✍️Nilushi Nisansala✍️ 6 years ago 300 1 0
රන්වන් ලාම්පු දැල්ලෙන්
මකා අඳුර යාන්තමට
පාඩමට නෙත් යොමා
තුන්යමේ නිදිනැතුව,
පෙනේ සඳ ,තරු හොඳින්
පොල්අතු වහලයේ මැදින්
ඒ අහස දෙස නෙත් යොමන්
හෙලයි දහසක් සුසුම් කැන්,
වසිනදාට අනෝරා මහවැසි
ගැහි ගැහී ගත සීතලෙන්
දවාලයි හද වැහි දියෙන්
කඳුළු වී ගලමින් නෙතින්
දිනිදු උපදියි
යළිදු මියැදෙයි
කෙමෙන් දින සති ගෙවී යන්නේ
නොමැත සැනසුම තවම මහදේ
කෙදින මේ දුක නිමාවෙන්නේ...........