ශශී❤️? Nisadas Count (57)
ශශී❤️? 5 years ago 310 4 6
අගුලු ලා නෙක යදම් සිරකර තැනූ මන්දිර ගරා වැටුනිද... නෙතට බර වැඩි කදුලු ඉකිබිද පබලු මිනි මුතු පැරද වූයෙද... තනුව අහිමිව වැයුනු සත්සර මියුරු පෙම් ගී ගොතනු කෙලෙසද... කතර ගිම් මැද ගෙවෙන දිවියට සතුට සිහිනෙන් වඩිනු පමණද... ශශී
ශශී❤️? 5 years ago 317 5 7
සීතල සුලග මගෙ දෙසවන් සිබිනකොට සුන්දර නිල් පලස මත පය රැදෙනකොට දසතින් ගලන මීදුම නෙත වෙලනකොට මුලු ගම සුරපුරක් ලෙස නිති දැනෙයි මට ඉපනැලි පෙමින් ඒ මේ අත වැනෙනකොට සියොතුන් පෙමින් පෙම් මදු ගී ගයනකොට ඇල දොල නිතර සිලි සිලි හඩ නගනකොට මගෙ මුලු ගමම සුන්දර යැයි හැගෙයි මට ඈතින් නැගෙන හිරු මල කදු සිබිනකොට අරුනලු කිරණ මගෙ මුලු ගත වෙලනකොට මානෙල් නෙලුම් හිරු එලියේ දිලෙනකොට ගම්මානයම සිරියාවෙන් උදම් විය ශශී
ශශී❤️? 5 years ago 405 5 6
මිලින වී ගිය රෝස කැකුලක් අයැදුවා සෙනෙහස නිතින්... කුරිරු දයිවය සරදමක් වී වෙන් කලා ඇගෙ පෙම ඇගෙන්... කියන්නට බැරි තරම් අසරන ඇගේ නිල් නෙතු දෙස බලන්... කුමක් කරනට හැකිද මා හට විමසුවා මම මගෙ හිතින්... ඇගේ ලග හිද කදුලු පිසිනට හැකිය මට දැන් ඇගෙ නෙතින්... නමුත් මට බැහැ එකතු කරනට අහිමි සෙනෙහස ඇගෙ ඉතින්... එක දෙයක් මම කියන්නම් අද මගේ නැගනිය ආදරෙන්... ජීවිතේ නුබෙ වටිනවා මට පුන්චි කෙල්ලේ සත්තකින්... ??❤️ ශශී
ශශී❤️? 5 years ago 329 4 6
සද තුහින පුරාවට හීන ලියකම් මවා දෝතින්ම ආදරේ අරන් නුබ හිනැහුනා නිදන විට මුලු ලොවම රහසේම ලන් වෙලා පෙම් සිහින ඇහරවා නොදැනීම පෙම් කලා තරු නිදන හැම රෑම මගෙ ලගින් නැවතිලා ආදරේ කතාවේ පද නිතින් හැඩ කලා ඈත කදු මුදුන් සිප ඇදෙන සුලගක් වෙලා මගේ දෙසවන පුරා නුබේ හඩ තැවරුවා සීතලට සිහිනෙන්ම නුබේ ලග ගුලිවෙලා ප්‍රේමයේ මල් පියලි එකින් එක හැඩ කලා ආදරේ දෙව්දුවත් අපේ පෙම් කවි අසා හැම බවේ අපේ සිත් අපි නමින් වෙන් කරා
ශශී❤️? 5 years ago 375 5 7
නුවන් කැල්මේ රුසිරු වත ගොත සිහිල් පින්නේ දියව යාවී සිහින් නෙතු අග රැදුනු කදුලැල් සුසුම් අරණේ සැගව යාවී දැලින් පැටලුනු සිහින මායා මිරිගුවක් වී දුරක යාවී සිතින් ගිලිහුනු ප්‍රේම කවියේ පසුවදන නුබ ලියා යාවී ශශී
ශශී❤️? 5 years ago 380 3 3
ගොම්මන් අදුරට නෙත හුරු වෙනකොට මියැදුනු මතකය අවදි උනා උනුසුම් කදුලක් කොපුල් තෙමනකොට සිත සිතුවිලි මට ගතු කිව්වා නිලබර සද තරු තනිය මකනකොට අහසට පබැදිව කවි ලිව්වා සීතල සුලගට රහස් කියනකොට නුබෙ රුව පෙනි පෙනි සැගව ගියා මීදුම මුලු රෑ දසත ගලනකොට නුපුරුදු හැගුමක් මෝදු වෙලා දෙනෙත් පියන් මම තදින් වසනකොට නුබෙ සුන්දර වත මට පෙනුනා අනේ ඉතින් මම නුබ වෙත එනකොට දහසක් සිතුවිලි හදෙහි දරා සිහිනය අතරින් ඇගෙ අත ගෙන නුබ අසුරු සැනින් රුව බොදව ගියා ශශී
ශශී❤️? 5 years ago 390 3 8
දුර තුශාරයේ සීතල පිනි බිදුවක එතිලා මන් දිවා රැයේ සිහිනෙන් නුබ සිත්තම් කෙරුවා පෙම් පුරානයේ මතකය ලග හදවත බිදලා රලු ඉඩෝරයේ ගිලිහුනු නුබ ඈතට ඇදුනා පිනි කඩා හැලේ හදවත ගිනි දලු වට කරලා නෙතු හඩා වැටේ අහිමිව ගිය නුබ සිහි කරලා නෙක පාට වලින් සේදී ගිය සිහිනෙට වැදිලා සීතල උනු කදූලු වලින් මතකය තෙමුවා යලි වසන්තයේ එක දවසක අප හමුවීලා දොඩමලු වෙමු දෙනෙත් වලින් උනුහුම සොයලා එක නිමේශයක් සැනසෙන්නට ඇසිපිය සලලා එක දවසක ඇවිත් යන්න ඇයගෙන් මිදිලා ශශී
ශශී❤️? 5 years ago 288 4 5
අහස නිලබර සදකි නුබ මට අමාවක රෑ එලිය ගෙනෙනා කතර මැද නැවතුමකි නුබ මට ගිමන් නිවනට සිසිල සදනා වෙරල සිප එන රලකි නුබ මට ලගින් නිරතුරු තනිය මකනා හුස්ම පුදදෙන ජීවිතේ නුබ විඩාබර සිත ලගින් රැදෙනා ශශී
ශශී❤️? 6 years ago 311 3 3
තනිවෙච්ච යාමයක නෙතින් ඉගිලෙන කදුල වටින බව පවසන්න නුඹට තව පුලුවන්ද දලුදාන හීන ලග ඔච්චමට හිනාවෙන නුඹේ ඒ මතකයට සමුදෙන්න පුලුවන්ද කොතන මග හැරුනාද කෙලෙස වෙන් වී ගියෙද නොදන්නා මගෙ පැසට පිලිතුරක් දෙනවාද අතීතය පුච්චන්න මතක අලු කරලන්න නුබෙ හිතට සමුදෙන්න කවදාක හැකිවේද ශශී
ශශී❤️? 6 years ago 298 2 4
හීන පොදි බැදි ජීවිතය ලග මහමෙරක් දුක තිබුනි නොඅඩුව එකින් එක පද ගොතන්නට අද අවැසි පද පෙල දුකම උනි මට හිතින් විඳවන සියක් හිත් ලග නෙතින් වැලපෙන දහක් නෙත් මැද ජීවිතේ ළඟ හීන මියදෙන සසර ගමනෙහි කෙලවරක් නැත ශශී
ශශී❤️? 6 years ago 463 4 3
නෙතු දැහැන් බිදී සිත් අහස නිදී රුව දකිනු රිසී සිත සුසුම් නැගී සිහිනයක වෙලී දුර ඈත රැදී නුඹ ලගම සිටී ප්‍රේමයද මදී ශශී
ශශී❤️? 6 years ago 308 6 6
වසත් සමයක සොදුරු සවසක නුබේ නෙත් මා නෙත ගැටුනු කල පුරුදු ලෙසකට නුබේ රුව මට සත්තමයි සසැලුනා හදවත නුහුරු නුපුරුදු හැගුම් ගොන්නක පැටලුනා මා සිත් පියුම් විල දමා යන්නට නොහැකි තරමට පෙම් කලා මන් මටත් නොදැනිම සසර මග මුනහැහුන විලසක නැවතුනා මගෙ සෙනෙහේ නුබ ලග පෙමින් සෙනෙහෙන් ගෙවී කාලය සිවුවසක් ගතවෙලා නොදැනිම ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps