තිසරණී පාරමිතා ❤️ Nisadas Count (4)
තිසරණී පාරමිතා ❤️ 6 years ago 285 6 5
පරිසර දූෂණය අඩු වෙලා සතුන් මරණ එක අඩු වෙලා ලෝක යුද්ධ නැවතිලා ලෝකය අපට හොරෙන්ම හැඩ වෙලා ඒත් ඒ හිත් වලින් විතරයි බැදීම් මීටරයක් දුරස් වෙලා උබට ඕන නර බිලි විතර ද හිතපන් කොරෝනා ... මිනිස්සු නැතුව ලෝකේ ලස්සන වෙලා මොකටද .... දෙන්න එක අවස්ථාවක් .. මිනිස්සු වැරදි කරන එක නවත්තාවී.. බිලිගන්න එපා තවත් ජීවිත බැදීමක වටිනාකම හිතක් නැති උබට තේරෙන්නෙ නෑ... ආත්මාර්ථකාමී කොරෝනා.. තිසරණී ✍️✍️✍️
තිසරණී පාරමිතා ❤️ 6 years ago 280 4 6
සෙලෝටේප් පාරාදීසයක සැරිසරන ඇටසැකිලි රූප අනිත්‍ය ජීවිතයේ නිත්‍ය සෙවනැලි සොයමින් නූලෙන් ගිලිහුණු සරුංගල් විලස කලු සල්ලි හඹා යයි ප්‍රේමය විරාග රාගයක් ලෙස සිතා වරදෙහි හැසිරෙන්නේය අතින් සිගමන් නොයැද දිනෙක වාට්ටු වල ජීවිතය සිගමන් යදින්නේ මොවුන්ය.. තිනූ❤️
තිසරණී පාරමිතා ❤️ 6 years ago 274 8 2
නුබ ගාව දැවටෙන්න තුරුල් වී හිනැහෙන්න.. නොකිව්වට ආසයි මාත් නුබෙ ලග ඉන්න. දෑගිලි පටල ගෙන නුබේ උර මත ඉන්න එන්න එක් වරක් වත් මගෙ සෙනෙහෙ විදගන්න... තිනූ❤️❤️
තිසරණී පාරමිතා ❤️ 6 years ago 244 5 12
ගෙවී යන වප් මහේ නොසිතු සැදාවක සංසාර හුරු ලෙසින් සියොලගම වශී කර වැහි බර අම්බරේ ලිහිණියක සොයා විත් නිරාමිස ප්‍රේමයක පහස දැනුනිද නුබට.. තරු දිලෙන කලු කුහර වෙලා ගත් රැය පුරා ලොවම නිදනා රැයක පෙම් හැගුම් උතුරලා වරු ගනන් නිදි නිදි නැතුව ආල බස් කොදුරලා. මතක අමතක ද දැන් ලිහිණියට දැනෙනවා ... තිනූ❤️❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps