නවෝද්‍යා දිසානායක ?
5 years ago
294
4
3
සෙනෙහසක මහිම....
වේදනාවක් දැනෙනවා
දරාගන්නට නොහැකි මා හට......
නමුදු මතකෙට නැගෙනවා
එන්නෙ අපෙ ආදරේ සලකුණ.....
ඉවසගමි මා කෙලෙසකින්
එන්නෙ අප පුත් කුමරු මෙලෙසින්...
දස මසක් කුස හොවා මා අද
බිහිකරන්නේ පුතු අපේ..
මාගේ වේදනාවන් මැද
ඇසුනි පුතු ඔබෙ හඩ සවන් මා.....
සියලු වේදනා නැති වී
දැනුනා මුළු ලොව මගෙ කියා....
කදුළු වැටුනෙ නෙත් වලින් මා
සතුටටයි අපෙ පුතු නිසා....
ඇගෙ ලේ මගෙ කිරට හැරුනේ
මවු සෙනෙහසටයි පුතු නිසා......