Ishu Baba
5 years ago
268
8
6
පූජාවක් බදු ආදරය❤️
ආදරේ නම් රැකේවි.....
නැත්නම් හැර යාවි...
එපා කවදාවත් ....
ආදරේ නාමයෙන්...
හඬා වැටෙන්න...
පිරිමි ලග ....
කවදාවත් පිරිමි ...
දුන්නේ නැහැ කඳුලට...
වටිනාකමක්....
දන්නවද ?☝️
රාධා-ක්‍රිෂ්ණා වෙනුවෙන්....
හැමදාම පේවෙලා..
උන්නත්...
ක්‍රිෂ්ණා සැනසුනේ .....
ලක්ෂ්මිය ලඟ...
රාධා තනි උනා අවසානේ..
කලි ශිවගේ පළමු බිරිද වෙලත් ....
ශිව සැනසුනේ නැහැ...
ශිවත් දේවත්වයෙන් පිදුම් ලැබුවා....
පාර්වතියගේ තුරුලේ....
කලී දුක් වුනාට...?
කන්නගි කෝවලන්ගේ බිරිඳ වුණත්...
ඔහුත් හෙව්වා රාගයේ උණුසුම...?
මාදවිය තුරුලේ...
කන්නගිය වැලපුනාට...
කුවේණිය තම සන්තකයට......
පුදා ප්‍රේම කරලත්...
විජය සැනසූනාද කුවේණියගෙන් ....
නෑ ඔහුත් සෙව්වා..
සැනසුම....පරපුර ලගින්.....
කුවේණිය ශාප කලාට.....
පණ දෙවැනි කොට...
පතිවත රැකලත්..
රාමා සීතාව.............. විශ්වාස කළාද .... ඔප්පු කරලම පෙන්නන්න වුණා නේද....
පිරිමි රිද්දන තරමට...
ගැහැණු අඬ අඬා හිටිය නම් .....
කොහෙද අද..පතිනියක්
..කාලියක්
..සීතාවක්
..රාධාවක්
ඔව් නැගිටපන්............