පියඹමුද කියලා මට අහන්නට බය ඒකයි... ඔබේ අහසත් මගේ අහසත් එකක් කියලා දැනුනු දවසක ඔහේ පාවී යන්න කියලා මගේ හීනය මුදා හැරියෙමි... හිස් තැනක් සේ දුරට පෙනුනත් කොයි තරම් නම් බරද අහසක් කියා දන්නේ පොළව හින්දා හෙටත් මහ පොළවෙහිම නවතිමි...
Dila ???? 5 years ago 303 8 10
ප්‍රේමය ඉතිරි උනේ ම මගහැරුනු හිත්වල.. ප්‍රේමය නොමැරුනේම මඟ බලපු ඇස්වල.. ප්‍රේමය නැවත නැවතත් උපත ලැබුවේම අතහැරුනු තැන්වල.. ප්‍රේමය අමරණීය උනේම නොලැබුණු ජීවිතවල.. ප්‍රේමය ප්‍රේමය විදිහටම පවතින්නෙ ඒ නොලැබීම තුළ.. ඉතිං, නොලැබුණු ප්‍රේමය.. නුඹට නොදෙවනි වන ප්‍රේමයක් අදටත් මට මුණගැසී නැත.. මේ ගමන හරි දිගයි නොලැබුනත් අපි ආයෙ මුණ ගැසෙමු.. ආයෙ ආයෙම වෙන් වෙමු.. ප්‍රේමය අමරණීය වන්නට ඉඩහැර..
Dila ???? 5 years ago 307 2 2
බොහෝ කවි අතර සොයා යමි දැනෙන වචන කිහිපයක්.. රිදි රිදි කියවන්න.. බෙහෝ හැඟීම් අතර පැටලෙමි.. අන්තිමට සුසුම් ලග සැනසෙමි.. වරුගනන් බලා ඉමි.. නොසන්සුන්ව කෑ ගසමි.. "ඔයා හොදින්ද " කාලාන්තරයකට පස්සේ නුබෙන් ලැබෙන කෙටි පණිවුඩයකට තුටින් ඉපිලි නටමි... නමුත් ක්ශනිකවම නැවතෙමි.. "ඔයා සතුටින් නේද" අසා පිලිතුරු යවමි..
Dila ???? 5 years ago 360 8 11
දවසක බැරි උනොත් අපිට අපේ වෙන්න.. කඳුළු මතක මට දිලා සතුටු මතක ඔයා අරන් යන්න.. අතර මඟදි එපා කොහෙදිවත් නතර වෙන්න.. ඉඩ දෙන්න නුඹේ මතක එක්ක මට තනි වෙන්න.. හමුවෙන්න කලින් සිදු උනොත් අපිට වෙන් වෙන්න.. ඉන්නම් බලා සසරේ එක භවයක හෝ නුඹේ වෙන්න.. බැරි උනොත් ඒ භවයෙත් නුඹේ වෙන්න.. මං නැතත් කොහේ හෝ නුඹ හොදින් ඉන්න..
Dila ???? 5 years ago 323 7 12
තනි වෙන්නෙ නැතුව තනි වීම ගැන කවදාවත්ම වචන හසුරවන්න එපා උඹ අසාර්ථකයි !! මොකද, තනිවීම ගැන හොඳාකාරවම දන්නෙ තනිවෙච්ච උන්.. ඊටත්, තනි වීම ඇතුළෙ තනි වෙච්ච උන් තනි වෙනවා කියන්නෙ හුදෙකලා වෙන එක නෙමෙයි.. දාහක් මිනිස් හිත් අස්සෙ ලක්ෂ ගානක් කටහඬවල් අස්සෙ තමන් විතරක් ජීවත් වෙනවා කියන දේ හදවතටම දැනෙන එක.. කවුරු සනසන්න හැදුවත් සැනසෙන්න හිත සූදානම් නැති එක.. කරන කරන හැම වැඩක්ම අසාර්ථක වෙවී.. කඳුළින් සේරම ඉවර වෙන එක හූල්ලන හෝරාවල් දවසෙන් වැඩි හරියක් හොරකම් කරන එක. කිසිම දේකට ඇල්මක් නැති වෙන එක.. කලුවරට ආස කරන එක.. සිංදු අහන්න ලියන්න කියවන්න හුරු වෙන එක.. තව හුඟක් දේවල් තමන්ගෙ දරා ගැනීම අනුව වෙනස් වෙන එක.. ඉතිං, තනි නොවී තනි වීම ගැන සාරාංශ කරන්න යන්න එපා !!
Dila ???? 5 years ago 298 6 8
ආදරනීය හදවත___ අනේ අහපන් දැන්වත්.. උබ එයාව හොයද්දි හිත පිච්චෙනවා උබ අවුලුවන ගින්දරේ හරියට.. උබ රැයක් දවාලාක් නැතුව එයාවම ඉල්ලනකොට කොහෙන් එයාව හොයන්නද... උබ ඇස් වල කදුලු අරන් ඒ කදුලු කැට අස්සෙනුත් එයාගෙම රූපේ අදිනවා බොද වෙවී.. මං දන්නවා උබ හුස්ම ගත්තෙ එයා වෙනුවෙන් උබ එයාව පපුවේ තියන් පරිස්සම් කලේ.. ඇබ්බැහි උනා උබ එයාට... උබ හරි මුරන්ඩුයි හදවත උබ දැනුත් හරි මුරන්ඩුයි... එයා මනමාල ඇස් වලින් ඇස් වලට එබෙනකොට... මුලු මූනම අතට අරන් නලලතට හාදු තවරනකොට... එයාගේ රළු පපුවේ උණුහුමට යට කරගන්නකොට.. ඔව් උබ උමතුවෙන් වගේ එයාට ලං උනා... ඔව් උබ අන්ධයෙක් වගේ එයාගේ පස්සෙම වැටුනා.. අනේ අහපන්... දැන්වත් බලපන්.. දැන්වත් මට ඉඩක් දීපන් හැමදේම තේරුම් කරන්න... එයා එන්නෙ නෑ බන්.. උබ කොච්චර කෑ ගැහුවත් එයාට ඒක ඇහෙන්නෑ...
Dila ???? 5 years ago 316 6 11
වැස්සක් උනත් එන්නෙම ඕනේම නැති මොහොතක නාඬා ඉදපන් හදවත ඔහු සුවෙන් උණුසුම්ම තුරුලක !!
Dila ???? 5 years ago 290 5 9
නුඹට නොපෙනෙන කඳුළු බිදුවත් පිට'ත්ලෙන් පොඩිකර දමා.. මහා වැස්සක් වී වැටෙන්නම් නොකී ප්‍රේමෙක දිය වෙලා..
Dila ???? 5 years ago 327 5 9
අහසට එපා වුන දාක ඉතින් නුඹ පැමිණෙන්න.. අහසට බර බොහෝ දේ පොළොව දරා ගත්තා හරි ආදරෙන්..
Dila ???? 5 years ago 309 5 11
පපුවෙ ගැඹුරුම තැනක වැලලූ දඩබ්බර සුසුමකි මිටින් හළ තෙතක් හිත නැති වේදනාවකි විඩාබර ඇස් කෙවෙණි තෙත් කළ අමතකව ගිය පෙම් සුසානෙක දිරාපත් වෙයි ගැහෙන හිත්මල දයාබර පෙම්බර මතක අද හුස්ම අයැදින පෙමකි ඔත්පළ...
Dila ???? 5 years ago 289 6 12
ඉතිරි කළ මතක මත හෙමි හෙමින් ඇවිදිමි රෝස කටු ඇනෙද්දී ආදරෙන් ඉවසමි ලේ ගලන තැන් වල සුසුම් කැන් අතුරමි සුව දැනෙන තැන් සොයා මුදුව පිරිමැද බලමි හීනෙකින් ඉඳහිට ඇවිත් නුඹ ළඟ රැඳෙමි දැනෙන නොදැනෙන සේ නළල සිඹ නික්මෙමි...
Dila ???? 5 years ago 290 5 11
වෙහෙසය මට ඔබට මෙන්ම තව දුර යනු නොහැක ගිලිහුනේ කෙලෙසකද කොයි ලෙසද නොදනිමි පැමිණි මග අප දෑත බැඳගෙන මල්පෙති සිපගෙන කවි කියූ යුගය අවසන්ය කටු ඇනී රිදුම් දෙයි දෙතොලම යා යුතුය තවත් දුර හමුවේද නොවේවිද නොදැනම රැයවල්ද දහවල්ද පසුකර ගිලන් ව දැඩි වෙහෙසින් අහස බැලුවද කවුළුවෙන් අවරදිග රත මුසු ව වියැළුණ අව පැහැ දෙතොලක සටහන පමණි ඉතුරු කල්ප කාලයක් පැරණි !!
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps