✍️Nilushi Nisansala✍️ 6 years ago 269 3 0
තනිව උරුමකන් කී අම්මා ,අප්පච්චීගේ සෙනේ තුන් කඩකට බෙදී ගියේ නුඹලා නිසයි මල්ලියේ ! නැහැ තරහක් ඒ ගැන මට ආදරෙයිනේ පණ මගේ , දිවියේ ලද වටිනම වස්තුව නුඹ දෙදෙනයි මල්ලියේ .............. රණ්ඩු කළත් ,ගහබැන විසිහතර පැයේ, නොදනී නුඹලා ඇති ආදරේ මගේ ළයේ , මතු මතුවත් උපදින නෙක හැම භවයේ , සොයුරන් විලස ඉපදෙමූ අපේ අම්මාගේ කුසයේ...........
තූර්යා ඉඳුවරී 6 years ago 280 7 0
එකෙකු හැර ගිය නවාතැනේ ලැගුම් ගන්නා අපි... දිනෙක හැර යායුතුය අප සතු සියල්ල තවකෙකුට තිළිණ කර... ??තරූ සමනළී??
Rasika Maduwanthi 6 years ago 286 1 1
කලු අහසේ බබලන ඔබ හරි ලස්සනයි ඔබ වට කර සිටිනා තරු ද ඒ තරමට ලස්සනයි විටෙක සම්පූර්ණ යි ඔබ විටෙක අඩ සදයි ඔබ දිනෙන් දින වෙනස් වන ඔබ හරි ලස්සනයි ❤ මදූ ❤
Rasika Maduwanthi 6 years ago 291 1 1
ඉන්න නුබ ලග ආසයි මාද හැමවිට නුබේ ඔය තුරුලට එන්නද ටිකකට අවසර දෙනවද එයට පමනක් මා හට මගේ ආදරෙ නුබට මදි වීද ඇයි දෝ හැරදා යන්නේ මා මේ විලසින් මා කෙරුවේ කුමන වරද ද නුබම පමනයි මගේ ලෝකේ නුබව පමනයි මටත් ඕනේ ඇයි දෝ නුබට නොතෙරෙන්නේ මගේ ආදරේ ❤ මදූ ❤
Rasika Maduwanthi 6 years ago 320 3 0
නුබේ අත්වල මගෙ අත් පටලන් ආසයි මා හට යන්නට හැමතැන එනමුදු මා හට නොහැකිය ඒ දෙය ඇයි දෝ මා හට සිදුවන්නෙ මෙලෙසම කරුමක්කාරද මා ඒ තරමට ❤ මදූ ❤
Rasika Maduwanthi 6 years ago 246 3 1
ඔබ මගේ වෙනවනම් සත්තකින් ඒ තරම් සැනසුමක් නැ තවත් ඇත්තමයි රත්තරං ❤ මදූ ❤
Rasika Maduwanthi 6 years ago 314 3 2
කියන්නම් ද මගේ මැණික කාරනාවක් සත්තයි ඔබේ දෑස නම් භාවනාවක් ❤ ❤ මදූ ❤
Rasika Maduwanthi 6 years ago 304 2 1
අහිමි ඔබට පෙම් බැදුණා නුබ මාගේන් ඈත් උනා කවදා හෝ යලි ඒවී සිතා ඉන්නෙමි මග බලන් මෙමා
තූර්යා ඉඳුවරී 6 years ago 264 4 4
නුබගැබ අරා සෙව්වෙමි උදුල තරු කැටයක් නුඹේ නෙත් කැල්ම පරදන... මංමුලා වූ මුත් නෙක තරු අතර නුදුටිමි එවන් තරුවක්.... සත් සමුදුර තරණය කළෙමි එකදු සයුරක් සොයා නුඹේ සෙනෙහස් සමුදුර පරදන... හති වැටුණ මුත් දළනිදු අභියස නුදුටිමි එවන් සයුරක්... නේක විල්තෙර වල සැරුවෙමි එකදු පියුමක් සොයා නුඹේ මනුදම් සුවඳ පරදන.. විඩාවට පත්වූ මුත් සහසක් පියුමන් අතර නුදුටිමි එවන් පියුමක්.... ??තරූ සමනළී??
✍️Nilushi Nisansala✍️ 6 years ago 258 6 6
කළා ආදරේ මමත් නුඹහට තවත් බෑ මා රවට්ටන්නට මම නොවේ බොරු කළේ නුඹේ සිත එකවරක් නොව දෙවරක්ම පිටපිට කොතෙක් ආදරේ කළත් නුඹහට නොහැගෙනා සේ ඉන්නේ කොහොමද ? හඬා වැටෙනා විටදි පා ළඟ සිටියේ නිහඬව ගලක් දෝ සිත ? යළි නොඑම් මා දෙනෙන් අසලට අහම්බෙන් මුණගැසුනොතින් මිස දුකක් මිස තරහක් නොමැත මට හිදීනම් නුඹ සතුටේ දොරකඩ නුඹ ගියත් වෙන ලදුන් සොය සොය මට හොඳයි මගේ පුරුදු තනිකම සතුට රජයන සොඳුරු හෙටකට යළි යළිත් සුභ පතනවා මම !
✍️Nilushi Nisansala✍️ 6 years ago 277 2 1
අනියත බව වටහා ගෙන ජිවිතය ගිහි සැප හැරදා කසාවතක් දරාගෙන ලෙයින් උපන් කිරිකැටි පුතු ,ආදර ප්රිය බිරිඳ , අතැර ගියේ දුක අවසන දකින්නට අනියත බව ලෝ පවතින ,උපන් හැම සැම කෙලෙසුන් පරදා බුදුබව ලැබුව , බෝ සමීදුන් අභියස දණ නමාගෙන දහසක් පැතුම් අයදින්නේ කුමකට ද ??
✍️Nilushi Nisansala✍️ 6 years ago 328 1 2
යදී සිඟමන් ඉල්ලා ජිවිතය කුසගිනි නිමා ගන්නට කරනා වලිය අසරණ දූගී දරුවන් මහමඟ නිදිය අහස් වියන යට නිවහන මහමඟය මෙලෙස වුනේ වුන්කල වරදින් ද? භවේ කුලමල භේද කවුරුන් මැවුවාද ලොවේ මව් ,පිය සෙනෙහේ හෝ වුන් දැකලා ද නොවේ එනමුදු ගුණ ගයයි ,නැග නැග බැස රියෙන් රියේ.
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps