♡????????ꫝꪊ♡
3 years ago
230
2
0
ප්‍රවේශම්වන්න! කෝපි; මත් වෙන සුළුයි :|
පාර දිගේ ඇවිදන් ගියෙමි
මත් වෙච්ච මිනිසෙක් හමුවුනි
ඇල්කොහොල්?
නෑ... මට ආවෙ කෝපි සුවඳ
බර කතාවකට වැටුනෙමි
කෝපි හල වෙත ඇදුනෙමි
දෙන්නා එක්කල දුම් වළලු යන
කෝපි රස තොල ගෑවෙමි
හාහ්... ඒක නම් අමෘතයක්ම තමයි!
නොදැනීම මාත් මත් වුනි
අමෘතයක් විතරක්නම් ඇති
පුදුමයි! කෝපිවල සුපිරි බලයකි
එක් කෝපි උගුරකින්
හිතේ දුක් හැම ගිල ගනියි
: ඉතින් එච්චරද.......?
මගෙන් යොමු වූ පැනයට
මට ලැබුනෙ මෙහෙම පිළිතුරකි
'''''සුවඳ විලවුන් කඩවල
කලින් ගෑ සුවඳ මකනට
විටින් විට සිඹින්නට
දෙන්නෙත් කෝපි වල ඇට'''''
එච්චර දෙයක්! කෝපි ඇටේකින්?
පුදුමෙකුත් නැහැ ඒ ගැන
කලු තිත්ත කෝපි හැදෙන්නෙත්
සුදු සුවද මලකින් උනහම
මාත් මොනවා කරන්නද
සොබාදම් අසිරියට
ඇබ්බැහි වෙනව ඇරෙන්නට
ආයෙත් කෝපි උගුරක් තොල ගෑ'මි
'''''මේක නම් මහ පුදුමයක්'''''
ඉබේටම මට කිය වුනි
:) කෝපි රසයෙන් ආයෙ මත් වුනි!
✍︎Ishu