තූර්යා ඉඳුවරී
6 years ago
322
6
11
??????
ලොවෙන් සැඟවී ලොවට රහසින්
ඔය ළමැදේ මට ගුලි වෙන්න....
තරු කැට විසිරුණු සොඳුරු නිශායම
හෙමිහිට ඔය තොල් සිප ගන්න...
පපුතුර ගැඹුරේ නුඹගේ නාමෙට
පූදින පෙම් හැඟමන් ගොන්න..
මසිතට රිසි සේ මුදාහරින්නට
සුදු මැණිකේ මට ඉඩ දෙන්න...
දෑඟිලි පටලා සුරතේ වෙලිලා
එනවද මා සමඟින් යන්න...
මගෙ මුවගින් ගිලිහෙන ගී ස්වරෙට
හැකිවෙද අත්වැල අල්ලන්න...
අපගේ සුන්දර ප්‍රේම පුරාවත
පදවැලකට අමුණාලන්න...
සඳවතියේ නුඹ මගෙ සිත් අහසේ
හැමදාමත් දැන් පායන්න....
??තරූ සමනළී??