Deesha(දීෂා)❤️
5 years ago
349
4
11
නුඹේ පාමුල නොහඬා ඉන්නම් හැඟුම් මගෙ නිර්වින්දන කරන්?....
ආදරණීය ශෂී අක්කි,
දැවෙන පපුවට හැලෙන ලෝදිය
කුමට නුඹ පිසදා නෙතින්
මැරුන හදවත යළිඳු ඉපදී
මැරී නුඹ ළඟ පස් වෙයන්
තුරුළු කරගෙන සොහොයුරිය නුඹ
වේදනා මගෙ සුවකරන්
ඇවිලෙනා දුක සැනසුනා නුඹෙ
සොයුරු පෙම ළඟ සත්තකින්....
මතක පාරා කඳුළු ගැලුවට
නුඹේ පාමුල මේ නෙතින්
සමාවක් මං අයදිමී නුඹ
රිද්දවූ පාපය නමින්
දුර්ලභයි නිර්ලෝභි හදවත්
නුඹෙන් දුටුවා එය හොඳින්
බුදුන් අභියස දෙදණ නවමින්
අයැදුවේ දිවි මා නමින්....
දෑස නින්දට වෛර කරනා
නීල තරුකැට තව රවන්
සඳේ පාටට අහස කළු ඇයි
ගිගුම් ලයි සිත පැන නගන්
හැකිද හිඳිනට නුඹේ සෙවනේ
එක්වරක් මතුදා ලඟින්
නුඹේ පාමුල නොහඬා ඉන්නම්
හැඟුම් මගෙ නිර්වින්දන කරන්.....
°දීෂා නංගී️ ✍️?....