ජිත්ම කල්හාර
6 years ago
257
7
6
මරණය
පුතේ එක දොයිතුවක්
අතේ නැති කාරියක්
ගතේ නැත වීරියක්
සිතේ ඇත මහමෙරක්.
වීදි මාවත් මාව අදුරයි
තනිව මම එහි සැරිසරයි
සිතුවෙ නැ එක වේගයයි
ගැටුනි මා ගත නිසසලයි
ගාතයක් පන නෑ අනේ
ලේ උනයි දහදිය ලෙසේ
රෝහලේ ඉදිරියෙ මෙසේ
සිටිම් ටොලියක අද මෙසේ
කවුරුවත් නෑ මාව දැක්කේ
රුදිරයෙන් නැහැ වෙන්නෙ සිත්සේ
පනත් නෑ මට වැතිර ඉන්නට
මාව අරගෙ යමං මරුනේ..
පැමිනඑක සුර දූතියක්
කනට කොදුරයි භිතියක්
සලිත වෙයි හැම නහරයක්
දැනෙයි දැං නං මර බියක්
සිටින මා වැතිරී ඇදේ
වෙලයි කිසිවක් භාහුවේ
දැනුනෙ නෑ මට රිදුනෙ නෑ
මතක මම රෝහල් ඇදෙ..
පපුව හෙමිහිට ගැහෙනවා
සිරුරෙ මස් දලු හැපෙනවා
ගතට කිසිවක් හැගෙනවා
කුමක් හරි මට පෙනෙනවා
රෝහලම හරි පාලුවයි
මා තනිව වැතිරී සිටියි
මටම පුදුමයි මාව දිස්වෙයි
මගේ සිත වෙන් වෙලා වාගෙයි