ශශී❤️? Nisadas Count (57)
ශශී❤️? 5 years ago 338 6 18
මා මියගිය දිනෙක ඔන්න හැකි නම් ඔබ මෙය කරන්න එපා නෙතට කදුලු දෙන්න මන් වෙනුවෙන් නොහඩා ඉන්න... ආ ගිය තැන් සිහි කරන්න එපා මතක සිත තබන්න උනුසුම් හාදුවක් තියා ආදරයෙන් බලන් ඉන්න... මගෙ හිත මට හදාගන්න නව දිවියක් පටන් ගන්න ආසම සුදු මල් අරගෙන මගෙ සොහොනට ඇවිත් යන්න... ශශී
ශශී❤️? 5 years ago 341 5 11
නිසදැස් ඉමේ හමුවුනු පෙර අප තිදෙන සොහොයුරු පෙමින් බැදුනෙමු නොවෙනස් විලස ලොවේ නොයෙක් වත්කම් මැද මට ලැබුන වටිනම දෙයකි ඔබ දෙදෙනගෙ ඇසුර මට සසර මගදි පෙර බවයක ලග සිටිය පුරුදු ලෙසින් හදවත මට කියයි එය නුදුරු බවෙක සොහොයුරියන් ලෙසින් අප ඉපදෙමු පුරුදු ඇසුරක පෙර නිමිති ගෙන ශශී අක්කා
ශශී❤️? 5 years ago 361 6 12
හන්තාන මීදුමට සැගවිච්ච ආදරේ තාම තනි මකනවා හීනියට හිත් කොනේ පොද වැස්සෙ සීතලට දුර ගියපු මාවතේ මල් පින්න වැටෙනවා තාම පෙර දින වගේ මහවැලිය ඉවුර ලග සද පෑයු යාමයේ නුබ නැතිව නුබ එක්ක කරමි මම ආදරේ නිම්තෙරක් නොපෙනෙනා සීත කදු පාමුලේ අප පැතුම් සේදුනේ කිමද මගෙ සොදුරියේ ලස්සනට වැතිරිච්ච නෙක පාට මල් බිමේ දහස් පෙම්වත් හැගුම් රහසේම වියැකුනේ සියක් වර මල් පිපෙන වසත් සමයක අගේ විදගන්න හැකිවෙයිද නුබ එක්ක පෙර වගේ ශශී
ශශී❤️? 5 years ago 369 5 8
රෑ තාරකා මල් හිනැහෙන මේ යාමේ සද සලු පටින් සිතුවම් ඇන්දෙමි රිසි සේ පාර කියන හත්දින්නත් තරු පොකුරේ දුටුවෙමි පුරුදු නෙත් සගලක රූ සිත් සේ හදවත නැවතුනිද ලෝකය නැවතුනිද සීතල කදුලු නොදැනිම නෙත් තෙමුවේද සිරගත කරපු සිතිවිලි සිල් බින්දේද නුබෙ රුව දසුන මගෙ හදවත සසැලීද පෙර මෙන් නුබේ රුව ලග මා අසරණය වින්දේ සිතේ පිබිදුනු නුබෙ සෙනෙහසය පෙර කල පිනට මුනගැසුනත් අප දෙදෙන නැවතුම තබා යන්නට මට අවසරය ශශී
ශශී❤️? 5 years ago 365 5 15
සොදුරු මතක මැද දැනෙන හැගෙන දුක කියාගන්න මට බෑ සිතම රැගෙන නුබ ගියපු දුරක් මට අදහගන්නට බෑ ලගින් නතර උනු නුබේ සිනහ මුව සිතින් මකන්නට බෑ සිහින පුරන නුබෙ දෙනෙත් අතර මට ඉන්න අවසර නෑ ශශ
ශශී❤️? 5 years ago 379 4 6
සද වන් පිරුනු නුබෙ සුන්දර සුදු මුහුන හැබැහින් දකිනු රිසි මම තැවුනෙමි බෝම නා දලු වගේ දිලිසෙන ඔය දෙතොලතර දග කරලන්නේ කොහොමද මම මගෙ මැනික අවසග නොවන සිතිවිලි මම හදින් බදා ප්‍රේමය පතා ආවෙමි මම පෙමින් හඩා අන්සතු නුබව හැර යන්නේ කෙලෙස මෙමා පෙම් කල පවට මගෙ මැනිකේ දෙන්න සමා ඔහු ලග නතර උනු ඔය හිත මා දුටු දා සසැලුනු බව දනිමි වැඩියෙන් පෙමත් තියා ඉකිලන හැගුම් සන්සුන් කර තැවෙමි මෙමා එක බවයක් දෙනවද මට නුබව ලියා ඔහු තුරුලේම නුබ සැනසෙන හැමදාම ගිනි ගෙන දැවෙයි මගෙ හදවත හොදටෝම ඇත්තද මැනික නුබ කිව්වේ රහසේම වලලපු බවක් නුබෙ සෙනෙහස මා ගාව සුසුමක සුවද කිසි දිනයක විද නැත්තේ අවිහින්සකම රුව හැබැහින් දැක නැත්තේ පෙම් කලේ නුබත් නොඅඩුව මට හැමතිස්සේ මිහිදන් කරමු පිවිතුරු පෙම හිත අස්සේ මෙතුවක් ආ දුරත් අප හට බර හින්දා අන්සතු පෙමක් මා හට හිමි නැති හින්දා මතු බවයේ දවසක මුන ගැසෙමු සිතා නවතිමු මැනික අද මෙතනින් පෙම හන්ගා ශශී
ශශී❤️? 5 years ago 319 3 4
ලන් වෙන්න රහසින්ම හිත ගාව නැවතිලා පෙරුම් පිරු සිහිනයම දැන් සැබෑවක් වෙලා... නෑ යන්නෙ කිසිදාක නුබෙ හීන රිදවලා ලග ඉන්න හැමදාම නුබ මගේ සද වෙලා... අතැර යන්නට නොහැකි ලෙස මන් නුබේ දැහැනෙහි සිරවෙලා කියාගන්නට නොහැකි ලෙස මුව නුබේ රුව ලග ගොලු වෙලා... සිතන්නට මට නොහැකි තරමට සිතත් නුබ ලග නැවතිලා නුබේ හදවත ගැහෙන රිද්මය මගේ මුලු දිවියම වෙලා.. ශශි
ශශී❤️? 5 years ago 312 4 4
වලා යහනට මුවා වෙන සුදු සදේ රැස් අතරින් වඩිනු මැන හද යහන් මඩලට රැගෙන සද සිත්තම්... සිතේ දොරගුලු විවර කරලන සිනහ මල් මුවගින් කියනු මැන නුබෙ හදේ සැගවුනු ප්‍රේමයේ අබිමන්... සෙනෙහෙ තැවරුනු හැගුම් ඉකිලන රැයේ කෙලි තුඩගින් කුමක් ලියමිද නෙතේ දැවටෙන ආදරේ නාමෙන්... සදා නොමියෙන අපේ ප්‍රේමය සරා සද විලසින් රකිනු මැන මුලු බවෙන් බවයට අපේ පෙම් ලියකම්... ශශි
ශශී❤️? 5 years ago 323 4 6
කාල වර්ණ පිරි වලාකුලින් බර මිහිදුම් නැගෙනා රෑ යාමේ විලිබර සද ඔච්චමට හිනාවෙයි තරු කැට ගිලිහුනු ආකාසේ නේක රුවින් දිලි කනාමැදිරි එලි අදුරට පරදින තුන් යාමේ මනුසත් ගුන දම් වියැකී යයි නිති දුදනන් රජ වෙන මේ ලෝකේ... කලු සුදු පාටින් මිනිසුන් මැවෙනා මනුසත් කම් නැති මේ ලෝකේ දුදනන් රජ වෙයි සසරින් සසරට අරාජිකව මේ හැම බවයේ දෙවියන් දකිනට පව්කම් කරමින් ජීවය යදිනා රග මඩලේ ඉපදී මැරෙනා බියකරු සසරට ඇයි අපි මෙතරම් ලොබ වන්නේ... ශශී
ශශී❤️? 5 years ago 300 3 4
අහම්බෙන් මුන ගැසුනු සිත ලගින් නතර වුනු යෙහෙලියයි නුබ සොයුරියයි නුබ... හැම නිතර කියවාපු නුබෙ කතා දුර ගිහින් දුක මැදින් හිනාවුනු සිනාවන් නැත ඉතින්... හැකි නොවේ ඉවසන්න ඉක්මනින් නුබ එන්න යෙහෙලියක් බලන් ඇති නුබෙ දුකට හඩන්නට... මගෙත් ආයුශ අරන් ඉතින් නුබ හිනැහෙන්න මගෙ පුන්චි නැගනියේ ඉක්මනින් සුව වෙන්න... ??? ආදර ශශී අක්කි
ශශී❤️? 5 years ago 310 6 10
නෙතු පියන් සැලෙන විට හද ගැහෙන හඩ අසා අතීතයේ ගව් ගනන් දුරක හද තනි වුනා මියදෙනා මතක පොදි කදුලකට සිර වෙලා සත්තමයි නුබට මන් නොදැනිම පෙම් කලා... ආදරේ අරුත්බර කවිය මට මුමුනලා සිත මගෙන් ඈතකට රැගෙන නුබ දුර ගියා දැනෙන විට විරහ දුක නෙතු පියන් කෑ ගසා සොයන්නේ නුබෙ රුවයි පනම මගෙ නුබ නිසා... ලග ඉන්න පින් නැතත් දුරින් නුබ දෙස බලා සැනසෙන්න අවසරද රිදුම් නොම දෙමි සදා දකින්නට ආයෙමත් මම එන්නේ නෑ සොයා පතන්නම් මතු බවේ වෙන්න නුබ මගෙ කියා... ශශී
ශශී❤️? 5 years ago 333 7 12
නුබට පුලුවන්ද තව මා එක්ක දුර යන්න සතුට වාගෙම දුකත් එක සේම විදගන්න අඩුපාඩු වැරදි ඇති හොදින් කියලා දෙන්න ජීවිතෙ නුබෙ නමින් හැකියි පේවී ඉන්න... රන්ඩු වෙයි තරහ වෙයි නුබට වෙයි ඉවසන්න ඉකි ගසා මම හඩයි නුබට වෙයි නලවන්න හාදු වැස්සක් තියා පුලුවනිද සනසන්න හැකිද පුද දුන් සෙනේ පන වාගෙ සුරකින්න... ලදැරියක වගේ නුබ ලග ඉදන් කියවන්න උරහිසට බර වෙලා හුගක් දුර ඇවිදින්න හැකියි මට නුබ නමින් හැමදේම ඉවසන්න මට දුන්නු හිත එපා වෙන කාටවත් දෙන්න...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps