හසරැලි
2 years ago
190
1
1
සපථ වෙමි මා නුඹට...
මල් පෙත්තේ සුමුදු බව
පරදවන ඔය දෑත
මැදිකරන් අතැඟිලි වලට
කැටුව යමි මා එක්ක
දිනක් තිස්සේ අත දරන් හිටි
මල් පොකුර දැන් බරද?
ලබා දී එය මගේ දෑතට
විදාලන් නුඹෙ දෑත ගුවනට
පොඩි බරක්වත් මා නුඹට
උරුම නොකරමි කිසිදාක
දෙඅත් පැටලුණු අද දින
සපථ වෙමි මනමාලියට
ඔය උවනේ පිපි සිනහ මල්
විහිදුවයි මා හදේ සුවඳක්
අඳුරේ පෑයූ සඳකුමරි මෙන්
මගේ හදවතට නුඹ වඩින්
ගං ඉවුරේ නුඹේ දෑත ගෙන
මහ සයුර හමුවන තුරාවට
එක්ව යමු බාධා ද බිඳගෙන
එළඹෙනා හැම භවයකම...
✍️හසරැලි