Dila ????
5 years ago
256
7
12
20.
එදා අප මුණ ගැසුණු පාරේ
රෝස පෙති තලලා
තවත් මල් පෙති ඉපදි ඉපදී
මැරෙනවා දැක්කා
තටු සිදව ගත් බොහෝ පෙම් කවි
උයන් කොන ගැටගසා
දැවෙන හිත් වෙත වලාකුලකින්
පිරිත් පැන් ඉස්සා
අහසෙ ඉගිලෙන ලිහිණි රෑනක්
තරුණ හිත් දැකලා
ශෝක කදුළක් තතක අමුණා
විරහ ගී කිව්වා
එකතු වෙන්නට හීන ඇමිණුව
බංකු කොන ඉඳලා
තනිව මේ කව ලියනවා මං
නුඹ නොමැති හින්දා !!