නදී ..✍????
5 years ago
413
6
14
---------
කොළ පැහැයක් නොපෙනෙන මානයේ....
මහ කතරක විලාසය පෙනෙයි ඇස් ඉස්මත්තේ....
කර්කශ පොලෝ තලය මැද මිනිසා අයදියි මෙදානම්.....
දෙන්න මහ වරුසාව?️
නිවාලන්නට ඉඩෝරය.....
------------
පලාවර්ණ තුරු ගොමු
හැම මුලිනුපුටා...
දිය උල්පතක් පාසා සැම
සුන් කරලා....
තමන් නමට ලියවී ඇති
දේ ලෙසටා...
කටයුතු කරයි ඇතමෙක් අද ඊයේ
උපන් ලෙසා....
කුරිරු මිනිස් ගතියට
දඩුවම් දීලා....
අව් රශ්මියෙන් දවනව
ගත සැප නොතකා....
සොබාදම නොඉවසයි තවත් මෙදා ....
පාඩම් කියා දෙයි
හොද නොහොද කාටත්
අග මුල සිහිකරලා....
නදී..✍️