Nethu@27 Nisadas Count (7)
Nethu@27 4 years ago 341 0 1
ඔබේ විශ වූ රාග තුඩුන් මත්වී ඔබේ බොරු බොලද ආදර වදන් තුල සැගවී මතක අවුස්සමින් රෑ දිවා මුල්ලකට වී සගැවී වාවගනු බැරි තරම් හඩන ඔබේ පලමු පෙම්වතා අහම්බයකට මම වී.. ✍️ Nethu .
Nethu@27 4 years ago 402 1 0
ගෙත්තම් කරයි හැම රෑම සිහිනෙන් පවා රෑ ගෙවී එලි වෙන්න මොහොතක් තියා සදු හා නොකියා තරු හා තනි වුනා සීමා නැතත් ඔබට අද මම තනි වුනා ..!
Nethu@27 4 years ago 304 3 0
යලි හමුවෙමු බෑ අත්තටු බිදිලා යලි සිනාසෙන්න බෑ සිදු රළ බිදිලා යලි කතා කරනු බෑ මතක ඉහිරිලා යලි අපි හමුවෙනු බෑ නුබ මග හැරිලා.. අත්තටු බිදලා නුබ පාමුල සිගමන් යැද්දත් සිදු රළ බිදිලා නුබ පාමුල දණින් වැටුණත් යලි හමු නොවනා එකම දෙයයි හමුවේ නුබ වෙන කෙනෙකුට සින්නක්කර දුන් නිමල ආදරේ.. ✍nethu .
Nethu@27 4 years ago 319 0 0
* තනි වූ ගැහැනිය - 1( විලාපය) කූඩුව අපේ දලු ලා ආවා පමණ යි ගිවිසාගත් දෙවසර ගෙවුනා පමණ යි බිළිදිය ලෝකය දුටුවා පමණ යි කුඩුව අපේ සවිමත් කර තැනුවා පමණයි.. * තනි වූ ගැහැනිය - 2(විලාපය) මහ මැදිමය එදා බිලිදිය සමග ගෙවූ අදුර තවත් මා මනසේ දවයි තතූ දෝණිඅපේ අප්පා කොයි අහද්දී මතූ මොනවා කියන්ද හත්වලාමේ කියා දෙනූ... *ඇයගේ ප්‍රාර්ථනය - 3 හැර ගිය නුබ මා මනස අවුල් කරවා පැටියා සමග මා මේ රෑ සීතලේ තනි කරවා වෙන හිතකට උනුසුම දී මේ රැයේ උනුසුමට ම වැතිරෙත්වා නුබට තනි දැනුනොත් ඇය තනි මකත්වා .. ! මෙතෙක් මා මෙතරම් දුරක් කැටුව ආවට පින් සිදුවෙත්වා නුබේ දිවියේ නව ඇරබුම කිරියෙන් පැණියෙන් උතුරත්වා තව එකෙකුට මෙවැනි දෙයක් නොම කරත්වා නුබ නැති හෙටක් මට නැතත් මේ පැටියට ලැබෙත්වා .. ! ✍️ nethu
Nethu@27 4 years ago 295 2 0
ඉගිල්ලී සුසුම් දගකර රූ ඔබේ සොයා ඉගිල්ලෙන්ද සුසුම් හිරකර සිහින අත්තටු වෙලා හැමදාම හිත හොයන සිහිනි නුබ කවුරු කවුලු පියා දෑස් මත්තේ සිහින අත්තටු නුබදෝ .. !
Nethu@27 4 years ago 318 0 0
අඩ අඩ ගෙදරින් එලියට දුවගෙන ආපු බොරලු පාර දිගේ වැටි වැටි විදුහල වෙත පියනගපු බොරලු පාරෙදි මඩ වලකට තල්ලු කරලා දුවපු මගේ ලෝකෙ දග මල්ල නුබය කිසිදා අමතක නොවෙන .. නුබ දැන් මහත්තයෙකි මහත්මා ගති නම් නොම ගැවී වත් තිබුනු කුලියට වෙන වුන්ගේ වැඩ කරමින් අපේ කුස පුරවාපු අග හිග කම් තිබුනත් නොදැනෙන ලෙසින් අපිව වදාපු අම්මව අමතක කරේ කොහොම ද නුබ හට මෙච්චර කරාපු තුන් අවුරුද්දක් වෙන එකියක හා දීග කාපු අපේ පුන්චි පැල දාලා ඒකිගෙ ගෙදර ම බින්න බැහැපු අම්මා බලා ගන්න ඕනා නිසා තාමත් තනිකඩ මම ලියාපු මේ ලිපිය ලැබුනෝතින් හනික වරෙන් අම්මට තව මාස තුනලු ගමේ වෙදා නොවැ මට එහෙම කියාපු .. ✍️ nethu
Nethu@27 4 years ago 346 2 0
❤නිසදැසකි නුබ මගෙ ජීවිතය ලියන්නට . ගීයකි නුබ මට මගේ කතාවේ තනුව වයන්නට පවුරකි නුබ මට තවකෙකු වෙත ඉගිලී යන්නට ගිරි දුර්ගය නුබ වේ මට මෙ සසරේ නිදුකින් සැනසෙන්නට දෙවුලිය නුබ වේය මා වැනි මල් සරෙකු තනන්නට .. පතන්නම් නුබ හැම සන්සාරෙම මගේ ම වන්නනට .. ✍️ nethu
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps