Pasan Gimhana
3 years ago
400
2
1
ගුරු ගෝල පෙම..
දිනෙක ලංවුනු දිනෙක වෙන්වුනු
අකුරු අතරින් අහඹුවක් ලෙස
හදේ ගැඹුරුම තැනක ලියවුනු
ගුරු දෙවිවරු ලෙසින් නම් දැරු..
වසරකින් වෙන් වෙලා යන විට
හැගුම් මිහිදන් කරන් හිත තුළ
අලුත් දෙවිවරු වෙතට යන විට
දුකක් දැනුනේ නොසිතු විලසට..
පුංචි කෝටුව රැගෙන එන විට
නුබව පෙනුනේ මෑණි විලසට
යහමගට ගන්න අප සැම
වින්ඳ දුක් අප දැක්කා සැම විට..
වසන් කරගෙන ප්‍රේමේ අප හට
දිනන්නට ලොව පෙන්වූ මග ඔබ
දින්න දින ලොව සැවොම එකතුව
ප්‍රේමේ පෙන්නුවේ ලොවක් තරමට...