✍️Nilushi Nisansala✍️
7 years ago
293
11
1
නොඑනු යළි කිසිදා
අහස පොළොවට පෙම් කළේ නෑ
හිමිනොවන බව දත් නිසා
එහෙව්, නුඹ ළග සොයා සැනසුම
අතරමං වී ඇත මේමා....
පටන්ගත් තැන නතර කළ ගිය
පෙම් කවක ඉතිරිය ලියා
තව කොතෙක් දුර යා හැකිද? මට
දැවෙන හද සතුටින් කියා....
අදින් පසු එන තව දිනක් ගැන
හිදින්නද? පෙරමං බලා
හිමිනොවන බව දැන දැනම නුඹ
කඳුළු අතරින් හිනැහිලා.....
අපේ නොමියෙන සොදුරු මතකයේ
මගේ ආදරේ සොය සොයා
එපා යන්නට අතරමං වෙයි
මගේ හිත තුළ නුඹ සදා.....................