Kavinda Sahan
5 years ago
326
5
7
?
සුවදැති නැවුම් කුසුමන් නුබෙ නමට පිපි
අද දෙන සතුට මා දුරකට වී විදිනා
ඒ මල් සුවද ඉහිරුනු ජීවිතේ පුරා
සුන්දර බව දකිමි ඒ මිතුදම පෙරට වඩා..
සවන් පුරා විදගත් ඒ කුරුලු ගීතිකා
පොද වැසි වැටුනු හැන්දෑවකය එදා
හිත පුරා වින්ද සතුටට නැවතුම් තියා
ඔබ හිදී මා හද සතුටු කරවලා...
වසන්තයේ වන සුපුමල් සුවද දිගේ
විලිකුන් සුරත් ඇති බටහිර අහසේ
සිතුවම් අදින සද පහතක් හැන්දෑවේ
යුගයක සැමරුම් මතකයි හද වෙලෙන්නේ..