චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 254 3 3
පණිවිඩයක් තියන්න මට බලන්න... ආයෙ හමු නොවුණට කමක් නෑ... උඹ හොඳින් දැයි කියන්න... එක පාරක් මුණ ගැහෙන්න... අපිට බැරිද මේ කතාව ආයෙත් ලියන්න... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 188 3 3
මෙහෙට නම් දිගටම වැස්ස උදේ හවස වෙනසක් නෑ රෑට පවා වහිනවා හරි සැරට... එහෙට කොහොමද මේ වගේම වැස්සද මිණි පුර ගංගාවල වතුර ගොඩ ගලනවද... පහළ ගග ගේ ගාවටම මේ පාරත් වතුර අරන් ආවද... දැන් පතල් යන්න බෑ නේද ගග පිටාර ගලන කොට කොහොම මැණික් හොයන්නද... කොහොමටත් මම ඒ දවස්වලත් කිව්වෙ නුඹ නොයනව නම් හොඳයි ඔය අවදානම් වැඩ වලට... කියන දෙයක් නෑහුවට ඉතිං ඔය හිතුවක්කාරකමටත් හරි ආදරෙයි මම... කොහොම උනත් මේ වහින කාලෙට ජීවිතේට ගොඩක් ප්‍රශ්න එයි නේද... මොනවා කරන්නද මටත් හරි දුකයි මුරණ්ඩු උනාට හරි අහිංසකයි නුඹ මට... තවමත් පුරුදු තැන ඉස්සර වගේ වැඩ කරන්න දැනුත් එනවද... ආයෙත් පරණ පුරුදු ඉතිං නැවතුණු තැනින් පටන් අරන්ද... ඔය මුරණ්ඩු උඹේ කන්දෙකෙන් ගලවගත්ත රස්තියාදුකාර කරාඹු දෙක පවා... තවමත් තියෙනවා මං ළග පරිස්සමට හමුවුණොතින් ආයෙ දෙන්නත් පුළුවන්... මොන දේ වුණත් හොඳින් ජීවත් වෙන්න ඒකෙන් මට නෙවෙයි උඹටමයි හොඳ... උත්සාහ කරන්න ජීවිතේ ලස්සනට පිළිවෙලක් කරගන්න දැන් වත් ටිකක්... මම හිත හදාගන්නම් උඹ ගැන හිතලා ඉස්සර වගේම හරි ආදරෙයි තාමත්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 185 5 4
හරි රස්නෙට රැස් පොළොවට අරන් එන ඉර එළියට ඇස් රිද්දන සුළං මැද මද්දහනක මම නොදනිමි ඇයිද අද මම තවමත් නතර වුණේ මතක මැද... මතකය මරා වැලලූ පසුවත් දිනෙක තවමත් මා හඹා එන්නේ නුඹ ඇයිද අහිමිව ගියපු දේවල් ලොව කොතරම් ද එක නැවතුමක් යනු අවසානය වේද... නිතරම හිතට සුසුමක් බර වූවාට නොලැබෙන දේට කුමටද තැවිලා මෙලෙස දැන් නම් මට නුඹ ඕනෑ නැහැ නේද මතකෙට එන්නෙ පුරුද්දකට වාගේද... හිත හරි අමුතු අරුමැති ජීවියෙක් වැනි ඕනෑ නැති වුවත් නුඹ ගැන අසයි නිති කොහොමත් මතක මැරුමට මට බලෙන් බැරී කාලෙත් එක්ක නුඹෙ මතකෙත් යාවි මැකී... ඉර අවරට ගොස් සද නැගෙනා යාමේ තරු කුමරියකට හිරු පෙම් බැන්දානේ එනමුත් ඉර යා යුතුමයි සද එයිනේ තරු පායන්නෙ මහ රෑටයි දුර ගගනේ... විසිරෙන හිතුවිල්ල එක තැනකට ගෙන්වා මා ළග තබා ගන්නට මම වෙහෙසෙනවා හිත මගෙ ළගින් තබලා දම්වැල් දමලා හිර කළ යුතුයි කුමටද නුඹ ගැන හිතලා... තවත් ඉතින් මට කදුලක් නැහැ සබද නැවත නොආ එක යහපත් හැමෝටම මෙහෙම ඉවර වෙන්නට මේ කතාවම සසරේ පුරුද්දට එන්නැති පතාගෙන... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 189 3 4
රෑ අහස ලස්සනම කලු පාට වූවාම... පුර පෝය දා රෑට හඳ අදින්නම ඕන... කතරක පවා හරි මග පෙන්වනා අරුම... තරු ඇන්දොතින් ගොඩක් ලස්සනයි රෑ ගගන... ගගනතට යටින් මම මහ පොළොව ඇන්දාට... හිතන්නට එපා නුඹ ළගයි කියලා ගගන... ඇස් බැන්දුමක් තමයි මේ මිනිස් ලෝකේම... තනිව එන අපි යළිත් යා යුතුයි තනියෙන් ම... පුර පෝය දා ටීච අදින්නට කිව්වාට... මම අදින් නෑ ඒකෙ පන්සලට යන මාව... කවුද කවියෙක් දුවට කිව්ව වාගේ තමයි... චිත්‍රයේ අදින්නට මටත් බෑ අම්මාව... වෙරළ ළග හැන්දෑව ලස්සනට ඇන්දාට... චිත්‍රයේ ඔවුන් දෙදෙනා ඇන්දෙ නෑ උන්ව... ළමයි සොයනා නිසා ඉතිං මගෙ අම්මාව... මමත් තාත්තයි මායි අදින් නෑ රෑ ගාව... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 197 3 4
සකුරා පිපුණු පරණ මාවත බලා සිටී දෙවෙන්දොරා නුඹ එනතුරු... අහස තරමට බලාපොරොත්තු හිත පුරාවට ගොඩගැහුවෙ නුඹමයි මිතුරු... අතරමං වුණ සමනලියකට අත්වැලක් නොවී පලා ගියේ ඇයි මෙලෙස දී කදුළු... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 204 3 4
අහස් ගඟ තරු පාරු නතර කළ නිමේෂෙක... බලා සිටි සදු ද යළි ගොඩ වැදුණු ඇසිල්ලක... නිශාවට මං කියන බකමූණු රාවයක... සොඳුරු රෑ ගීතයම දැක ගතිමි ඇසිල්ලක... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 243 2 2
2020 සැප්තැම්බර් මස 02 වෙනිදා බදාදා ප.ව.9.00 පැලක් උඩ ජීවත් වෙන්න බැරි වුණාට හේන් ගොවියෙක්ගෙ ජීවිතේ ගෙවෙන්නෙම ගහක් උඩ හදපු පැලක් උඩ... අප්පච්චි උඹත් එහෙමයි... දන්නවද අප්පච්චි උඹට මහන්සියි කියලා ඇලවෙලා ඉදපු එකම දවසක් වත් මම දැකලා නෑ... ගිනියමට ගිනිගන්න කරවෙච්ච පොළොවෙ ඉසුරු හෙව්ව උඹේ හිතේ නපුරුකමක් තිබුණෙම නෑ... වල් ඌරෙක් ඉරිගු යායම කෑවත් උඹ ඌරට බැන්නෙත් නෑ අපිව බඩගින්නෙ තිබ්බෙත් නෑ ඒ හයිය අත්වල කරගැට අපිව මේ ජීවිතේට හරි තදට බැදලා තිබ්බා... හිත රිදුන වෙලාවල් තිබුණා ඒත් ඒ කිසිම මොහොතක උඹ අපිට දුකක් දැනෙන්න දුන්නෙ නෑ... උඹේ ඔය හයිය හිතට මද්දහනෙ අහස පවා හරි ආදරෙයිලු ඒ හින්දම නොවරදවා හරි කාලෙට වැහි ගේන්න අහසත් වගබලා ගත්තා... මොන නැති බැරිකම තිබුණත් අනුන්ට අත නොපාන අමුතු ආඩම්බරකමක් උඹට තිබුණා... ඒ යකඩ හයිය අත් වලට කදුළු දැනෙන්නැති ආඩම්බර හිතට නොපෙනෙන කොණක උඹ හංගපු සෙනෙහසට මං හරි ලෝබයි අප්පච්චි... මම දන්නවා උඹේ පණ ගැහෙනකං උඹේ පුංචි උන් වෙච්චි අපි ආරක්ෂිතයි... උඹ නැතිදාකත් කෙලින් හිටගන්න මේ පිච්චෙන ගිනියම මැද්දෙ උඹ අපිට හුරු කළා අප්පච්චි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 217 2 2
2020 සැප්තැම්බර් මස 02 වැනි දා පෙ.ව.10.00 හීතල දුරුත්තට තව තුන් මාසයක් විතර ඇති... කාලයක් ගෙවුණාම උඹත් අමතක වෙලා යයි... හැමදාම එකතැන රැදිලා අඬ අඬා ඉඳලා මිනිස්සුන්ට පුරුදු නෑ... කාලය අරන් එන ලස්සන කතාවක මමත් කොටසක් වෙයි... ඒ නැතත් වෙනස්වෙන ලෝකෙ මටත් හිනා මුල්ලක් ලැබෙයි... කොහොම වෙතත් ජීවත්වෙන ටික කාලෙට ඇලීම් බැඳීම් අඩු වෙන තරමට හොඳයි... මම බලා ඉන්නවා ජීවිතේ දිහා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 209 4 4
2020 සැප්තැම්බර් 02 බදාදා ප.ව. 6.00 අකමැතිම වැඩක් රෙදි මදින එක... දාඩිය පෙරාගෙන කකුල් රිදෙනකං හිටගෙන... එපා වෙන වැඩක්... වෙනසක් කරන්න හිතලා නිර්මාණශීලී ඉස්තිරික්කයක් ගෙනත්... හත්ඉලවුවයි ඒක ඊට එහා උඹෙ මූණ දැක්කම රෙද්දෙ තියන්නත් බයයි තියනකංද කොහෙද ඔරෝගෙන ඉන්නෙ පුච්චලා දාන්න! ඔන්න ඔහේ පොඩිවෙච්චි ඇඳුම ම ඇඳගෙන යනවා... කාටවත් මොකද මං අඳින්නෙ මට ඕනි විදිහට... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 194 3 2
දකින දේට ඇතුලෙන් පෙනෙන දේ වෙනස් ඒ දේ හොයාගෙන ගිය හැමෝම දුටුව දේත් වෙනස්... එහෙම බලපු ඔක්කොම දිහා සමාජයේ අනිත් උන් බලන විදිහත් වෙනස්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 226 2 2
කුරුදු ඔය පුරුදු වතුර අරගෙන හැමදාම වැටෙනවා... කදුකරයේ හීතලට ඔය වතුරත් වෙව්ලනවා... මේ හැම තැනම සොබාදහම ජීවත් වෙනවා... ආදරණීය ගස් වැල් හරි සෙනෙහසින් මේ වතුරට තුරුළු වෙනවා... හැම ගිම්හානෙකම නොහිදෙන වතුර පොළොවට ප්‍රේම කරනවා... සමනලයෙක් වෙලා මේ ඔයබඩ ඈතට පියාඹන්න ඇත්නම්... මේ ගහක කූඩුවක් හදාන කුරුල්ලෙක් වෙලා නවතින්න ඇත්නම්... ආදරණීය අහසේ වලාකුළක් වෙලා ඔය වතුරට හිනාවෙන්න ඇත්නම්... ඈත පෙරදිග දේදුන්නක් දිගේ පාට පාට සිහින සොයා දිව යන්න ඇත්නම්... මේ සීතල ඔය වතුරෙ මාළුවෙක් වෙලා සදහටම නවතින්න ඇත්නම්... මම මගේ හීන දැකපු මගේ හීන කියපු පාරාදීසය මගේ ලස්සන නවාතැන... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 213 4 3
මොනවා ලියන්නද ලියන ලියන තැන කදුළු අකුරු කරන්න ඇත්තටම කවියො කැමතිද... කියවන කියවන තැන කදුළු දකින්න කදුළු බෙදාගන්න කියවන උන් කැමතිද... පෑනෙන් එන්නෙ තීන්ත වෙනුවට කදුළු නං කරන්නෙ මොකක්ද... ලියන්නෙ කොලයක නොවී මගෙ හිත මත නම් කාටවත් නොපෙනෙන්න මකන්නෙ කොහොමද... මටත් හැකි නම් කොලයක් අරන් පෑනක් අරන් හිනා අකුරු කරන්න... උඹ මට හමු නොවුණා නම් අපි වෙන් නොවුණා නම් මටත් තිබුණා ලස්සනට ලියන්න... මම තවමත් හොයනවා උඹ අරන් විසි කරලා ගිය මගෙ හිත... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps