437 Total Nisadas Found


චතුරංගි හර්ශිකා Nisadas Count (437)





චතුරංගි හර්ශිකා 5 years ago 248 3 4

Nisadas Image

සිතුවිල්ලක්

මහ පොළොව අහසට ප්‍රේම කර ඇත. පොල්කිච්චෙක් එය මට පැවසුවේ අද හැන්දෑවේ ය.❤

?ආදරණීය මහ පොළොව,

වලාකුළු වියන යට
අවසාන කවිය කිම
ජීවිතේ හැමදාම
කවියක් තමා පොළොව...??

ගගන සිප ගන්න ඔය
සිහින මැව්වත් දිනෙක
කදුළු පමණයි උරුම
අවසානයේ නුඹට...?

පොළොව මත ගැටි ගැටී
පොළොව සිපගත් ගගට
ආදරේ කරන්නට
පොළොව නොහිතුවෙ මන්ද...?

උරුම කළ හිමිකමට
ගතු කියන්නට වරම්
පොල් කිච්චෝ නුඹට මට
තව උරුම නැහැ නේද...?

මලානික හිත් මලට
සදාතන සුවද පොද
පුදා හිනැහෙන්න නුඹ
රිදී දිය රැලි එක්ක...?

බලා උන් හැමදේම
අහිමි නම් හැමදාම
ලැබෙන දේවල් එක්ක
හිනාවෙමු හැමදාම...?

මහ පොළොව ඔය නුඹට
ඔවා දුන්නත් මෙලෙස
මමත් ඔහොමයි ඉතින්
හිතෙන් තැවෙනවා බොහොම...?

කොහොමත් අපේ හීන
කවදාක හෝ දිනෙක
හැබෑ වෙන තුරා අපි
සොයා යමු අනන්තය...?

මම,
චතූ?❤

-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.02.00

චතුරංගි හර්ශිකා 5 years ago 321 3 6

Nisadas Image

වින්සන් වැන්ගෝගේ තරු පිරි රැය නූතනයේ ප්‍රතිනිර්මාණය වීම

-සිත්තරා සහ සමාජය-

සිතුවිලි සිතුවම් කළාම
ආදරණීය හිත්වල
උන්මත්තක අදහස්
ලෝකයක් ළග තනි වෙනවා...

සම්ප්‍රදාය වෙනස් කරපු
වැන්ගෝ පවා
උන්මත්තක ලේබලයක්
අලවගෙන මියෙනවා...

දන්නවද තරු පිරි රැය
අදටත් පුදුම වටිනාකමකින්
අගනා සිතුවමක් ලෙස
ඇගයෙනවා...

හිතේ ශෝකය
සිත්තරා පාට ඇතුළෙ
මොනවට බොද කරලා
සායමෙන් කතාවක් ලියලා තියෙනවා...

ඉරිඟු යාය උඩින්
ඉගිලෙන කපුටෝ
සිතුවම් කරපු යායම
අවසන් ගමන තීරණය කරනවා...

ආදරණීය මිනිසා
වින්සන් වැන්ගෝ
හිසට වෙඩි තියාගෙන
එහිම මියෙනවා...

කාලෙන් කාලෙට
සිත්තරා උන්මත්තකයෙක්
මිනිස්සු එකිනෙකාට
නිරන්තර කියනවා...

අධි සංවේදී
හදවත් ඇත්තටම
සාමාන්‍ය ලෝකෙට
උන්මත්තක වෙනවා...

දන්නවද තරු පිරි රැය
දිනෙන් දිනම
කාලීන ලොව තුළ
ප්‍රතිනිර්මාණය වෙනවා...

එලොව ඉදන්
නුඹ බලා ඉන්නවනම්
ඇත්තමයි වැන්ගෝ
උඹට ගොඩක් උන් දැන් ප්‍රේම කරනවා...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 275 3 7

Nisadas Image

සිතුවිල්ලක්

තාත්තා මිය ගොස් ය.
තාත්තාගේ මියගිය හදවත පුතාට අමතයි.
__________________________________________

ආදරණීය පුතේ,

නුඹේ කරපිට මාව අවසන්
ගමන් ගෙනියන ගොම්මනේ
නිරන්තර හිත ළගින් උන් පෙම
මකා හිනැහෙනු මැදියමේ...

ගැහැට දුක් විඳ වේදනාවට
සමුදෙන්න මම යන දිනේ
අම්මටත් උඹ ගිහින් කියපන්
ජීවිතේ ගැන මගෙ පුතේ...

ජීවිතේ හරි පුදුම කවියක්
නුඹත් තව දන්නෑ පුතේ
තනිකමක් නෑ මාව තනිකර
හනික පලයන් මේ බිමේ...

මගේ දෝතට නුඹව අරගෙන
නැලෙව්වා පොඩි සන්දියේ
තාම නෙතගට කදුළු උනනවා
ආදරෙයි මම මගෙ පුතේ...

වසන්තය අහවරයි කීවත්
සින්දු කියනා කොවුලනේ
හිස් අතින් ආ අපි හැමෝටම
යන්න වෙනවා මේ වගේ...

අඩි හයක් යට මාව වාගෙම
මගේ මතකෙත් වළලලා
අනාගතයට මුහුණ දීපන්
අම්මටත් හයියක් වෙලා...

එහා ලෝකේ ඇත්තො ඉන්නවා
එනතුරා මග බල බලා
පමා වෙන්නට බැහැ ඉතින් තව
මමත් යන්නම් වෙන්වෙලා...

මීට,
ආදරණීය තාත්තා
__________________________________________

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 300 2 6

Nisadas Image

අදහසක්...

ඉබ්බයි හාවයි තරගෙට දිව්ව කතාව මතකද...??සත්තු හැමෝම කිව්වේ මෝඩ හාවා ලොකු කමට නිදාගෙන ඉදලා පැරදුනා කියලනේ... කවුරුත් ඇහුවෙ නෑ හාවගෙ කතාව...?
දන්නවද...
හාවටත් කියන්න දෙයක් තියෙනවලු...
මේ බලන්න ...??

⬜ ?⬜?⬜?⬜?⬜?⬜?⬜

හැමෝම මේ කතාවේ
මටම දොස් 'කීවා'...??

මම මෝඩ ඌරෙක්
ඉබ්බා උනත් 'කීවා'...?

මගදි ගහ දැක්කා
නින්ද ඌ වෙත 'ආවා'...?

අනේ ලොකුකම හින්දා
පැරදුනා ඔය 'ඌරා'...

ඔන්න ඔය ලෙස කියමින්
සත්තු මට දොස් 'කීවා'...?

අර බුද්ධිමත් ඉබ්බා
හරි හෙමි හෙමින් 'ආවා'...

අනේ උඹ මෝඩ කාවා
නිදා වැටිලා 'නෑවා'...?

ඔක්කොම ඔහොම කීවා
මටම බැන බැන 'කෑවා'...

කවුරුත් නොදත් ඇත්තක්
මගෙ හිතේ මුර 'ගෑවා'...

අහන්නට ඔය කවුරුත්
කැමැත්තක් නැති 'වූවා'...?

ඒ නිසා නොකියා මං
තනිව දුක් ගී 'කීවා'...

දන්නවද තරගේ දා
මං බතල අලයක් 'කෑවා'...?

ඒකෙ අවුලක් හින්දා
බඩ පෙරලිලා 'ආවා'...

තරගෙ මැද්දෙම ලන්දේ
පණ නැතුව මම 'උන්නා'...

මටත් නොදැනී නින්දෙන්
මගේ ඇස් බර 'වූවා'...??

ලෙඩින් වැටිලා හින්දා
නිදා වැටිලා 'උන්නා'...

වේදනාවත් විදලා
ලෝකෙන් බැනුම් 'ඇහුවා'...?

ලෝකයා හිනැහෙද්දී
දරා උන් මම අහිංසක 'හාවා'...??

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 391 3 4

Nisadas Image

උපුටා ගැනීමකි

අන්තර්ජාලයේ සැරිසරන මොහොතක නෙත ගැටුණු ලස්සනම කවි පෙලක් මෙසේ සටහන් කර තබමි. කවියට ආදරේ කරන සැමට රස විඳිනු වස්...

මෙහි රචකයා ඉලක්ෂ ජයවර්ධන නම් වේ.


අහසකට ලස්සනම ගෑවමයි
දම් පාට...
හදත් අයිනෙන් අදිමු එය නැතිව
බැහැ රෑට...
දුවේ නුඹ දන්නවද දුරයි
හද හාවාට...
ඒ නිසා අදින්නට ඕනි නැහැ
ආවාට...

චිත්‍රයට නගද්දී එක ළගින්
ඇන්දාට....
අහස සයුරට දුරයි බර වැඩියි
මගෙ දූට...
ගගනතේ මායිමේ නුඹ ඇදපු
වවුලාට...
ළගින් තවකෙක් අදිමු තනිය හොඳ
නෑ ඌට...

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය
සංකාව...
දැන් හරිම ලස්සනයි වෙරළ ළග
හැන්දෑව...
චිත්‍රයේ නොඇද ඉමු දුවේ අපි
දෙන්නාව...
එහෙම වුණොතින් ළමයි සොයයි නුඹෙ
අම්මාව...







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps