2 Total Nisadas Found


සජී Nisadas Count (2)





සජී 4 years ago 329 3 3

Nisadas Image

???? කුමුඳු මලක පෙම් ගීය ????

ඈත සිතිජයේ නුඹේ රුව මට
පිවිතුරුය දුටු සෑම මොහොතෙම
දහස් තරු මත දිලී සැනසෙන
ප්‍රේම සිත්තම මගේ හද තුළ........

අමාවක දින නැතත් නුඹෙ රුව
සොයයි මා කළු වළා ගැබ තුළ
සැඟව ඇති දැයි නුඹෙ පිළිරුව
සිතලුවක් මා හදේ යා වෙන......

ගතින් දුර නුඹෙ රූ දසුන මට
සිතින් විදිනෙමි රෑ පුරා මම
තරු නැතත් වැහි අඳුර දවසට
මම හිඳී නුඹ ලඟින් හැම දින.......

උදයේ පිපෙනා දහස් මල් තුළ
මමත් නොපිපී සැඟව යමි හැම
නුඹේ රුව දැක බලා ගන්නට
පිපෙයි නුඹගේ සඳ කිරණ මත......

දුවලා එන්නට බැරි ඉමක නුඹ
සැමදා හිනහී පායා ඇති සද
සුවඳ විහිදා පිපී මා සැඟව
උදයේ ගිලිහී වැටී යමි මම.........

නොලැබුනත් සඳ මඬලේ රැදෙනට
දිනක් නාවත් මාව බලනට
තරුට පෙම් බැඳ සැනසුනත් නුඹ
නුඹේ සෙවණේ පිපෙමි සැම දින........

සඳුට ලියමි!!!✍️

-✍️සජී✍️-







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps