Naween Perera
5 years ago
282
3
10
නොකී පෙම
අප්රකාශිත ආදරය සුන්දරද...
තෙපල වදනට සිර වූ ආදරය
පරව යන මල් මිටක් කල්හි
එක් පසක අවුල ගිනි
දැවුන හදවතට වඩා
හදින් මවා හීන සුරකින
සුන්දරයි ලග නැති වේදනාවත්
නොකීවාට මුවින්..
හිමිකරන් රිදවන්ට නෑ හිත
බලහිදිම් මං හරි මනාපෙන්
නා දෙතොලගට නැගි සිනාවන්
දොඩන්නම් මං පෙම්බස් හදින්
හීන අතරින් උබ ලං කරන්
කාරි නෑ මගෙ නොවී උන්නට
සතුට ඇත්නම් උබෙ ලය පිරෙන්නට..
~නවියා~